Monday, 01 June 2020

කැලණිය විශ්වවිද්‍යාලය තුළ මතු වී ඇති සී.සී.ටි.වි කැමරා ගැටලුව පිළිබඳවත් විශ්වවිද්‍යාලය හිංසනයෙන් තොර අවකාශයක් බවට පත් කරගැනීමේ වැදගත්කම පිළිබඳවත් කැලණිය විශ්වවිද්‍යාලයේ නවක විද්‍යාර්ථීන් දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකාවක් ඉකුත් බ්‍රහස්පතින්දා, එනම් මාර්තු 12 වැනි දින නාඳුනන සාමූහිකය නම් සංවිධානයක් විසින් බෙදා හැර ඇත.

පෙම් හසුනක ස්වරූපයක් ගත් මෙම අත්පත්‍රිකාවේ මූලික අරමුණක් වූයේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මෙන්ම ඉන් පරිබාහිර සමස්ත සමාජයේ ද පවත්නා ගැටලුකාරී තත්ත්වයන් කෙරෙහි නවක විද්‍යාර්ථින් සවිඥානික කිරීමයි.

එම අත්පත්‍රිකා ස්වරූපයේ පෙම් හසුන පහතින් දැක්වේ.

“ආදරණීය අනන්‍යා ඔයාට,

ඔයාට මතකද අපි දෙන්නම ඉස් ඉස්සෙල්ලාම සීසීටීවි එක දැක්ක දවස? කැමරායි සින්නොයි ගොඩක් අය අපි දිහා බලං ඉන්නෙ. ඉඳගද්දි, කද්දි, බොද්දි, අපි දෙන්න එකට ඉද්දිත්, මතකද එදා? අපිට කිස් එකක්වත් දෙන්න බැරි උණේ කාගේ බැල්ම නිසා ද? ඇත්තටම කාගෙ බැල්ම නිසා ද? මට සුපුන් අයියා නම් කිව්වේ සීසීටීවි ආවෙ අප්‍රේල් බෝම්බෙන් පස්සෙ කියලා.

එක අතකට ඔයා නැති උනොත් සීසීටීවි එකෙන් හරි හොයාගන්න පුලුවන්නෙ. හැබැයි රන්ජන් අයිය නම් කිව්වට රෙකෝඩින් වලින් හැම එකක්ම හොයාගන්න පුලුවන් කියලා. ඒත් අර ලැප් එක නැති උන හැටි සීසීටීවීවල රෙකෝඞ් වෙලා නෑනෙ. එතකොට ඒකෙන් කියවෙන්නෙ මේවා ශිෂ්‍යයන්ගේ ආරක්ෂාවට තියෙන ඒවා නෙමේ කියල ද? මහීල් මට නුවර බස් එකේදි නම් කිව්වෙ කවුරු කවුරුත්, ඒ කියන්නෙ ඔය සොක්කොයි ලොක්කොයි එකතු වෙලා තමයි පාස්කුවලට කලින් ඉඳන්ම සීසීටීවි හයි කරන වැඩේ පටන් ගත්තේ කියලා.

මිහිර පත්තරේ දවසක් දාල තිබ්බ ජෙරම් බෙන්තම්ගෙ කතාවක්. ඒකෙ තිබ්බ කතාව ඇත්ත කියලා දැන් හිතෙනවා. ඒකේ පැනොප්ටිකන් කියල තැනක් ගැන රූපෙකුත් එක්ක පැහැදිලි කරල තිබ්බා.

ඔය තියෙන්නෙ සිරකරුවන්ව රඳවල තිබ්බ තැනක පින්තූරයක්.

ඔය මැද තියෙන කුළුණෙ ඉඳන් වටේම තියෙන කුටි දිහා බලන්න පුලුවන්. ඒ කුළුණෙ කවුරුත් හිටියත් නැතත් කුටිවල ඉන්න සිරකරුවන් හිතන්නෙ කවුරු හරි තමන් දිහා බලන් ඉන්නවා කියලා. හරියට අපිව කොහෙන් හරි පාලනය වෙනව වගේ. දැන් මේ සීසීටීවි හින්දා අපිටත් දැනෙන්නෙ ඔය කුටිවල ඉන්න අයට වගේමයි. දැන් අපි දිහා බලං අපිව පාලනය කරන්න හදන්නේ සීසීටීවි විතර ද?

නෑනෙ.. ඔය සීසීටීවි ඇඩ්මින් එකයි, සින්නොයි අපිව ආරක්ෂා කරන්න කොච්චර නම් අපි දිහා බලං ඉන්නව ද? විශේෂයෙන්ම කෙල්ලන්ව.

