#ඇත්ත - දේශපාලන විග්‍රහය#
ශ්‍රී ලංකාවේ 75 වන අය-වැය වාර්තාව මුදල් අමාත්‍ය-අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2020.11.17 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබීය. අවිවාදයෙන්ම එය අභියෝගාත්මක කර්තව්‍යයකි. ගෝලී කොරෝනා වසංගතය, ලෝක ආර්ථික පසුබැස්ම හමුවේ සහ යහපාලන සමයේ බිද වැටුණු ආර්ථිකය, වසංගත නිසා සෘණ තත්ත්වයට පත් වූ ජාතික ආර්ථිකය පණගැන්වීම යළි යථා තත්ත්වයට පත්කිරීම, යළි වේගවත් කිරීම, මුදල් අමාත්‍යවරයා මුහුණ දුන් දුෂ්කර කාර්යයයි.
1978 ආරම්භ කළ (ජේ.ආර්. පාලන සමයේ) විවෘත ආර්ථිකය නොහොත් නව ලිබරල්වාදය ගෝලීය මෙන්ම දේශීය වශයෙන්ද දැඩි අර්බුදයකට පත්වී තිබීම නිසා කළ යුත්තේ කුමක්ද යන්න මුදල් ඇමැති හමුවේ තිබු උභතෝකෝටිකයයි. අය-වැය යෝජනා විග්රහ කිරීමට පෙර නව ලිබරල්වාදයේ ප්‍රධාන ලක්ෂණ යළි මතක් කර දීම අවශ්‍යය.
- වෙළදාම, ආයෝජන, විදේශ විනිමය ලිහිලිකරණයට ලක්කිරීම.
- ජනසතු කිරීම ප්‍රතිපත්තියක් හැටියට නතර කිරීම, පෞද්ගලීකරණය ආදේශ කිරීම.
- විදේශ ආයෝජනවලට දොර විවෘත කිරීම සහ ඊට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කිරීම.
- ආර්ථිකය, අපනයන ආර්ථිකයක්බවට පත්කිරීම.
- වෙළදපොල ආර්ථිකයේ තිබු සීමා බාධක ඉවත්කිරීම.
- බදු ප්‍රතිපත්තිය-වක්‍ර බදු (පාරිභෝගික) ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්කිරීම සහ සෘජු බදු ප්‍රතිශතය අවම කිරීම. එහි අරමුණ වූයේ ප්රාග්ධනය සම්පාදනය සහ ඒකරාශිවීමට ඉඩ හැරීම
- විදේශ ණය සහ ආධාර-ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ජාත්‍යන්තර වෙළදපොලෙන් ලබා ගැනීම.
- දේශීය ණය, මූල්‍ය වෙළදපොලෙන් ලබා ගැනීම.
1978-2020 අතර කාලය තුළ, සියලූ ආණ්ඩු යටතේ මූලිකව ක්‍රියාත්මක වූයේ ඉහතින් දැක්වූ නව ලිබරල් ආර්ථික උපාය මාර්ගයයි.
ණය ලබා ගැනීම ආර්ථික උපාය මාර්ගයේම අංගයක් බවට පත්වූයේ 1978 ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ සිටය. ඉන් පෙරද, විවිධ අවස්ථාවල ණය ලබා ගත්තද, එය රටට බරක් සහ ජනතාවට පීඩනයක් වූයේ නැත. ණය ලබාගැනීම, නව ලිබරල්වාදයේම සුවිශේෂි ලක්ෂණයයි. බොහෝ සංවර්ධනය වන රටවල් ණය ගැනීම තුළින් අර්බුදවලට පත්විය.
ශ්‍රී ලංකාව 1978-2009 දක්වා 14 වතාවක් ජාත්‍යන්තර අරමුදලෙන් ණය ලබාගෙන තිබේ. සුනාමි අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ සමයේදී ජාත්‍යන්තර අරමුදලේ ආධාර මුදලක් ලැබිණි. එය හැරෙන්නට අවස්ථා 13කදී ජාත්‍යන්තර අරමුදලෙන් ණය ලබා ගෙන තිබෙන්නේ යූ.ඇන්.පී. ආණ්ඩු පමණය. යළි 2009දී ගෝලීය මූල්‍ය අර්බුදය අවස්ථාවේදී ජී20 කණ්ඩායමේ නිර්දේශයට අනුව ශ්‍රී ලංකාව ආර්ථිකය දිරි ගැන්වීමේ ආධාර මුදලක් ලබා දුන්නේය. යළි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලැබුණේ මෛත්‍රීපාල - වික්‍රමසිංහ පාලන සමයේදීය.
සියලූ ආර්ථික විද්‍යාඥයින් සහ විපක්ෂයද වත්මන් අර්බුදය අවස්ථාවේදී උපදෙස් දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන ලෙසය. එහෙත්, මහින්ද රාජපක්ෂ අය-වැය යෝජනාවල එවැනි යෝජනාවන් ඉදිරිපත් කෙට නැත. ණය උගුලේ සිරවී සිටින අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම අවස්ථාව යොදා ගනිමින් දේශපාලන කොන්දේසි පැනවීමට කුරුමානම් අල්ලමින් සිටි. අය-වැයේ එවැනි යෝජනාවක් නොතිබීම අස්වැසිල්ලකි.
2019 අවසන් වන විට ජාතික ආර්ථිකයේ වර්ධන වේගය 2% දක්වා පහත වැටුණි. කෝවිඞ් 19න් පසු ආර්ථිකය සෘණ තත්ත්වයට ඇද වැටුණි. අවසන් ප්‍රතිඵල වූයේ කුමක්ද?
