දේශපාලන ලියුම්කරු විසිනි
2019 නොවැම්බර් 16 දින බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ඇත්තේ ප්‍රබල අභියෝග රැසකි. බිඳවැටුණ ශ්‍රී ලංකා ආර්ථිකය ඔහු වෙත ලබා දී ඇති දායාදයයි. දේශීය වශයෙන් මුහුණ දී ඇති අභියෝගයන්ට අමතරව පොදුවේ සෙසු රටවල් ද මුහුණ දෙන්නා වූ ගෝලීය අර්බුදවල බලපෑමටද ඔහුට මුහුණ පෑමට සිදුවනු ඇත.
එකී ගෝලීය අර්බුද නම් කරලීමත්, පාඨකයන්ගේ දැනගැනීම සඳහා යළි මතක් කර දීමත් අවශ්‍ය ය. ඒවා මෙසේ ය.
1. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම
2. ගෝලීය ත්‍රස්තවාදය
3. ගෝලීය මූල්‍ය අර්බුදය
4. සංක්‍රමණ සහ සරණාගත ප්රශ්නය
5. ගෝලීය දරිද්‍රතාවය සහ සමාජ අසමානතාවය
පසුගිය යහපාලන රජය මෙකී ගෝලීය අභියෝග ලෝක ආර්ථිකයට බලපෑ බව නොදැන සිටියා විය හැකිය. ඉහත දැක්වෙන ගෝලීය අභියෝග ඓන්ද්‍රීය වශයෙන් එකිනෙකට සම්බන්ධය. එහි සමස්ත බලපෑම ලෝක ආර්ථිකය වෙත එල්ල වේ.
යහපාලන සමය තුළ ආර්ථික සංවර්ධනය 5% සිට 2% දක්වා පහත වැටුණි. නවලිබරල්වාදී ආර්ථික උපාය මාර්ගයේම ගමන් කළ යහපාලන රජය දක්වා ඇති එකම දක්ෂතාවය ආනයනය, අපනයනය මෙන් දෙගුණයකින් වැඩි කිරීම ය. ඉන් සිදුවූයේ විදේශ විනිමය සංචිතය සිඳී යෑම ය. අය-වැය හිගය තවත් පුළුල් වීමය. දේශීය හා විදේශ ණය ප්‍රමාණය වැඩිවීමය. අය-වැය වෙනුවට ණය-වැය මූල්‍ය කළමනාකරණයේ සම්ප්රදායක් බවට පත්විය. දේශීය නිෂ්පාදනය නොතැකුවේය. පරිභෝජනය උනන්දු කළේ වෙළෙඳ සහ මූල්‍ය ධනපති ස්තරය පිනවීමටය. එහි ප්‍රතිපලයක් වශයෙන් නව ජීවන රටාවක් සහ සංස්කෘතියක් නිර්මාණය විය. මූලික අවශ්‍යතා අබිබවා දෛනික වුවමනාවන් ප්‍රගුණ කරනු ලැබීය. ලූම්පන් (පාදඩ) ධනපති ස්තරයක් මෙන්ම සමගාමීව ලූම්පන් (පාදඩ) කම්කරු පංතියක්ද බිහි විය. අවිනීත අසංවර සමාජයකට මග පෑදුවේය.
යහපාලනයේ 50 දින මහ බැංකු මංකොල්ලය දියත් කරනු ලැබුවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිවය. 2019 පාස්කු ප්‍රහාරය, ජාත්‍යන්තර ත්රස්තවාදයේ පැතිකඩක් වීය. එයද සිදුවූයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිවය.
විදේශ ප්‍රතිපත්තිය විකෘති කරනු ලැබුවේ අධිරාජ්‍යවාදී බලවේගයන් පිනවීමේ අටියෙනි. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අතරමග නතර කරලීම තුළින් දේශපාලන අර්බුද, ව්‍යවස්ථා අර්බුද, පාර්ලිමේන්තු අර්බුද, අමාත්‍ය මණ්ඩල අර්බුද, ජනපති-අගමැති ගැටුම් නිර්මාණය විය. පාර්ලිමේන්තුව මුළුමනින්ම බාල්දු කරනු ලැබීය. ලූම්පන් සංස්කෘතියක් පාර්ලිමේන්තු සම්ප්‍රදායට ඇතුල් කළේය.
මේ සියල්ල වත්මන් ජනාධිපති හමුවේ ඇති අභියෝගයන්ය.
