විල්ෆ්‍රඩ් ජයසිංහ
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් සටන් විරාම ගිවිසුමක් සඳහා අත්සන් තැබීම ජනවාරි 13 වෙනි සඳුදා මොස්කව් නගරයේ දී සිදුවීමට නියමිත ය.
ලිබියාවේ ජාතික සම්මුතියේ ආණ්ඩුව ඉරිදා නිකුත් කළ නිවේදනයකට අනුව සටන් විරාමය 11 වෙනි ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ. ඒ එදිරිවාදි කම් අත්හැරීමේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල එකඟතාවය ප්‍රකාශ කිරීමත් සමග ය.
ලිබියාවේ ගැටුම් 2014 දී පැතිර ගියේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් අතර බලය බෙදී යාම සමගය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලද ට්‍රිපොලි නගරය පදනම් කරගත් ජාතික සම්මුතියේ ආණ්ඩුව (GNA) සහ ලිබියානු ජාතික හමුදාව සමග සන්ධානගතව සිටින ට්‍රිපොලි නගරය අත්පත් කර ගැනීමට අපේක්ෂා කරන කලීෆා ගන්ථාර් නායකත්වය ලබා දෙන ලිබියානු ජාතික හමුදාව සමඟ සංධානගතව සිටින ට්‍රොට්බුක් පදනම් කරගත් ආණ්ඩුව අතර ගැටුම් නිර්මාණය විය. GNA අගමැති ෆොයෙන් අල්දුරාජ් අද දින මොස්කව් නගරයට පැමිණීමට නියමිත අතර ලිබියානු ජාතික හමුදාවේ නායක කලීෆා හන්මාර් ඊයේම මොස්කව් නගරයට පැමිණියේ ය. ලිබියානු ජනතාවට ආයාචනයක් කරන GNA අගමැතිවරයා අතීතයේ පිටු පෙරලා දමන ලෙසත් අසම්මුතිය ප්‍රතික්ෂේප කරන ලෙසත් ස්ථාවරත්වය හා සාමය වෙනුවෙන් ඉදිරියට ගමන් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.
මේ අතර ජාත්‍යන්තර ප්‍රජාව මෙම සටන් විරාම ගිවිසුම පිළිබඳ තම දැඩි සතුට ප්‍රකාශ කර සිටී. මෙම ස්වර්ණමය අවස්ථාව ගැටුමට පදනම් වු දේශපාලන, ආර්ථික, හා ආරක්ෂාව පිළිබඳ කරුණු කෙරෙහි ආමන්ත්‍රණය කිරීමට යොදා ගන්නා ලෙස ඔව්හු දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිති.