Friday, 29 March 2024

ගෝඨාභය අද අනුරාධපුරයේ දී ලංකාව භාර ගනී

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය අද (18) පෙරවරුවේ අනුරාධපුර, රුවන්වැලි සෑය අබියස මහ මළුවේ දී පැවැත්වීමට නියමිත ය.

දිවුරුම් දීමට ප්‍රථම ඒ මහතා විසින් ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමට නියමිතව ඇති අතර දිවුරුම් දීමෙන් අනතුරුව රුවන්වැලි සෑය අබියස මහ මළුවේදී සිට ඒ මහතා ජාතිය ඇමතීමට නියමිතය.

ඉදිරි පස් වසර සඳහා තම පාලකයා ලෙස ශ්‍රී ලංකාවේ බහුතර ඡන්ද දායකයන් විසින් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපතිවරයා ලෙස පසුගිය දා පැවති ජනාධිපතිවරණයේ දී තෝරා පත්කරගනු ලැබ ඇත. එහිදී ඡන්ද හැටනව ලක්ෂ විසිහතරදහස් දෙසිය පනස් පහක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ 52.25 % ප්‍රතිශතයක් ලබාගැනීමට සමත් විය. ඊළඟ සමීපතම තරගකරුවා වූ සජිත් ප්‍රේමදාස, ඡන්ද පනස් පන් ලක්ෂ හැට හතරදහස් දෙසිය තිස් නවයක් ලබා ගනිමින් සියයට 41.99 % ප්‍රතිශතයක් හිමිකර ගනු ලැබීය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂව වැඩි ඡන්ද දහතුන් ලක්ෂ හැටදහස් දහසයකින් ලාංකේය ඡන්ද දායකයන් විසින් ජයග්‍රහණය කරවනු ලැබ තිබේ.

වම් ඉවුරේ වෙබ් නාදය