ජිනදාස කංකානම්ගේ
හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළිත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරී සඳහා කැඳවන්නැයි කෙරෙන කතා බහක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අතින් අතට මාරුවෙමින් ඇත.
අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත්කළ මොහොතේ සමාජ කතා බහක් සිදුවිය. මේ මොහොතේ එම සමාජ කතාබහ අපට මෙනෙහි වේ. ඒ අතර මෙවැනි කතා බහද සිදුවිය.
1. ජනාධිපතිතුමා අටුව කඩා පුටුවක් සාදා ඇත. 2. අනිල් ජාසිංහ නම් වෛද්‍යවරයා කැලයට විසිකර ඇත. 3. පරිසර අමාත්‍යාංශයට අයත්ව තිබු මධ්‍යම පරිසර අධිකාරියද ජනාධිපතිතුමා යටතේ තබා ගනිමින් පරිසර අමාත්‍යාංශයේ බර සැහැල්ලූ කොට කොරෝනා සමයේදී අධික ලෙස වෙහෙස වු අනිල් ජාසිංහ මහතාට මහන්සිය නිවා ගැනීමට ලයිට් ජොබ් එකක් දී ඇත. 4. ගෝලීය උණුසුම ඇතුළු පරිසර විනාශය හේතු කොට මිනිසාට සිදුව ඇති ව්‍යසනයෙන් මුදවා ගැනීමට පරිසර අමාත්‍යාංශයට විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවය අවශ්‍ය වී ඇත.
ඉහත සියල්ල අපට මෙනෙහි වී චිත්රණය වන්නේ සමාජ මාධ්‍යවල මේ දිනවල සැරිසරන කතා බහක් සමගය.
පළමු කොරෝනා රැල්ලේ හෝඩුවාව පැමිණිදා සිට මෙරට සෞඛ්‍ය සේවාව ඒ සඳහා සක්‍රීය විය. රටක් විශ්වාස කරන පරිදි කොරෝනා මැඩලීමට සෞඛ්‍ය අංශ අවංක උත්සහයක් දරණ බවද එදා ජනතාවට පසක් විය. වසංගතයක් පැමිණි විට එය මැඩලීමේ කි‍්‍රයාවලියේ කේන්ද්‍රීය නායකත්වය හා විශේෂඥ ප්‍රවේශය හා නායකත්වය දිය යුත්තේ රටේ සෞඛ්‍ය සේවාව බවට විවාදයක් තිබිය නොහැක. ආරක්ෂක අංශ ප්‍රධාන කොට ගෙන ව්‍යසනය කළමනාකරණයට අවශේෂ සියලූ දෙනාගේම සහය අවශ්‍යය. එහෙත් එහි නායකත්වය ගත යුත්තේ සෞඛ්‍ය සේවාවේ විශේෂඥයින් විසින්මය. පළමු කොරෝනා රැල්ල සාර්ථකව පාලනය කිරීමෙහිලා සෞඛ්‍ය අංශවල සියලූ අංශයන් ඒකාබද්ධකොට එයට කේන්ද්‍රීය නායකත්වයක් සැපයීමට විශේෂඥ වෛද්‍ය එවකට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාට හැකි වු බව රටම පිළිගන්න සත්‍යයකි. ඒ සත්‍ය කිසිවෙකුටත් වසං කළ නොහැක්කේය. පළමු කොරෝනා මෙහෙයුමේදී වසංගත රෝග විද්‍යා අංශය, අංගොඩ බෝවන රෝග විද්‍යාතනය, වෛද්‍ය පර්යේෂණ ආයතනය පබා පළිහවඩන, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරිය ඇතුළු කණ්ඩායමක් ලෙස කළ විපුල මෙහෙය රට හමුවේ අනාවරණය විය.
අද කොරෝනා දෙවැනි රැල්ලක් මතුව ඇත. රටක් වශයෙන් අපි එයට මුහුණ දෙමින් සිටිමු. මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ පැතිරීම පාලනය කර ගත නොහැකි වී ඇත. ඒ හැරෙන්නට රට වටේම කොරෝනා මතුවන සැටියක්ද පෙනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනුවෙන් අපමණක් වැඩ කරනවා ඇත. එහෙත් රට හමුවේ ඒ කිසිවක් පෙනෙන්නට නැත. වත්මන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්රමුඛ විශේෂඥයෝ කොරෝනා මර්ධනයේ ක්‍රියාකාරීව සිටිනවා ඇත. එහෙත් එය රටට නොපෙනේ. ඔවුන් කාමරවලට දමා වසා ඇද්ද යන තරමට අවුලක් තිබෙන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත. සියලු අංශ ඒකාබද්ධව කළ කැපවීම ජනතාව හමුවේ අනාවරණය නොවේ. ඒ දක්ෂ විශේෂඥයන්ගේ කැපවීම හා ක්‍රියාකාරීත්වය සඟවා ඇති බවක් දැක්වේ. ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගෙන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය දැක ගැනීම තුළය.
