Saturday, 17 April 2021

EDITORIAL

ඇමෙරිකාව සහ ”ඉන්දු-පැසිපික් සංකල්පය” ”ඒෂියා-පැසිපික්” සංකල්පය ජාත්‍යන්තර දේශපාලනයට හඳුන්වාදෙනු ලැබුවේ හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරැුක් ඔබාමා විසිනි. වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් එම සංකල්පය වඩාත් නිශ්චිත කොට ඉදිරිපත් කරනු ලැබුවේ ”ඒෂියා-පැසිපික්” යන යෙදුමට ආදේශයක් වශයෙනි. ආදේශයක් වුව ද ඔහුගේ අරමුණ වූයේ දකුණු ආසියාව නැත්නම් ඉන්දියානු සාගරය එම ඒෂියා-පැසිපික් කලාපයට අයත් බව නිශ්චිතව පැහැදිලි කිරීම ය. චීනයට එරෙහිව ඉන්දියාව තම සගයෙකු බවට පත්කර ගැනීමේ යටි අරමුණ ඇතිව ය. ඇමෙරිකානු අධිරාජ්‍යවාදය ආරම්භයේ සිටම, ලොව පුරා කඳවුරු පිහිටුවීමත්, ක්‍ෂණික ප‍්‍රහාරක බලකායන් යෙදවීමත්, තෝරාගත් නිශ්චිත ප‍්‍රදේශ තම ”කේන්ද්‍රීය අවශ්‍යතාවයන් සඳහා වූ කලාප” වශයෙන් ප‍්‍රකාශයට පත්කිරීම ඇමෙරිකානු ජනාධිපතිවරුන් මුලසිටම අනුගමනය කළ පිළිවෙතකි. 1980 ජනවාරිවලදී ජනාධිපති ජිම් කාටර් මැද පෙරදිග එවැනි කලාපයක් බවට නිල ප‍්‍රකාශයක් කළේ ය. ඉරාකය ආක‍්‍රමණය කරනු ලැබුවේ 2001 දී වුව ද එය ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් සිදුකළ ආක‍්‍රමණයක් වුව ද එවැනි ආක‍්‍රමණයකට අවශ්‍ය අරම්භක පියවර ගත්තේ ජිමී කාටර්ගේ ප‍්‍රකාශයෙනි. මුළු මැදපෙරදිගම යුද්ධ කලාපයක් බවට පත්වූයේ ජෝර්ජ් බුෂ්, බැරැුක් ඔබාමා සහ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ කාලයේ වුව ද ඒ සඳහා වූ අවශ්‍ය පියවර ගනු ලැබුවේ ජිමී කාටර් විසින් බව අප තේරුම් ගත යුතු ය. මෙය ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ උපාය මාර්ගයට අනුකූලව ගනු ලැබූ සහ ගනු ලබන පියවර බව තේරුම් ගත යුතු ය. බැරැුක් ඔබාමා ඒෂියා පැසිපික් සංකල්පය හඳුන්වා දුන්නේ ද නැගී එන ආසියානු ආර්ථිකය සහ චීනයේ වේගවත් සංවර්ධනයන් සලකා බලමිනි. චීන-ඉන්දියා ප‍්‍රතිවිරෝධතාවයන් සැලකිල්ලට ගනිමින්, ඩොනල්ඞ් ට‍්‍රම්ප් එම ඒෂියා-පැසිපික් සංකල්පය වෙනුවට ඉන්දු පැසිපික් සංකල්පය ආදේශ කරනු ලැබූ බව අප තේරුම් ගත යුතු ය. ලෝක බලතුලනය ඇමෙරිකාවට අවාසි වන ලෙස වෙනස් වීමට ප‍්‍රධාන වශයෙන් බලපෑ සාධකය වූයේ උතුරු ආසියාව, නැගෙනහිර ආසියාව, අග්නිදිග ආසියාව එකම සංවර්ධිත කලාපයක් බවට පත්වීම සහ එය ලෝක