කොවිඞ් මර්දනය සඳහා පෙර සූදානම් වූ ආකාරයට ආර්ථික අරගලයට පෙර සූදානමක් අවශ්‍යය. ඒ සියල්ලට පෙර ව්‍යවස්ථාදායක බලය අවශ්‍යය. එසේනම් නව පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීම ඉහළම ජාතික ප්‍රමුඛතාවය එහ වහාම ඉටු කළ යුතුය. කොවිඞ් 19 මර්දනයේදී අනුගමනය කරනු ලැබූ උපාය මාර්ගය ප්‍රදර්ශනය කළ සාමූහික ප්රයත්න ප්රශ්නය දේශපාලනීකරණය නොකර වෘත්තීය විද්වත් උපදෙස් මත ක්‍රියාකිරීම නව ප්රවේශයකි. සාර්ථකත්වයට හේතුවද එයයි.
ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම කොවිඞ් 19 සන්දර්භය තුළ තත්කාලීන කරලීම අවශ්‍ය බව අපි දකිමු. ලෝක ආර්ථික රටාව මෙන්ම බල තුලනය ද වෙනස් වෙන ලකුණු දැකිය හැකිය. 2020 අග වන විට තත්වය වඩාත් පැහැදිලි වනු ඇත. සියලූ රටවල් පශ්චාත් කොවිඞ් සමයට හැඩ ගැසෙමින් සිටී.
ජාත්‍යන්තර සන්දර්භය
ශ්‍රී ලංකාවේ නව ආර්ථික උපාය මාර්ගය පිළිබඳ තීරණ ගැනීමේදී විසි එක්වන සියවසේ, තුන්වන දශකය කෙබඳු පරිවර්තනයකට ලක් විය හැකිද යන්න පිළිබඳ මැන බැලීමක් අවශ්‍ය වන්නේය. 1930 ගණන්වල අත් දුටු මහා ආර්ථික පරිහානිය සහ ඊට දේශපාලන විසඳුමක් ලෙස තල්ලූ කරනු ලැබූ දෙවන ලෝක යුද්ධයෙන් පසු නව ලෝක යථාර්ථයට ගැලපෙන සේ නව ලෝක රටාවක් බිහි විය. එමෙන්ම මුළු ලොවම දින කිහිපයක් ඇනහිටවූ කොවිඞ් 19න් පසු පශ්චාත් කෝවිඞ් ලෝකය කෙබඳු වේද?
සංවර්ධිත බටහිර ධනපති රටවල් සියල්ල ගැඹුරු ආර්ථික අර්බුදයක ගිළී සිටී. වැඩියෙන්ම කෝවිඞ් වසංගතය බලපා තිබෙන්නේ ඇමරිකාවට සහ යුරෝපයටය. ඔවුන් අතර ප්රතිවිරෝධතාවයනක් තියුණු වී තිබේ. ”බ්‍රෙක්සිට්”වලින් පසු මහා බ්‍රිතාන්‍යය කොන්වී සිටී. එකී රටවල් ගොඩ ගැනීමට ලෝක බැංකුව සවිමත් නැත. මූල්‍ය පාලනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අසමත් වී ඇත. රටවල් ගොඩ ගැනීමට එදා මෙන් මාර්ෂල් ප්ලෑන් වැනි සැලසුම් නැත. කළ යුත්තේ කුමක්ද යන්න ඔවුන්ටද උභතෝකෝටියකි.
ලොව බලවත්ම ආර්ථිකයන් දෙක වන ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධයකි. එමෙන්ම අදිසි තාක්ෂණ යුද්ධයකි. න්‍යෂ්ඨික යුද්ධයකට අවකාශ අඩුව ඇත්තේ බිය තුලනය නිසා මිස අන් හේතුවක් නිසා නොවේ. එසේ නම් වර්ධනය විය හැක්කේ ආර්ථික යුද්ධයයි. (වෙළඳ සහ තාක්ෂණ*)ඇමරිකාව සහ චීනය හමුවේ ඇති විකල්ප මොනවාද? විකල්පත තුනකි. එනම්,
සහයෝගීතාවය
තරගකාරිත්වය
ගැටුම්කාරිත්වය
චීනය තෝරාගෙන ඇත්තේ සහයෝගිතාවයයි. ඇමරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප් තෝරාගෙන ඇත්තේ ගැටුම්කාරීත්වයයි. පසුගිය වසර හතර තුළ ඩොනල්ඞ් ට්‍රම්ප් සහයෝගීතාවයෙන් මාරු වී තරගකාරීත්වයට පිවිසියද දැන් ජනාධිපතිවරණය හමුවේ ඔහු තුන්වන විකල්පය වන ගැටුම්කාරීත්වයට පිවිස තිබේ. ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිපලය අනුව තෝරාගනු ලබන විකල්පයද තීරණය වනු ඇත. වර්තමානයේ භූ දේශපාලනික උණුසුම් තත්වයන් මැදපෙරදිග දකුණු ආසියාවේ සහ චීනයේ දකුණු මුහුද ආශ්‍රිතව මතුවන්නේ ඇමරිකාවේ නව විකල්ප උපාය මාර්ගයට අනුකූලවය. චීන නායකත්වය සාපේක්ෂව බුද්ධිමත්ව ක්‍රියා කරනු දැකිය හැකිය. වෙළඳ ක්ෂේත්රය තුළ ඇමරිකාව සහ චීනය අතර උණුසුම් තත්වයක් පැන නැගුණද ඇමරිකාව කලබලයට පත්ව තිබෙන්නේ චීනය තාක්ෂණික ක්ෂේත්රයෙහි ලබා ඇති වේගවත් වර්ධනය ගැනය. චීනය, ඇමරිකාවට පසුපසින් සිටින්නේ තාක්ෂණ ක්ෂේත්රයේ පමණය. එම නිසා එම තාක්ෂණ තරගයෙන් පරාජයට පත්වෙතැයි බියක් ඩොනල්ඞ් ට්‍රම්ප් තුළ හටගෙන තිබේ.