ඔය ඔක්කොම අය බලං ඉඳල නැති කරන්නෙ අපිට ආදරෙන් හුස්ම ගන්න තියෙන ඉඩකඩ නේද? ඔය බෙන්තම්ගේ පැනොප්ටිකන් එකෙ තියෙන බැල්මෙන් කරනවා වගේ පාලනයක්, ඒකියන්නෙ මේක අපිව නිකන් රොබෝල කරන අරගලයක් ද?

මේ පැනොප්ටිකන් කතාව වගේම අපිව ගල් ගස්සන තවත් දේවල් මේකෙ තියෙනව කියල තේරුණේ ලිලිපුට්ටො සෙට් එකක් දවසක් අපිට බෙදපු කොළ කෑල්ලක් නිසයි. මේ පල්ලෙහා තියෙන්නෙ ඒ පණිවිඩේ.

‘කැම්පස් එකට ආ ඔයාලගේ නිදහස

සී සී ක ඩ වි සි ර ල

විනාස කරනවට

කැමති නෑ නේද?

ඔයාලගේ ෆැශන්වලට බැමි ගහනවට කැමති නෑ නේද?

අසැබි වචනින් බනිමින් කරන මානසික හිංසනයට කැමති නෑ නේද?

විශ්වවිද්‍යාල පරිපාලනය හෝ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් හෝ ශිෂ්‍ය සංගමයක පිරිසක් හෝ කවුරු හෝ වේවා ඔයාලට කරන හිංසනයට

පීඩනයට විරුද්ධ වෙන්න.

බැමි ගසා ගැට ගහන්න හදන ඔයාලගේ අත්තටු මුදාලන්නට එඩිතර වෙන්න.

ඒ බැමි කඩාදමන්න, බැමි ඉස්සරහ බය නොවන්න.

ඔයාලට අත්තටු තියෙනවා, පියාඹන්න.

ලොකු කුඩා භේද නැතුව ප්‍රේමයේ සමානාත්මතාවය වෙනුවෙන් හඩ අවදිකරන්න.

නිදහස් ආදරයේ අධ්‍යාපනය වෙනුවෙන් පියඹන්නට බය නොවන්න.

ලිලිපුට්ටන් වගයක් එවපු පණිවිඬේ අලුතින් එන අයටත් හම්බුනාම එයාලත් බැමි වලින් ගැට ගහල තියෙන අත්තටු ලිහන්න උත්සහ කරයි. ඒ බැමි ප්‍රශ්න කරයි. කාගෙවත් තග් සීන්වලට, බලපෑම්වලට යට වෙන් නැතුව මනුෂ්‍යත්වයේ අත්තටු දිගහැරල හුස්මගන්න තියෙන ඉඩහසර වෙනුවෙන් පියඹන්න එයාලටත් පුළුවන් වෙයි.’

මීට

කැලණි කන්දේ ෆූකෝ ”

 

වයි. එල්. චන්ද්‍රදාස


ඉන්දු පැසිපික් කලාපය තුළ ඉතා වැදගත් ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මෑතක දී පවසා ඇත. දියාගෝ - ගාසියාවෙන් ඉවත් වීමට නියමිත ඔවුන්ට ශ්‍රී ලංකාව ඕනෑකර තිබේ.

වෙනත් ගිවිසුම්වලට වඩා MCC ගිවිසුම ගැන ඇමරිකානු තානාපතිවරිය, රාජ්‍ය ලේකම්වරිය හා ආයතන විසින් ගන්නා ලද අසාමාන්‍ය උත්සාහය එනම්, මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඇතුළු බෞද්ධ බලවේග නායකයන් ඇතුළු අනෙකුත් ආගමික කණ්ඩායම්, උතුරේ පක්ෂ හා බෙදුම්වාදී බලවේග, විපක්ෂ බලවේග, පොහොට්ටු නායකයින් හඹායාම පිටුපස රටට සිදුවිය හැකි අනර්ථය වටහාගත හැකිය.

යහපාලන ආණ්ඩුව බිඳවැටී මහින්ද රාජපක්ෂ අගමැති වූ 2018 ආණ්ඩු පෙරළියේ දී ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේග තානාපති කාර්යාල නැවත රනිල්ගේ ආණ්ඩුව ස්ථාපිත කිරීම සඳහා අතපෙවූ නග්න, රාජ්‍ය තාන්ත්‍රික නොවන ක්‍රියා කලාපය MCC ඉලක්ක කරගෙන සිදුකළ කපටි ක්‍රියාදාමයකි.

