චීනයේ ශංහයි ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳ පර්යේෂණ ආයතනයේ Liu Zongyi
2022, චීනය සහ ශ්‍රී ලංකාව සහල් රබර් ගිවිසුම අත්සන් කිරීමේ 70වැනි සාංවත්සරික වසරයි. සහල් රබර් ගිවිසුම පිළිබඳ ඉතිහාසය සහ එහි ජීවගුණය යළි සිහිපත් කිරීමෙන්, නව යුගයේ චීන-ශ්‍රී ලංකා ‘අවංක අන්‍යෝන්‍ය සහය සහ පරම්පරා ගණනාවක මිත්‍රත්වය සපිරි උපායමාර්ගික හවුල්කාරිත්ව සබඳතාව’ට නව ප්‍රාණයක් සැපයෙනු ඇත. එසේම එමගින්, චීන-ශ්‍රී ලංකා ‘පොදු ඉරණමක් සහිත ප්‍රජාවේ’ප්රගමනයටත් තිරසර ශක්තියක් හිමිවනු ඇත.
1949 දී නව චීනය පිහිටුවීමෙන් පසු, ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් නව චීනයට "ආර්ථික අවහිරයක්" පැනවූ අතර, කොමියුනිස්ට් රටවලට අපනයනය සඳහා වන සම්බන්ධීකරණ කමිටුව විසින් රබර් ඇතුළු වැදගත් උපායමාර්ගික ද්‍රව්‍ය එම සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කරන ලදි. 1950 දී කොරියානු යුද්ධය ආරම්භ වීමෙන් පසු, චීනයට රබර් අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හදිසියේ අවශ්‍ය වුවද ඇමරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවා චීනයට එරෙහිව පූර්ණ රබර් සම්බාධකයක් පැනවීය. ඇමරිකාව රබර් අපනයනය සීමා කළ අතර, චීනය ඇතුළු අනෙකුත් සමාජවාදී රටවලට සම්බාධක පනවන මෙන් ශ්‍රී ලංකාවෙන් සහ අනෙකුත් රබර් නිපදවන රටවලින් ඉල්ලා සිටියේය. ඒ අතරම, ඇමරිකාව විසින්ම කෘත්‍රිම රබර් කර්මාන්තය ප්‍රබල ලෙස දියුණු කෙරුණු අතර, ලෝක රබර් වෙළඳපොළ අත්පත් කරගැනීම සඳහා කෘත්‍රිම රබර් විශාල ප්‍රමාණයක් භාවිත කරන ලෙස,දේශීය රබර් නිෂ්පාදන කර්මාන්තයට බලකෙරිණ.
1951 ජූලි මාසයේ කොරියානු යුද්ධය පිළිබඳ සටන් විරාම සාකච්ඡා ආරම්භ වීමෙන් පසුව, ඇමරිකාවේ යුද්ධය හේතුවෙන් රබර් සඳහා පැවති ඉල්ලුම අඩු විය. එකල පැවති ආර්ථික අර්බුදය නිසා යුරෝපීය ධනවාදී රටවල රබර් සඳහා ඇති ඉල්ලුමේ දැඩි පහත වැටීමක් දක්නට ලැබුණි. ජාත්‍යන්තර රබර් වෙළඳපොළේ සැපයුම අධික වූ අතර, මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබිණ. මෙමගින් ශ්‍රී ලංකාව ඇතුළු රබර් නිෂ්පාදන රටවල් විශාල ආර්ථික අලාභයකට මුහුණ පෑවේය. බොහෝ රබර් වතු ද අතහැර දමනු ලැබීය. ශ්‍රී ලංකාවේ රබර් කිරි කැපීමේ නිරත කම්කරුවෝ ලක්ෂ තුනක පිරිසක් විරැකියාවට මුහුණ දී සිටියහ. වඩාත් බරපතල අභියෝගයක් වූයේ 1952 දී ශ්‍රී ලංකාව දැඩි නියඟයකට ගොදුරු වීමෙන් සහල් අස්වැන්න පහත වැටීමයි. ඒ වනවිට, ලෝකයේ ප්‍රධාන සහල් අපනයන කලාපය වන අග්නිදිග ආසියාවේ සහල් නිෂ්පාදනය ද විශාල ලෙස පහත වැටී තිබීම නිසා, ජාත්‍යන්තර වෙළඳපොළේ සහල් මිල ඉහළ ගොස් තිබිණ. මේ තත්ත්වය මත, ශ්‍රී ලංකාව ආහාර අර්බුදයකට මුහුණ දුන්නේය. මෙහිදී ශ්‍රී ලංකා රජය ආධාර පතා ඇමරිකාව දෙසට යොමු විය. නමුත් ඇමරිකාව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ රබර් අඩු මිලට මිලදී ගන්නා අතර ඒ සමඟම ජාත්‍යන්තර වෙළඳපොළේ මිලටත් වඩා වැඩි මිලකට ශ්‍රී ලංකාවට සහල් ලබා දෙන බවයි. එසේම, ණය ලබාදීම ද ප්‍රතික්ෂේප කෙරිණ.