ව්‍යසනයේ පරිමාව සීමාව සහ මැඩලීම පිළිබඳ ජනතාව අපේක්ෂා කරන්නේ සෞඛ්‍ය අංශවල මග පෙන්වීමය. එසේ ජනතාව හැඩ ගැසී සිටින්නේ හදිසියක් උනොත් සෞඛ්‍ය අංශවල රැකවරණය මිස අන් රැකවරණයක් නොමැති නිසාය. විමධ්‍යගත වන්නා වූද ඒකාබද්ධවූ මනා සෞඛ්‍ය පරිපාලනයක් පළමු කොරෝනා රැල්ලේදී ජනතාව අත් දුටුවේය. සුළු සිද්ධියක් ඇතිවුනද එය මනා ලෙස ජනතාවට සන්නිවේදනය කරමින් සෞඛ්‍ය අංශ කළ කාර්යය ජනතා ප්‍රසාදයට පාත්රවිය. රට පුරා එහෙන් මෙහෙන් කොරෝනා මතුවන විට යුහුසුළු වන සෞඛ්‍ය සේවාවේ ප්රවෘත්ති ජනතාවට සන්නිවේදනය වෙතත් ඒ සඳහා වු බලවත් නායකත්වයකින් තොර බවක්ද, බැලූ බැල්මටම කාට වුවද නිරීක්ෂණය වන්නකි.
අද වන විට දෙවැනි කොරෝනා රැල්ල පිළිබඳ ජනතා විඥාණයේ ඇත්තේ බොඳවු තත්ත්වයකි. යමක් නිවැරදිව දැන ගන්නටත් ව්‍යාකූලත්වයෙන් මිදීමටත් සියල්ලන්ටම අවශ්‍යය. මිනිසුන්ගේ කල්පනාව දැන් කොරෝනා රෝගය සමාජගත වී ඇති බවය. එම සැකය හා බිය දුරුකරලීමට සෞඛ්‍ය අංශවල කාර්යභාරයට යම් සීමාවක් පැනවී ඇත්දැයි කෙනෙක් විමසති. එයද අපට එසේ නොවේයැයි කිව නොහැකි තැනට පත්ව ඇත. යම් කාර්යයකට ලැබෙන නායකත්වය හා පෞරුෂය ජනතාව බාරගන්න අයුරු මින් පැහැදිලිය.
20 වන ව්‍යවස්ථා සංශෝධනය එළියට පැමිණිදා සිට 20 ඉතා හොඳ දෙයක් එහි කිසිදු විසක් නොමැති යයි කියමින් තනතුරු වරප්‍රසාද වෙනුවෙන් එක පෙළකට පෙළගැසී සිටින දේශපාලන අවස්ථාවාදීන් හා ඒ හා එක්වන නිලධරයින්ද සිටින රටක අපි ජීවත් වෙමු. බොහෝ දේ සංසන්දනාත්මකව විග්රහ කොට කියවා ගැනීමේ පුරුද්දක්ද අප සතුව ඇත.
අනිල් ජාසිංහ මහතා යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට ගෙන එන්නැයි කෙරෙන කතා කරළියට එන්නේ ජනතාව තුළිනි. නායකත්වය යනු තිරය පිටුපස කි්රයාවක් නොවේ. ජනතාවට සමීපව සිටිමින් ඔවුන්ගේ හැඟීම් දැනීම් හා අභිලාෂයන්ට අනුව සියලූ අංශවල කි‍්‍රයාකාරීත්වය සක්‍රීය කොට කළමනාකරණය කිරීම නායකත්ව ගුණයකි. ඒ ගුණය සහිත අනිල් ජාසිංහලා විශාල පිරිසක් සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සිටින බව අපගේ
හැඟීමයි. මේ වසංගතය පාලනයට ඔවුන්ට නිදහසේ වැඩ කළ හැකි පරිසරයක් අවශ්‍යමය බව අපගේ හැඟීමය.⋆