ඇමරිකානු ගැති ආසියා කලාපයේ කොන්සවැටිව් නායක රනිල්ගේ ආණ්ඩු කාලය තුළ MCC ගිවිසුම කැබිනට් අනුමැතිය පවා ලබාගෙන ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සැකකටයුතු ක්‍රියාවකි.

ලෝක බැංකු උපදෙස් හා විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති නිසා භයානක ණය උගුලක සිරකර ඇති ශ්‍රී ලංකාවට MCC මගින් ඇ.ඩො. මිලියන 480ක ප්‍රදානයක් මගින් ‘ඇම’ ගිල්ලවීමට තැත්කිරීම අහිතකර බලපෑමක මූලාරම්භයකි.

ඕනෑම ගිවිසුමකින් අන්‍යෙන්‍ය වාසිදායක තත්ත්වයක් සියලු පාර්ශ්වයන්ට ලැබිය යුතු වීම, පාර්ශ්වයන්ගේ අනන්‍යතාවයට හා ස්වාධීනත්වයට හානි සිදු නොවීම, ශක්‍යතා අධ්‍යයනයකින් පසු ගිවිසුමට එළඹීම, සමාලෝචන කාලයකින් පසු අවශ්‍ය නම් ගිවිසුමෙන් ඉවත්වීම, ඒ සඳහා නම්‍යශීලී පටිපාටියක් යෝජනා කර තිබීම පිළිගත් සම්ප්‍රදාය වුවත් MCC හි මෙකී පියවර ගුප්ත මායාකාරී ස්වභාවයක් පෙන්නුම් කරයි.

ඇමරිකාව ඇතුළු බටහිර රටවල ආර්ථිකය, වෙළදාම, නිෂ්පාදනය යුද හවුල් හා විදේශ සබඳතා බිඳවැටෙමින් අවපාතයක් කරා පැහැදිලිව ගමන් කරමින් සිටින වකවානුවක ඔවුන්ගේ බල ව්‍යාපෘතිවලට අනුබල දී කැන්දා ගැනීම අදූරදර්ශී අනුවණ ක්‍රියාවකි.

දියුණුවන ආර්ථිකයක් සහිත ආසියානු කලාපයට ස්ථාවරව ඇතුළුවීමට මර්මස්ථාන නතුකර ගැනීමේ ජාතික උපක්‍රමික අවශ්‍යතාවයන් ඇමරිකාවට ඇත. ආසියා පැසිපික් කලාපයේ නිදහස් වෙළඳාමට - නව චීන සේදමාවතට අපේ ප්‍රති අපනයන ව්‍යාපෘතිවලට, සංචාරක ව්‍යාපාරයට බලවත් තර්ජන එල්ල වීම නොවැළැක්විය හැකිය. ඇමරිකානු ජාතික උවමනාවන් සපුරා ගැනීමට රටක සෛවරීත්වය, දේශ සීමා, අන්තර්ජාතික නීති බලපාන්නේ නැත. ඒවා නොසලකා රටක්, පුද්ගලයන් හා ස්ථාන ආක්‍රමණය කළ හැකි සාමාන්‍ය වටපිටාවක් පවතින තත්ත්වයක MCC ගිවිසුමෙන් ‘බින්න බස්සවා” ගැනීම වඳුරාට දැලි පිහිය දීමක් බඳුය.

ශ්‍රී ලංකාව තිස් අවුරුදු යුද්ධයකින් ඔත්පල වූ රටකි. රටේ බෙදුම්වාදයට බටහිර ආශිර්වාදය ඍජු ලෙස එදා ලැබුණ අතර දැනුදු ජිනීවා මානව හිමිකම් උලුප්පා අත පොවමින් සිටී. දෙමළ ඩයස්පෝරාවේ අභිලාෂයන් සමඟ ඇමරිකානු සමපාතයක් පවතී. මේ නිසා MCC ගිවිසුම තුළින් දෙමළ ඩයස් පෝරාවට රට අවුල් කිරීමට නීතිමය ඉඩ ප්‍රස්ථා විවෘතවනවා ඇත. මේ වන විට රටේ බිහිසුණු මට්ටමින් සැලසුම් කළ මුස්ලිම් අන්තවාදයක් යටපත් වෙමින් පවතී. මේ පිළිබඳ ජාතික මුස්ලිම් නායකයින්ගේ ප්‍රතිචාරය පක්ෂ, පාට නොබලා එක්ව එකට සිටිමින් ප්‍රදර්ශනය කළහ. මැදපෙරදිග අස්ථාවර කිරීමේ ඇමරිකානු උපාය මාර්ගයේ පැහැදිලි සාධකයක් ලෙස මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීම දක්නට ලැබේ. MCC හරහා ඊනියා අන්තවාදීන් ඔඩු දුවනවා ඇත.

MCC සමඟ එල්ලා ඇති ඇ.ඩො. මිලියන 480ක කැරට් අලය නිසා අප රටේ ජාතික සංවර්ධන සැලසුම්, තිරසර සංවර්ධන මාවත, රටේ ඉඩම්, ඛනිජ සම්පත්, වරාය හා ගුවන්තොටුපලවල් හි කාර්ය භාරය පරාදීන වනවා ඇත. න්‍යෂ්ටික බලවතකුට MCC හරහා නවාතැන් දීමෙන් යුදමය තර්ජනයකට ද න්‍යෂ්ටික අනතුරකට ද රට ගොදුරු වීමට ඉඩකඩ වැඩිය. 

ලතින් ඇමරිකානු, අප්‍රිකානු හා මැද පෙරදිග රටවල ක්‍රියාත්මක කළ ඊනියා MCC ගිවිසුම් නිසා එම රටවල් බොහොමයක් සිවිල් යුද්ධවලට, අස්ථාවරභාවයට, දෙකඩ වීමට ගොදුරු වී ශෝචනීය සමාජ ආර්ථික දේශපාලනික පරිසර මතුවී ඇත.

වෙනිසියුලානු ජනපතිවරණයෙන් පැහැදිලිව ජයග්‍රහණය කළ නිකොලස් මදුරෝට එරෙහිව මැතිවරණයට පවා ඉදිරිපත් නොවූ විපක්ෂ නායකයා රටේ ජනපති වශයෙන් ඇමරිකාව පිළිගෙන ප්‍රකාශයට පත් කළ අතර රුසියානු ආරක්ෂක ගිවිසුම නිසා රූකඩ ආණ්ඩු අටවා ගැනීම වැළකුණත් සම්බාධක පැනවී ත්‍රස්ත ක්‍රියා උත්සන්න වෙමින් පවතී. MCC හරහා මේ පාඩම් අප රටේත් වලංගු කළ යුතු ද?

ඇෆ්ගනිස්ථානයේ පවතින්නේ ඇමරිකා හිතවාදී පාලනයකි. MCC එහිද ක්‍රියාත්මක වන අතර දිනපතා ඇමරිකා විරෝධී ත්‍රස්ත ක්‍රියා නිසා දහස් ගණන් සිවිල් ජීවිත හා දේපළ විනාශ වේ. ඉරාකයේ ද මෙවැනිම තත්ත්වයකි. ඇමරිකන් හිතවාදී ඉරාක ආණ්ඩුව ඇමරිකානු හමුදාවන්ට ඉරාකයෙන් පිටවන ලෙස නියෝග කර ඇතත් ඔවුන් එයට අවනත නැත. ඉරාක ආණ්ඩුව ගෙන්වාගත් ඉරාන හමුදාපති ඇමරිකාව විසින් ඩ්‍රෝන යානා මගින් ඝාතනය කරන ලදි. එයට ප්‍රතික්‍රියා දැක්වුව හොත් ඉරාන මර්මස්ථාන 14ක් විනාශ කරන බවට ඇමරිකාව අභියෝග කළේ ය. මෙලෙස ලෝක ත්‍රස්තවාදයේ කෙලිබිමක් වීමට MCC බලපාන්නේ නැද්ද විමසිය යුතුය.

සිරියාවේ නිත්‍යානුකූල රජය (බජීර් පාලනය) පෙරලා දමන්නට මුස්ලිම් අන්තවාදයට උදව් කර පසුව එය අයිඑස්අයිඑස් නමින් ලෝකයටම තර්ජනයක්ව පවතී. මේ උපක්‍රම හරහා යුරෝපා ජාතීන් ‘නේටෝව’ තුළ ගාල්කර තබා ගැනීමට, රසායනික අවි අත්හදා බැලීමට හා තුර්කිය අස්ථාවර කරන්නට ගන්නා උත්සාහයක් තවමත් නිමා වී නැත. යුක්රේනය කුමන්ත්‍රණවලින් හෙම්බත්ව සිටී. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය. යුද වියදම් දැරිය නොහැකිව නේටෝව කනස්සල්ලෙන් සිටී.

