පසුගිය දිනවල සිදුවෙන දුම්රිය ප්‍රමාදය සිදුවන්නේ දුම්රිය ආරක්ෂක හමුදාව දුම්රිය පරීක්ෂාව සඳහා ගමන් කරන බැවින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී අකටයුතුකම් සිදුකිරීමට දුම්රිය රියදුරන්ට ඇති බාධාව නිසා බව විමල් වීරවංශ අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ. මේ සම්බන්ධයෙන් තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් හෙට ( මාර්තු 5) දින කැඳවා ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා අප කළ විමසීමේ දී සඳහන් කළේ ය.
විමල් වීරවංශ ඇමැතිවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් විමසීමට අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතාවද සම්බන්ධ කරගත් අතර ඔහු එහිදී පවසා සිටියේ අදාළ ප්‍රකාශය සත්‍යයක් බවට විමල් වීරවංශ මහතා සාකෂ්‍ය ඉදිරිපත් කළ යුතු බවයි. එසේ නොවන්නේ නම් ඔහු වගකීම් විරහිත ප්‍රකාශ කරන්නෙකු ලෙස තමන් සලකන බවත් එවැනි ප්‍රකාශවලට තම විරෝධය පළ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශයක් නිකුත් කර දුම්රිය ප්‍රමාදයට හේතු වන තාක්ෂණික කාරණාද පැහැදිලි කළ බවත් ලේකම්වරයා ඇත්ත වෙබ් අඩවියට පවසා සිටියේ ය.
-සඳුන් ප්‍රියංකර විතානගේ