මිලිටරි ක්ෂේත්රයෙහි රුසියාව ඉදිරියෙන් සිටීමත් රුසියාව ඉරානය සහ තුර්කිය සහයෝගිතාවයෙන් ක්‍රියා කිරිමත් ඇමරිකාවට බලවත් ගැටලූවකි. මේ අතර ආර්ථික ක්ෂේත්රයේ පශ්චාත් කෝවිඞ් සන්දර්භය තුළ ඉදිරියෙන් සිටින්නේ චීනයයි. චිනය ඇතුවත් බැරි නැතුවත් බැරි තත්වයට ඇමරිකාව පත් වී තිබේ.
2019 වසර ලෝක ආර්ථිකය පසුබෑමකට ලක් වුවද එය චීනයටද යම් ප්‍රමාණයකින් බලපෑවද චීනය ආර්ථික වශයෙන් ශක්තිමත් පදනමක සිටී. චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 4කි. (බිලියන 4000) දළ දේශීය නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 14කි. ඇමරිකාව හා චීනය අතර පරතරය 2018 දී ඩොලර් ට්‍රිලියන පහක් පමණය.
චීන මහජන කොංග්‍රසය වෙත ඉදිරිපත් කර ඇති යෝජනා අනුව චීනය 2020 වසර තුළ ඉහළ ප්‍රමුඛත්වය දී ඇත්තේ දරිද්‍රතාවය නිම කිරීමටය. එමෙන්ම රැකියා උත්පාදනය සහ ජනතාවගේ ජීවන තත්වය නංවාලීමටය. ලෝක ආර්ථික අර්බුදය හමුවේ තම අපනයන අඩුවේ යැයි පුරෝකථනය කරමින් තම නිෂ්පාදනයන් අභ්‍යන්තර වෙළඳපොලට යොමු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ජනතාවගේ ඉල්ලූම වැඩිකරලීමටද අපේක්ෂා කෙරේ. චීනය සහ යුරෝපය අතර වෙළඳාම වේගවත් ලෙස වර්ධනය කිරීමද අපේක්ෂා කෙරේ. නැගී එන ආසියාව දැනටමත් ලෝක ආර්ථිකයට 40%ක් සඳහා දායකවේ. ඒ අනුව චීනය ආසියාව සමග ඇති සමීප ආර්ථික සබඳතා ගෝලීය අභියෝගයන්ට මුහුණ දිමට හැකි එක් විකල්ප මාර්ගයකි. සංවර්ධනය වන සියලූ රටවල් සමග ඇති සබඳතා උපරිම ලෙස ආර්ථික වර්ධනයට යොමු කිරීමට චීනය අපේක්ෂා කරයි. ආර්ථික ස්ථාවරත්වය සහ සුරක්ෂිතභාවය සහතික කෙරෙන කෙටිකාලීන වැඩපිළිවෙලක් පෙරමුණු හයක් ඔස්සේ දියත් කරලීම චීන නායකත්වයේ අධිෂ්ඨානයයි. චීනය ඇමරිකාවේ ප්‍රකෝප කිරීම්වලට හසු නොවනු ඇත. බුද්ධිමත්ව, ඉවසීමෙන්, සහයෝගිතාවයේ උපාය මාර්ගය ඔස්සේ සාමය, සංවර්ධනය සහ සුරක්ෂිතභාවය සහතික කරලීමට ක්‍රියා කරනු ඇත.
ශ්‍රී ලංකාවටද නැගී එන ආසියානු ආර්ථිකයට යොමුවීම හැරෙන්නට වෙනත් උපාය මාර්ගයක් නැත.
2020.05.31 ඇත්ත පුවත්පතේ ද පළවිය