ලෝකයේ දුගී රටවල්වලට පැනලා උදව් කරන ඇමරිකාව එවැනි රටවල් බොහොමයක් අස්ථාවර කර ඇත. ලිබියාව, හොන්ඩුරාස්, හයිටි, යේමන, සෝමාලියා ඒ සඳහා නිදසුන් ය. යුනෙස්කෝවෙන්, කෙයාර් සංවිධානයෙන් ඇමරිකාව ඉවත් ව ඇත. පැරිස්, මැඩ්රීඩ් පරිසර ගිවිසුම්වලින් ද ඉවත්ව සිටී, මානව හිමිකම් උලුප්පවා වෙනත් රටවලට බලපෑම් කරයි. මිලිටරි මැදිහත්වීම් කරයි.

ඇමරිකාව ද නිදහස් පලස්තීනය නොපිලිගන්නා රටවල්වලින් එකකි. නැගෙනහරි යෙරුසලම ඊශ්‍රායල අගනුවර බවට පිළිගෙන ගිනි අවුළුවාලී ය. ඊශ්‍රායල් - පලස්තීන යුද අපරාධවල නිර්මාතෘ ඇමරිකාවයි. කෑම්ප් ඩේවිඩ් ගිවිසුම නොසලකා පලස්තීන ජනතාව පාවාදෙමින් මහා විනාශයක් සිදු කරමින් සිටී. ඇමරිකාව ගිවිසුම්ගතව රටකට ඇතුළු වූ පසු ‘චණ්ඩියෙකු’ සේ හැසිරෙයි. මේ භයානක තත්ත්වයට වගකියන්නේ කවුද?

කොළඹ - ත්‍රිකුණාමලය ඉඩම් අක්කර ලක්ෂ 12ක කොරිඩෝව තුළ අපේ සම්පත්, වැව් අමුණු, ගංගා ඇළදොළ පුරා විද්‍යා ස්ථාන, ඛනිජ ද්‍රව්‍ය, වගාබිම් ඇමරිකානු බලපෑමට යටත් වේ. මෙම ආර්ථික කලාපයට ඇමරිකානු ගර්හිත කර්මාන්ත, න්‍යෂ්ටික හා ඉලෙක්ට්‍රෝන අපද්‍රව්‍ය සහිත කර්මාන්ත ජෛව රසායන අවි කර්මාන්ත පැමිණිය හැකිය. අපේ තිරසර සංවර්ධන ප්‍රතිප්ති උපාය මාර්ග මුළුමනින්ම බිඳ වැටේ. ගිවිසුමට යටත් කලාපවල ඇමරිකානු නීති ආයතන බලගැන්වෙන බැවින් ශ්‍රී ලාංකිකයින් උපන් බිමේම වහලුන් සිරකරුවන් බවට පත්වේ. මෙම ගිවිසුම තුළින් අප රට ලේ විලක් බවට පත්වීම වැළැක්විය නොහැකිය. MCC හා බැඳුණු වෙනත් රටවල් ද ජීවිත හා ලේවලින් වන්දි ගෙවමින් සිටී. අප රටේ අහිංසක ජනතාව එවැනි ඉරණමකට තල්ලු කිරීම හෙන ගහන අපරාධයකි.

වයි. එල්. චන්ද්‍රදාස - ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ගාල්ල දිසා සභාපති

MCC ගිවිසුම පිළිබඳ මහජන අදහස් විමසීමේ ජනාධිපති කොමිෂන් සභාවට ආයතන 14ක අත්සන් සහිතව ඉදිරිපත් කෙරුණු ලියවිල්ලකින් උපුටා ගැනුණි.

ලොව නවීනම ඩිජිටල් ප්‍රචාරණ ක්‍රමය තුළ නිෂ්පාදකයාත්, අලෙවිකරුවාත්, පාරිභෝගිකයාත් යන පාර්ශව තුනට එකම තැනකදී එක ලෙස වාසි සහ ලාභ ලැබිය ක්‍රමවේදයක් හඳුන්වාදීමට ශ්‍රී ලාංකීය සමාගමකට හැකියාව ලැබීමත් එය නියාමන ව්‍යාපෘතියක සිට ව්‍යාපාරයක් දක්වා වර්ධනය කොට වසර 5කට අධික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් පවත්වාගෙන යමින් ව්‍යාපාරික සහ පාරිභෝගික යන පාර්ශව දෙකේම ජනතාවට ශක්තියක් වීමත් සමාජ මෙහෙවරකි.

