- සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ
කොවිඩ් 19 වයිරසය පැතිර යන ආකාරය අනුව ඉදිරියේ දී ගත යුතු තවත් ආරක්ෂක පියවර වේ නම් ඒවා ගැනීමට සූදානම් බවත් එම වයිරසය මෙරටට ද පැමිණිය හොත් නගර වසාදැමීම, ගමනා ගමන කටයුතු සීමා කිරීම වැනි පියවරයන් ගැනීමට සිදුවන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ය. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී නව වැනි දා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
විදේශ රටවල සිට ලංකාවට පැමිණෙන ශ්‍රීලාංකිකයන්ගෙන් ලංකාවට පැමිණි පසු දින 14ක් යන තුරු සිය නිවෙස්වලම රැඳී සිටින්නැයි ද ඉල්ලීමක් කළේ ය. ඉතාලිය, චීනය, දකුණු කොරියාව වැනි රටවල සිට පැමිණෙන්නන් නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම නතර නොකොට ඇතැයි ද ඒ මහතා පැවසී ය. වෛරසයෙන් සිදුවන අනර්ථයන් වළක්වා ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටින බැවින් නිරෝධායන කටයුතු මෙන්ම සෞඛ්‍ය අංශවලින් ගන්නා පියවර වෙනුවෙන් සහය දෙන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ජාසිංහ මහතා කීවේ ය.