Monday, 01 June 2020

අද වන විට ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 පුපුරා යාම මානව වර්ගයාගේ සෞඛ්‍යයට මෙන්ම ලෝක සාමය හා සංවර්ධනය යන දෙකටම ඇති හදිසි හා බරපතල අභියෝගයක් බව චීන - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. 

මෙම පෙර නොවූ විරූ තත්ත්වය හමුවේ, ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම, ජාතික සංවර්ධනය ප්‍රවර්ධනය සහ ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම පිළිබඳ බැරෑරුම් වගකීම පැවරී ඇති  විවිධ රටවල ප්රධාන දේශපාලන පක්ෂ ලෙස අපගේ ඒකාබද්ධ ආයාචනය  මෙසේ නිකුත් කරන බව එහි සඳහන් ය.

එම ප්‍රකාශනයෙන් පහත කරුණු අවධාරණය කර ඇත.

  • I. කොවිඩ්-19 හි වේදනාවෙන් හා ජීවිත තර්ජනයට ලක්ව සිටින අය මෙන්ම, ජීවිත අහිමිවීමේ වියෝ දුකින් පෙළෙන පවුල්වල හැඟීම් ගැඹුරින් අපි බෙදා ගනිමු. ජීවිත බේරා ගැනීමට සහ ජනතාවගේ සෞඛ්යය ආරක්ෂා කිරීමට කැපවී සිටින සියලුම ජනතාවට, විශේෂයෙන් සෞඛ්ය සේවකයින්ට අපගේ ඉහළම ගෞරවය පුද කරමු. 

  • II. කොවිඩ් -19 පුපුරා යාම කඩිනමින් පාලනය කළ නොහැකි නම්, එය මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාව සහ සෞඛ්යයට වඩා විශාල හානියක් සිදු කරන බවත්, ආර්ථික හා සමාජ සංවර්ධනය කෙරෙහි මෙන්ම ජාත්යන්තර හුවමාරු සහ සහයෝගීතාවයට දැඩි බලපෑමක් ඇති කරන බවත් අපි අවබෝධකරගෙන ඇත්තෙමු. ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සෞඛ්ය අන් සියල්ලටම වඩා ඉහළින් තබා වසංගතය පැතිරීම නැවැත්වීමට අධිෂ්ඨාන සහගත හා බලවත් පියවර ගන්නා ලෙස අපි සියලු රටවලින් ඉල්ලා සිටිමු.

  • III. වසංගතය තවදුරටත් ව්යාප්ත වීම සහ රෝගීන්ට ප්රතිකාර කිරීම පිළිබඳව සමාන අවධානයක් යොමු කරමින්, සිය විශේෂිත ජාතික තත්වයන් සැලකිල්ලට ගනිමින් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා හදිසි සැලසුම් සහ උපාය මාර්ග සකස් කිරීමට අපි රටවල් දිරිමත් කරමු. මේ අතර, හොඳම ප්රතිපල සහතික කිරීම සඳහා නවීන විද්යාව හා තාක්ෂණය හැකි ඉක්මනින් පූර්ණ ලෙස යොදා ගත යුතුය.

  • IV. සමාජ වගකීම් පිළිබඳ නිසි හැඟීමකින් යුතුව වසංගත වැළැක්වීම සහ අවම කිරීමේ පියවරයන්ට අනුකූල වන ලෙස අපි සියලු රටවල ජනතාවගෙන් ඉල්ලා සිටිමු. වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සියලු සමාජ අංශවල බලය මුදා හැරීමේ අරමුණින් සිවිල් සමාජ සංවිධානවල සහ ස්වේච්ඡා සේවකයන්ගේ ශක්තිය මුළුමනින්ම යොදාගැනීමට අපි රටවල් දිරිමත් කරමු.

  • V. වසංගත පාලනය සඳහා උත්සාහයන් කැප කරන අතරම, ආර්ථික හා සමාජ සංවර්ධනය සහතික කිරීම සඳහා ඒකාබද්ධ ප්රවේශයක් ගැනීමටත්, ජනතාවගේ ජීවන තත්වයන් සහ සමාජ ප්රගතිය කෙරෙහි කැපවී ක්රියාකිරීමටත් අපි සියලු රටවල් දිරිමත් කරමු. ලෝක සෞඛ්ය  සංවිධානයේ නිර්දේශයන්ට අනුව, සුදුසු මට්ටමේ ජාත්යන්තර හුවමාරුවීම්, ලොව පුරා වෙළඳාම, ප්රාග්ධනය සහ පිරිස් ගලා ඒම පවත්වා ගැනීමටත්, වසංගතය පාලනය කිරීම සඳහා ඉක්මනින්ම අවශ්යව ඇති වෛද්ය උපකරණ හා ආරක්ෂිත ද්රව්ය ප්රවාහනය  කරගැනීමත් සඳහා රටවල්  දිරිගන්වනු ලැබේ. 

  • VI. වෛරසය කිසිදු දේශ සීමාවකට ගරු නොකරන අතර, කිසිදු රටකට තනිවම මෙම වසංගතයේ   අභියෝගයට මුහුණ දිය නොහැකි බවත් අපි දනිමු. මානව සංහතිය  සඳහා පොදු අනාගතයක් සහිත පොදු ප්රජාවක් පිළිබඳ රටවල් ඔවුන්ගේ දැනුම්වත්භාවය වැඩි දියුණු කළ යුතු අතර අතර වඩා දුෂ්කර තත්වයන් පැනනඟින විට ඊටත් වඩා ක්රියාශීලී ආකාරයකින් එකිනෙකාට අන්යෝන්ය සහයෝගය ලබා දිය යුතුය. සමීප ජාත්යන්තර සහයෝගීතාවයෙන් මානව වර්ගයාගේ පොදු සතුරා වන වෛරසය පරාජය කිරීමට අපට හැකිවනු ඇත.

