Saturday, 17 April 2021

අත්අඩංගුවට ගත් උදයංගට බන්ධනාගාරයෙන් රෝහලට මාරුවක්!

අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති  උදයංග වීරතුංග මහතා  17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (14) නියෝග කළේය. ඒ අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ උදයංග මහතා එදින රාත්‍රියේ ම බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්තේ පපුවේ වේදනාවක් හටගත් නිසා බව වාර්තා වේ.

උදයංග වීරතුංග මහතා ඊයේ (14) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේ කටුනායක ගුවන් තොටුපළේ දී ය.  මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස සැළකෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඊයේ අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය සඳහන් කළේ ය. 

වම් ඉවුරේ වෙබ් නාදය