මෙම තත්ත්වය යටතේ සහල් සඳහා රබර් හුවමාරු කිරීමේ වෙළඳාමක් වර්ධනයට උත්සාහ කරමින් ශ්‍රී ලංකා රජය චීනය හා සම්බන්ධ වීමට පටන් ගත්තේය. චීන රජය ඊට සක්‍රියව ප්‍රතිචාර දැක්වීය. එවක චීන අග්‍රාමාත්‍ය චෞ එන්ලයි මහතාගේ උපදෙස් මත, චීනය හා ශ්‍රී ලංකාව 1952 වසරේ ඔක්තෝබර් 4 වැනිදා ‘චීන-ලංකා වෙළඳ ගිවිසුම’සහ ‘චීන මහජන සමූහාණ්ඩු රජයෙන් සහල් ටොන් 80000ක් ලංකා රජයට අලෙවි කිරීමේ කොන්ත්‍රාත්තුව’ට අත්සන් තැබීය. ඉන් පසු චීනයෙන් සහල් ලංකාවට යවා පැවති ආහාර අර්බුදය සමනය කෙරිණ. එම වසරේ දෙසැම්බර් 18 වෙනිදා චීනය හා ශ්‍රී ලංකාව ඉතිහාසයේ "සහල් රබර් ගිවිසුම" ලෙස හඳුන්වනු ලබන, පළමු වසර 5ක් තිස්සේ "සහල් හා රබර් පිළිබඳ පස් අවුරුදු වෙළඳ ගිවිසුම"ට බෙයිජිංහිදී අත්සන් තැබීය. එම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව වසරකට රබර් ටොන් 50000ක් චීනයට අලෙවි කළ යුතු අතර, චීනය සහල් ටොන් ලක්ෂ 2.7ක් ශ්‍රී ලංකාවට අලෙවි කළ යුතු විය. දෙරටේ රජයන් වසර පහක සහල් රබර් ගිවිසුම් හයකට අත්සන් තැබූ අතර, එය චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමෙන් පසු 1982 වසර දක්වා පැවතිණ.
"සහල් රබර් ගිවිසුම" චීනය හා ශ්‍රී ලංකාව යන දෙරටම අසීරුතාවන්ට මුහුණ පෑ යුගයක ජයග්‍රාහී සහයෝගීතාවේ ප්රතිඵලයකි. එමගින් ශ්‍රී ලංකාවට ස්ථාවර සහල් සැපයුමක් සහ රබර් සඳහා ස්ථාවර වෙළඳපොළක් නිර්මාණය කෙරිණ. එක් අතකින් ශ්‍රී ලංකාවේ රබර් කිරි කැපීමේ කම්කරුවන්ගේ රැකියා සහතික කොට, මූල්‍ය හිඟයේ ගැටලුව විසඳා ගනු ලැබීය. අනෙක් අතට, සාධාරණ කොන්දේසි යටතේ, චීනය දේශීය වශයෙන් ඉතා හිඟ ව පැවති රබර් සම්පත් ලබා ගත්තේය. සහල් රබර් ගිවිසුම යනු නව චීනය සහ සමාජවාදී නොවන රටක් අතර අත්සන් තැබුණු පළමු රාජ්‍ය මට්ටමේ වෙළඳ ගිවිසුම වීම ද විශේෂත්වයකි. එය නව චීනය හා එතෙක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර නොගත් මෙන්ම අසමාන පාලන තන්ත්ර ඇති රටවල් අතර රාජ්‍ය වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට පුරෝගාමී වූ සිද්ධියයි. එය වැදගත් වන්නේ, එමගින් චීනය රබර් ලබා ගැනීම නිසා පමණක් නොව, නිසැකවම එය ඇමරිකාවේ "ආර්ථික අවහිරය හා සම්බාධක" බිඳ දැමීමක් ද වූ නිසාය. එසේම, එය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර නොගත් රටවල් සමඟ වෙළඳාම පුළුල් කිරීම සඳහා ආදර්ශයකි.