  • VII. චීනය සහ තවත් සමහර රටවල් වසංගත වැළැක්වීමේ සහ පාලනය කිරීමේදී ලබා ඇති සැලකිය යුතු ප්රගතිය අපේ සැලකිල්ලට ලක්වියයුතු අතර, එමඟින් ජාත්යන්තර ප්රජාවට අත්දැකීම් ලබා දී ඇත. වසංගතය පිලිබඳ තොරතුරු ප්රමාදයකින් තොරව හෙළිදරව් කරමින්, වසංගත ප්රතිචාරය සහ රෝගීන්ට ප්රතිකාර කිරීම පිළිබඳ අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා විවෘත, විනිවිද පෙනෙන සහ වගකිවයුතු ආකල්පයක් අනුගමනය කිරීම හා පීඩාවට ලක්ව ඇති අනෙකුත් රටවලට හැකි උපරිම අකාරයෙන් වෛද්යමය හා අනෙකුත් අවශ්ය දෑ සැපයීම පිළිබඳව චීනය ඇතුළු රටවලට අපි බෙහෙවින් ප්රශංසා කරන්නෙමු. මේවා වසංගතයට එරෙහි ගෝලීය සටනට විශාල දායකත්වයක් සපයන අතර සටන ජය ගැනීම සඳහා රටවල්වල බලාපොරොත්තුව සහ විශ්වාසය ඉහළ නැංවීමට ආධාර වනු ඇත.

  • VIII. මෙම වසංගතය පාලනය කිරීම සඳහා අත්දැකීම් සහ වෛද්ය විද්යාත්මක සහයෝගීතාව බෙදාහදා ගනිමින් විශේෂයෙන් ඖෂධ සහ එන්නත් නිෂ්පාදනය සඳහා ඒකාබද්ධ පර්යේෂණ කටයුතු සඳහා අපි රටවල් දිරිමත් කරමු. සංවර්ධනය වෙමින් පවතින රටවලට සහ අවශ්යතාවයන්  ඇති රටවලට ද්රව්යමය, තාක්ෂණික හා වෙනත් ආධාර ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිමු. සහයෝගීතාවයේ හිරු එළිය විසින් වසංගතයේ අන්ධකාරය විසුරුවා හරිමු.

  • IX. වසංගත වැළැක්වීමේ පියවර සහ වෛරසයේ සම්භවය වැනි කරුණු පිළිබඳව විද්යාව පදනම් කරගත් වෘත්තීය සාකච්ඡාවක් සඳහා අපි පෙනී සිටිමු. වසංගත පාලනය කිරීමේ නාමයෙන් මහජන සෞඛ්ය ගැටළු දේශපාලනීකරණය කිරීමට සහ වෙනත් රටවල් අපකීර්තියට පත් කිරීමට අපි තදින්ම විරුද්ධ වෙමු. වසංගතය පාලනය කිරීම සඳහා රටවල් අතර සහයෝගය අඩපණ වීමට හේතුවන අකාරයෙන් ඕනෑම රටකට, කලාපයකට හෝ ජනවාර්ගික කණ්ඩායමකට එරෙහි සියලු වෙනස් කොට සැලකීම් සහ භාවිතයන්ට එරෙහිව අපි දැඩිව පෙනී සිටිමු.

  • X. සාකච්ඡාව හා සහයෝගීතාවය තුළින් පොදු වර්ධනයක් අත්කර ගැනීමේ ගෝලීය පාලන දැක්ම තවදුරටත් වර්ධනය කිරීම සහ ගෝලීය මහජන සෞඛ්ය මෙහෙයවීමෙහිලා එක්සත් ජාතීන්ගේ හා ලෝක සෞඛ්ය සංවිධානයේ මූලික කාර්යභාරයට සහයෝගය දැක්වීමේ අවශ්යතාවය වසංගතය විසින් සියලු රටවලට පෙන්වා දී ඇති බව අපගේ අදහසයි. පොදු මහජන සෞඛ්යයක් සහිත ගෝලීය ප්රජාවක් බිහිකරගැනීම සඳහා ජී - 20 හා වෙනත් අන්තර්ජාතික යාන්ත්රණ හරහා සම්බන්ධීකරනය සහ සහයෝගීතාවය වර්ධනය කරනලෙස අපි ඉල්ලා සිටිමු.

ලෝකයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ලෙස ජනතාවට මගපෙන්වීමේ නියුතු අප, මෙවැනි අසාමාන්‍ය අවස්ථාවක, සමීප සන්නිවේදනයකින් යුතුව ක්‍රියා කරමින් වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය දේශපාලන ජවය ලබාදීමට ක්‍රියා කරමු. සෑම කුණාටුවකටම පසු හිරු පායන්නා සේ, වත්මන් දුෂ්කරතා තාවකාලික බව අපේ දැඩි විශ්වාසයයි. ජාත්යන්තර ප්‍රජාව විසින් විද්‍යාත්මක ප්‍රවේශයක් ගනිමින් විශ්වාසයෙන් හා අධිෂ්ටානයෙන් යුතුව ක්‍රියා කරනවිට අවසන් ජයග්‍රහණය හිමිවන්නේ අපටයි.

මෙම වසංගතයෙන් පසු මානව සංහතිය පොදු අනාගතයක් සහිත ගෝලීය ප්‍රජාවක් ලෙස වඩාත් ශක්තිමත්ව මතුවනු ඇත්තේ දීප්තිමත් අනාගතයක් සහිතවයි.

 

 

Blog Right Add

Popular Tags

වම් ඉවුරේ වෙබ් නාදය