යාපාර ලෝකය තුළ අද වඩාත් කාර්යයක්ෂම, පහසු, ලාභදායීම මෙන්ම ඵලදායීම අලෙවිකරණ සහ ගනුදෙනුකරණ මාධ්‍යය අන්තර්ජාලය බවට පත්ව අවසන්ය. ඒ අන්කිසිවක් නිසා නොව ගතවන සෑම තත්පරයකටත් වඩා අඩු කාලයකයදී අන්තර්ජාලයට එක්වන අන්තර්ජාල පරිශීලිකයින්ගේ ප්‍රමාණයේ ඉහළ යෑම හේතුවෙනි.

 

 

අද මේ මොහොත වන විට ලොව අන්තර්ජාලය භාවිතා කරන පිරිස (Internet Users) 4,470,094,000 ඉක්මවා ගොස් ඇත. එය ප්‍රතිශතයක් ලෙස ලෝක ජනගහණයෙන් 57%කට වැඩි ප්‍රතිශතයකි. 2016 වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය භාවිත කරන පිරිස 6,087,164 කි. එය ප්‍රතිශතාත්මක අගයක් ලෙස ගත් කළ 29.3%කි. මෙය ගත වන සෑම තත්පර 37කට වරක්ම ඉහළ යමින් පවතී.

මෙලෙස ලොව සෑම තත්පරයකටත් අඩු කාල සීමාවකදී ඉහළ යමින් පවතින අන්තර්ජාල පරිශීලීකයින් (Users) භාවිතා කරන්නේ අන්තර්ජාලයේ ඇති ඉඩ  හෙවත් වෙබ් අවකාශය (Space) යි. මෙය අප නොදන්නා කෙනෙකුට පැහැදිලි කිරීමට සරල උපමාවකින් කියනවා නම් අන්තර්ජාල අවකාශය (ඉඩ) මහ පොළවේ ඇති ඉඩම්වලට ආදේශ කළ හැකි වුවත් මහපොලොවේ සහ අන්තර්ජාලයේ ඉඩ අතර ඇත්තේ අහසට පොළව මෙන් වෙනස් තත්වයකි.

 

මුදල් ඉපයීමේ අසීමිත හැකියාවක්

 

එසේම ව්‍යාපාරික වශයෙන් ගත් කළ අන්තර්ජාලයේ නිසි ලෙස ආයෝජනය කළ වෙබ් අවකාශයක (ඉඩ ප්‍රමාණයක) ඇති වටිනාකමත් ඉන් මුදල් ඉපයීමේ ඇති හැකියාවත් අසිමීතය. එය පොලොවේ ඇති ඉඩම් මිලට වඩා සිය දහස් ගුණයකින් ඉහළ යයි. අද ලොව දැවැන්තම අන්තර්ජාල ව්‍යාපාර වන ගූගල්, ෆේස්බුක් වැනි බිලියන, ත්‍රිලියන ගණන් ආදායම් වාර්තා තබන ව්‍යාපාරවල සාමාන්‍ය පුද්ගලයෙකු එතරම් නොපෙනෙන මූලික පදනම සහ උපාය මාර්ගය මෙයයි.

වෙබ් අඩවි නාමයකට යටත් කළ වෙබ් අඩවි අවකාශකය (ඉඩක) වටිනාකම තීරණය වන මූලිකම මිනුම් දණ්ඩ වන්නේ එම වෙබ් අවකාශයට ඇතුල්වන සහ එය භාවිතා කරන පරිශීලකයින් ප්‍රමාණයයි. මෙය අප තොරතුරු තාක්ෂණයට අනූව හදුන්වන්නේ වෙබ් ටැෆික් ලෙසයි. අද ගූගල් සහ ෆේස්බුක් ලොව වටිනාකමින් ඉහළම වෙබ් අඩවි සහ ව්‍යාපාර දෙක බවට පත්ව ඇත්තේ මේ නිසාය.

මෙම සමාගම්වල මූලිකම සහ ප්‍රධානම ආදායම් මාර්ගය තම වෙබ් අවකාශයවෙළඳ දැන්වීම් අවකාශයක්ලෙස ව්‍යාපාර හෝ යම් අලෙවියක්, ප්‍රචාරණයක් බලාපොරොත්තු වන සහ අවශ්‍ය පිරිස් වෙත විකිණීමයි. ඊට අදාළ වෙළඳපොළ ලෙස ඔවුන් පෙන්වන්නේ තම වෙබ් අවකාශය භාවිතා කරන පරිශීලකයින් (users) ප්‍රමාණයයි. ඔවුන් තම වෙබ් අවකාශය තුළ ලබාදෙන එම ඉඩ ප්‍රමාණය වෙබ් අවකාශ නීර්ණයන්ට අදාළව පික්සල් (pixels) වලින් (මීටර්, සෙන්ටිමීටර් වැනි මිනුම් ක්‍රමයක්) ලබාදෙයි.