1952 දී දෙරට ‘සහල් රබර් ගිවිසුම’අත්සන් කළ දා සිට වර්තමානය දක්වාම එහි ජීව ගුණය චීන-ශ්‍රී ලංකා සබඳතාවන්හි සුරැකී පවතී. පළමුව, දෙරටම එකිනෙකාට ගරු කරන අතර අන්‍යෝන්‍ය වශයෙන් සමානව සලකයි. දෘෂ්ටිවාද මුල් කර ගනිමින් කිසිදු වෙනස්කොට සැලකීමක් සිදුනොවේ. ජාත්‍යන්තර, කලාපීය සහ එකිනෙකාගේ වැදගත් අවශ්‍යතා හා සැලකිලි සම්බන්ධ කරුණු පිළිබඳව මනා සන්නිවේදනයක් හා සහයෝගයක් පවතී. චීනය හා ශ්‍රී ලංකාව එකිනෙකාට සහාය වී, සහයෝගයෙන් එකට බැඳී, එක්ව දුෂ්කරතා ජයගෙන පොදු ජයග්‍රහණ උදෙසා වන ප්රයත්නයන්හි නිරතව සිටී. මානව හිමිකම් ගැටලුවේදී චීනය සෑමවිටම ශ්‍රී ලංකාවට ස්ථිර ලෙස සහාය දක්වන අතර, ජාත්‍යන්තර අවස්ථා රැසකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හඬ නැගීය. චීනයේ තායිවානය, ටිබෙටය, ෂින්ජියං, මානව හිමිකම් හා නව කොරොනා වෛරසයේ ආරම්භය සෙවීම පිළිබඳ කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිරතුරුවම චීනයට ස්ථිරසාර සහයෝගයක් ලබා දෙයි. දෙවනුව, චීන රජය සෑමවිටම ශ්‍රී ලංකාව සමඟ බැඳී සිටින්නේ, ධර්මිෂ්ඨත්වය මිස ප්රතිලාභ මුල් කර ගනිමින් නොවේ. ‘සහල් රබර් ගිවිසුම’අනුව, චීනය ජාත්‍යන්තර වෙළඳපොළේ මිලකට ශ්‍රී ලංකාවට සහල් අලෙවි කළ අතර ජාත්‍යන්තර වෙළඳපොළට වඩා 5-8% වැඩි මිලකට ශ්‍රී ලංකාවේ රබර් ආනයනය කළේය. වසර තුනක අසීරු කාලයේ චීනයට ආහාර හිඟයක් ඇති වූ අවස්ථාවලදී, ශ්‍රී ලංකාව සමඟ ඇති කර ගත් ගිවිසුම ඉටු කිරීම සඳහා මියැන්මාරයෙන් සහල් ආනයනය කළේය. අලාභයක් විඳ හෝ තම ප්‍රතිඥාව ඉටු කිරීම චීනයේ මිත්‍ර ප්‍රතිපත්තියේ ස්වභාවයයි.
වර්තමානයේ, සහල් රබර් ගිවිසුමේ සාධනීය දැක්ම, චීනය හා ශ්‍රී ලංකාව අතර ‘එක් තීරයක් එක් මාවතක්’මුලපිරීමේ සහයෝගීතාවයෙන් තවදුරටත් පිළිබිඹු වේ. කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි ප්‍රධාන ව්‍යාපෘති ඉදිකිරීම් මගින් ශ්‍රී ලංකාව සමඟ ‘එක් තීරයක් එක් මාවතක්’පොදු සංවර්ධනය අධි ගුණාත්මක භාවයෙන් ඉදිරියට ගෙන යමින් පශ්චාත් වසංගත යුගයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සාක්ෂාත් කරමින් තිරසර සමාජ සංවර්ධනය සඳහා ප්‍රබල ශක්තියක් සපයනු ඇතැයි චීනය බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකා රජය මේ සඳහා සක්‍රියව සහයෝගය දක්වයි.
චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයට අකමැති මෙන්ම, දෙරට එක්ව ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය දියුණුව සඳහා‘එක් තීරයක් එක් මාවතක්’ගොඩනගනු දැකීමට අකමැති ඇතැම් පිරිස් ජාත්‍යන්තර ප්‍රජාව තුළ සිටිති. ඔවුන්‘එක් තීරයක් එක් මාවතක්’ අපකීර්තියට පත් කිරීම සඳහා ‘ණය උගුල’වැනි යෙදුම් භාවිත කර තිබේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන මතභේද අවුලුවාලීම සහ චීන-ශ්‍රී ලංකා සහයෝගීතාවට බාධා කිරීම සඳහා ඔවුන් ඇතැම් විරුද්ධ බලවේග පෝෂණය කර ඇත. චීනය හා ශ්‍රී ලංකාව එම ගැටලු නිසි ලෙස විසඳිය යුතු අතර සැඟවුණු අරමුණු ඇති පුද්ගලයන්ට කිසිදු ඉඩක් නොදිය යුතුය. දෙපාර්ශ්වයේම පොදු උත්සාහයෙන් චීන-ශ්‍රී ලංකා සබඳතා නව ඓතිහාසික තත්ත්ව යටතේ, නව ජවයක් විහිදුවමින් දෙරටට මෙන්ම ජනතාවට අනාගත සුබසෙත නිසැකව උදාකරනු ඇතැයි තරයේ විශ්වාස කෙරේ.
චීනයේ ශංහයි පර්යේෂණ ආයතනයේ, චීන-දකුණු ආසියානු සහයෝගීතා පර්යේෂණ මධ්‍යස්ථානයේ මහලේකම් Liu Zongyi විසිනි.