ආර්ථීකයේ පෙර ගමන්කරු බවට පත්වීම හේතු කොට ගෙන, පසුගාමී තත්ත්වයේ සිටින දකුණු ආසියාව ඇමෙරිකානු කක්ෂය තුළ රඳවා තබා ගැනීමේ ඉන්දු-පැසිපික් සංකල්පය ඉදිරිපත් කිරීම තම යටි අරමුණ බව පැහැදිලි ය. වේගයෙන් වෙනස් වන්නා වූ ලෝක ආර්ථික රටාව සහ ලෝක ආර්ථික බලතුනය හමුවේ, නිදහස් ස්වෛරීය රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම, බලපෑම් එල්ල කිරීම, මෙන් ම රුචි නොවන ආණ්ඩු වෙනස් කිරීම, අවශ්‍ය වන්නේ නම් ආක‍්‍රමණ කිරීම සඳහා මෙම බලපෑම් කලාප ඇතිකිරීම ඇමෙරිකානු විදේශ සහ ආරක්ෂක ප‍්‍රතිපත්තියේ වුවමනාවයි. ආර්ථික වශයෙන් සූක්ෂම ලෙස එම රටවලට බලපෑම් කිරීම ද තවත් උවමනාවකි. අක්සා (්ක්‍ී්* සෝපා (ීධත්‍්* මිලේනියම් (ඵඵක්‍* ආදී ගුප්ත සියුම් රහස්‍ය ගිවිසුම් තුළින් ආධාර සැපයීමේ නවතම ඇමෙරිකානු අධිරාජ්‍යවාදී උපක‍්‍රමයි. චීනය විසින් දියත්කර ඇති, ”නව සේද මාවත ව්‍යාපෘතිය” ආසියානු යටිතල පහසුකම් සහ සංවර්ධන බැංකුව (්ග ෂග ෂග ඊ* සහ නැගී එන ආර්ථිකයින් සඳහා වූ නව බි‍්‍රක්ස් බැංකුව” (භෘඊ* ලෝක ආර්ථිකයට විශේෂයෙන් ම සංවර්ධනය වන රටවලට මහත් අස්වැසිල්ලක් වී තිබේ. මෙය ඇමෙරිකාවට ඉවසා දරා ගන්නට බැරි අභියෝගයකි. 1945 ස්ථාපිත ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා සංවර්ධනය වන රටවල් ඇමෙරිකානු කක්ෂය තුළ රඳවා තබා ගත්ත ද විකල්ප ව්‍යාපෘති හේතු කොට ගෙන තම බලය, බලපෑම සීඝ‍්‍ර ලෙස ක්‍ෂය වෙමින් පවතී. චීනයේ අනුග‍්‍රහය ලැබෙන නව ආර්ථික ව්‍යාපෘති නව සංවර්ධන බැංකු හරහා, නව නිදහස් රටවල්වල ආර්ථිකයන් සවිගැන්වී ඇති බව දැන් යථාර්ථයකි. යටිතල පහසුකම් සංවර්ධනය වීම, මානව සම්පත් සංවර්ධනය, නව ජීවනෝපා මාර්ග ඇතිවීම, නිෂ්පාදනය සහ ඵලදායිතාවය වැඩිවීම ලබා ඇති ජයග‍්‍රහණයන් ය. අක්සා, සෝපා, මිලේනියම් ගිවිසුම් දෙස බැලිය යුත්තේ, අධිරාජ්‍යවිරෝධී කෝණයකින් ය. ජනතාවෙදී කෝණයකින් ය. ජාතික ස්වාධීනත්වය, පරමාධිපත්‍යය, ජාතික සංවර්ධනය, නොබැඳි ප‍්‍රතිපත්තිය, මත පිහිටා කි‍්‍රයා කළ යුතු ය. එක්සත් ජාතික පක්ෂය මෙම අනතුර නොදකින්නේ, එහි පක්ෂ නායකත්වය බටහිර කොන්සර්වේටිව් දක්ෂිණාංශික බලපෑම්වල සිර කරනු ලැබ ඇති හෙයිනි. මැද පෙරදිගට නොහොත් බටහිර ආසියාවට සිදු කළ විනාශය, දකුණු ආසියාවට සිදුවීම වළක්වාලීම සියලූ දේශපාලන පක්ෂවල වගකීමයි.

වම් ඉවුරේ වෙබ් නාදය