 

වෙබ් අවකාශය තුළ ව්‍යාපාරකරණයේ ඇති අභියෝගය

මෙය අප සරල ව්‍යාපාරික භාෂාවෙන් පැහැදිලි කර දෙනවා නම් මෙසේ කිව හැක. ඔබ කෙතරම් හොඳ පහසුකම් වලින් සමන්විත සුපිරි වෙළඳ සැලක් නිර්මාණය කළද එයට භාණ්ඩ අලෙවි කරුවන් සහ පාරිභෝගිකයින් නොපැමිණෙන්නේ නම් වැඩක් නැත. එසේම අලෙවිකරුවන් පැමිණ භාණ්ඩ අලෙවි කිරීමට සැරසුනද ඊට පාරිභෝගිකයින් නොපැමිණෙන්නේ නම් ඒත් වැඩක් නැත. අද වෙබ් අවකාශය තුළ ව්‍යාපාරකරණයේ ඇති අභියෝගය සහ වැදගත්ම කාරණය මෙයයි.

 

මේ වන විට ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ විකිණීම සඳහා වෙළඳ දැන්වීම් පලකිරීමට ලුහුඬු වෙළඳ දැන්වීම් වෙබ් අඩවි ඇතුලු ව්‍යාපාරික වෙබ් අඩවි බොහෝ ප්‍රමාණයක් බිහි වී ඇත. එහෙත් ඒ කිසිඳු වෙබ් අවකාශයක ඇති දැන්වීම් ප්‍රචාරණ අවකාශය (ඉඩ) තමන්ට යළි යළිත් විකුණා අසිමිතව මුදල් ඉපයීමේ අවස්ථාවක් මෙම කිසිඳු වෙබ් අඩවි ව්‍යාපාරයක නොමැත.

 

ව්‍යාපාරිකයාටත් පාරිභෝගිකයාටත් එකම තැනක

එසේම ඔබේ දැන්වීම නරඹන ස්ථිර පාරිභෝගිකයින් පිරිසක් මේ කිසිවක නැත. එපමණක් නොව ඔබ මුදල්වලට ලබාගෙන අන්තර්ජාලයේ ගෙවා දමන ඩේටා (හුවමාරු වන දත්ත) වලට වටිනාකමක්, මුදලක් ලැබෙන ක්‍රමයක් මෙතෙක් ශ්‍රී ලංකාව තුළ තිබුණේ නැත. එහෙත් මෙම සියලු තාක්ෂණික සහ ව්‍යාපාරික අභියෝග ජයගනිමින් ව්‍යාපාරිකයාටත් පාරිභෝගිකයාටත් එකම තැනක එක ලෙස තමා ගනුදෙනු කරමින් වැඩි ලාභයක්රිසිසේ ඉපයිය හැකි වෙබ් අවකාශයක් නිර්මාණය කොට හඳුන්වා දීමට I.C.A.N Holdings සමාගම යටතේ ඇති ආයතනයක් වන I.C.A.N. Advertising පුද්ගලික සමාගම සමත්ව ඇත. ඔවුන් වසර 5ක් වැනි කෙටි කාලයක් තුළ තම වෙබ් දැන්වීම් අවකාශය ගනුදෙනුකරුවන් 50,000කට ආසන්න පිරිසකට අලෙවිකොට ඔවුන්ටරිසිසේ මුදල් ඉපයීමේ ඉඩකඩ විවර කොට ඇත. ඒ එම සමාගමට අයත් www.bannercuts.com “බැනර් කට්ස් ඩොට් කොම්වෙබ් අඩවිය හරහායි.

මෙහි ඇති වෙන අන්කවර තැනකවත් නැති සුවිශේෂීම වැදගත් කරුණනම් වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ඉඩක් ලබාගනිමින් පුද්ගලයෙකු තම භාණ්ඩ හෝ සේවා දැන්වීම් තුලින් අලෙවිකරණයේ යෙදෙන අතරේ ඔහුට හෝ ඇයට අන් අය පළ කරන වෙළඳ දැන්වීම් නැරඹුවහොත් තව තවත් අමතරව මුදල් ඉපයීමට ඇති හැකියාවයි. එය පුද්ගලයෙකු විසින් ඔවුන්ගෙන් මිලදී ගන්නා වෙබ් දැන්වීම් පළකිරීමට ගන්නා අවකාශයේ ප්‍රමාණය මත තීරණයවේ.

 

ලියාපදිංචි ස්ථිර ගනුදෙනුකරුවන්  50,000කට ආසන්න පිරිසක්

මේ වන විට ලියාපදිංචි ස්ථිර ගනුදෙනුකරුවන්  50,000කට ආසන්න පිරිසක් සිටින මෙම සමාගමේ වෙබ් දැන්වීම් අවකාශය තුළ පළකරන වෙළද දැන්වීම් සතියකට මිලියන 21ක් නරඹන බවට එම සමාගමේ සංඛ්‍යාලේඛන හෙළිකරයි. මෙයට බොහෝ දෙනා නොදන්නා කමටත්, පහසුවටත් යල් පැන ගියඇඩ් ක්ලික්ආකල්පය ආදේශ කිරීමට උත්සහ කළද මෙහි නිවැරදි සහ පරිඝණක තාක්ෂණික අර්ථ කථනය මෙයයි.

සාමාන්‍ය ව්‍යාපාරික ලෝකයෙන් උදාහරණයක් ලෙස ගෙනහැර දක්වා නම් මෙම සමාගම තම වෙබ් අවකාශය තුළ සිදුකරන්නේසුපිරි වෙළඳ සංකීර්ණයක වෙළඳ කුටියක් ඔබට වසරකට බදුදෙනවා හා සමාන දෙයකි. ඔබ ඔවුන්ගේ එසේ මිලදී ගන්නා වෙළඳ කුටිය තුළ ඔබට ඔබේම නිෂ්පාදනත්, වෙනත් අයගේ නිෂ්පාදනත් පිටින් ගෙන අලෙවි කර හැක.

 

ඔබට එකතු වන පොයින්ට්ස් කල් පිරුණු විට මුදල්

එසේම මේ වන විට ඔබ මිලදී ගන්නා සෑම භාණ්ඩ ප්‍රමාණයකට සුපිරි වෙළඳ සැල් වලින් ඔවුන්ගේ සාමාජික කාඩ්පත්වලටපොයින්ට්ස්එකතු කර එම පොයින්ට්ද අවසානයේ ඔබට මුදල් කරගත හැකි අයුරු ඔබට මෙහිදී ඔබ ඔබේ Deta වැයකොට නරඹන දැන්වීම් වෙනුවෙන් ඔබට එකතු වන පොයින්ට්ස් කල් පිරුණු විට මුදල් කර ලබාගත හැක. මෙම වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රමය මෙතෙක් ශ්‍රී ලංකාවට වෙනත් කිසිඳු සමාගමක් විසින් හඳුන්වා දී නොමැති අතර මේ වන විට මෙය හඳුන්වා දී ඇති ප්‍රථම සහ එකම සමාගම වන්නේ  I.C.A.N Holdings සමාගම යටතේ ඇති  I.C.A.N. Advertising පෞද්ගලික සමාගමයි.

ලොව නවීනම ඩිජිටල් ප්‍රචාරණ ක්‍රමය තුළ නිෂ්පාදකයාත්, අලෙවිකරුවාත්, පාරිභෝගිකයාත් යන පාර්ශව තුනට එකම තැනකදී එක ලෙස වාසි සහ ලාභ ලැබිය ක්‍රමවේදයක් හඳුන්වාදීමට ශ්‍රී ලාංකීය සමාගමකට හැකියාව ලැබීමත් එය නියාමන ව්‍යාපෘතියක සිට ව්‍යාපාරයක් දක්වා වර්ධනය කොට වසර 5කට අධික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් පවත්වාගෙන යමින් ව්‍යාපාරික සහ පාරිභෝගික යන පාර්ශව දෙකේම ජනතාවට ශක්තියක් වීමත් සමාජ මෙහෙවරකි. එසේම අන්තර්ජාලය පදනම් කොටගත් මෙවැනි නව්‍ය ව්‍යාපාර තුළින් මෙරටින් පිටරටට ප්‍රචාරණයන් සඳහා ගලායන විදේශ විනිමය ඉතිරි කරන අතර මතුදිනෙක ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඉදිරියේ ඔසවා තැබීමට ඉවහල් වනු නොඅනුමානය.

 

 

Blog Right Add

Popular Tags

වම් ඉවුරේ වෙබ් නාදය