- අපනයන ආර්ථිකය වෙනුවට ආනයන ආර්ථිකයක් බිහිවීම.
- රුපියල බාල්දුවීම. 1977 දී ඩොලරයේ වටිනාකම රුපියල් 8/-ක් පමණි. එය 2019 වන විට රුපියල් 190/- අභිබවා ගියේය. ඒ අනුව අප ලබාගෙන තිබු විදේශ ණය ප්‍රමාණය වැඩිවිය.
- දේශීය නිෂ්පාදන ඇද වැටුණි. අපනයනවලට වඩා ආනයන දෙගුණයක් වීම නිසා දේශීය නිෂ්පාදනයට වෙළදපොල අහිමිවිය.
- අපේක්ෂිත විදේශ ආයෝජන වැඩි වූයේ නැත.
- රාජ්‍ය ආදායම 24% (දල දේශීය නිෂ්පාදනයෙන්) සිට 2020දී 9% දක්වා පහත වැටුණි.
- රාජ්‍ය වියදම වැඩිවුණි.
- විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන පහේ (5) සීමාවට පහත වැටුණි.
- විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 57ක් පමණය. දේශීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන පහළොව (15) ඉක්මවා ගොස් ඇත.
- විරැකියාව වැඩිවුණි.
- ආදායම් පරතරය වැඩිවුණි-දරිද්‍රතාවය වැඩිවුණි.
ජාතික ආර්ථිකය තුළ බිහිවූයේ මූල්‍ය ප්‍රාග්ධන සහ වාණිජ ධනපති පන්තියේ අතලොස්සක් පමණය. මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂට සිය 2021 අය-වැය සම්පාදනයේදී මුහුණුදීමට සිදුවූයේ ජාතික ආර්ථිකය පණගැන්වීමට සහ යළි යථා තත්ත්වයට පත් කොට යළි වේගයෙන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමේ අභියෝගයටය.
මුදල් අමාත්‍යවරයා සිය යෝජනා ඉදිරිපත් කිරීමේදී ”නව ලිබරල්වාදයෙන්” ඉවත්වීම ගැන සඳහන් නොවූවාට පැහැදිලිවම ඉන් බැහැරවීමේ ප්රවේශයකට අවතීර්ණ වී තිබෙන බව දැකිය හැකිය. ආසියානු ආර්ථිකයේ පිබිදීම ගැන ඔහු සඳහන් කරයි. ආසියාන් සංවිධානය චීනය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සමග බැසගත් නව නිදහස් වෙළද කලාප ගිවිසුම ගැන සදහන් කිරීම වැදගත්ය. ආසියානු ආර්ථිකය ලෝක ආර්ථිකයේ පෙර ගමන්කරු බවට පළමු වතාවට පිළිගෙන ඇත. එය පවතින යථාර්ථය පිලිගැනීමයි.
සංක්ෂිප්තව 2021 අය-වැය යෝජනාවලියේ වැදගත් තීරණාත්මක යෝජනා මොනවාද?
ආනයන සීමා කොට දේශීය ආර්ථිකය නංවාලීම සියලූ දිරිගැන්වීම් එම අරමුණ ඉටුකර ගැනීමට යොමුවී තිබේ.
ඉහළ ජාතික ප්‍රමුඛතාවය අපනයන වැඩිකිරීමයි. ණය අර්බුදයට විදේශ විනිමය සංචිතය සිදී යෑම. ආනයන සඳහා අවශ්‍ය විදේශ විනිමය අපනයන තුළින් සොයා ගැනීම.
බදු ප්‍රතිපත්තියේ මූලික වෙනසක් නැත. ආර්ථිකය පණගැන්වීමට සහ යළි යථා තත්ත්වයට පත් කරලීමට එවැනි ප්‍රතිපත්තින් අනුගමනය කිරීම වැදගත්ය. එහෙත් 2022-23 වන විට සක්‍රීය බදු ප්රතිපත්තියකට පිවිසීම අනිවාර්ය අවශ්‍යතාවයකි. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට වෙනත් මගක් නැති හෙයිනි.
රාජ්‍ය සේවය සහ විධිමත් පෞද්ගලික අංශය හැරුණවිට විශාලතම කේෂ්ත්‍රය වන්නේ අවිධිමත් කේෂ්ත්රයනි. (60%ක් පමණ) එය ශ්‍රී ලංකා ආර්ථිකයේ සුවිශේෂි ලක්ෂණයයි. මෙම කේෂ්ත්‍රය සියලූ ආණ්ඩු යටතේ කුඩම්මාගේ සැලකිලි ලැබුණු කේෂ්ත්රයයි. ඊට විශාල ප්රමුඛත්වයක් ලබාදීම අය-වැයේ සුවිශේෂි වැදගත් ලක්ෂණයකි.
ඉතිරිකිරීම් පුරා වසර 40ක්ම එකතැන පල්වී තිබුණි. ජාතික ඉතිරිකිරීම් වැඩි කිරීමට නව යෝජනා රැසක් ඇත.
ප්රාග්ධනය, රාජ්‍ය අංශය තුළ ඒකරාශි වීමට එය ඉවහල්වනු ඇත.
යටිතල පහසුකම් ව්‍යාප්ත කරලීම.
ග්‍රාමීය ආර්ථිකයට මුල් තැනදී තිබේ.
කාර්මිකරණයට යළි ප්‍රවේශ වී තිබේ.
මානව සම්පත් සංවර්ධනය ජාතික ආර්ථිකයේ මුදුන්මල්කඩ යෝජනාව විය යුතුය. පළමුවරට මේ සඳහා ප්‍රමුඛතාවය ලැබී තිබේ.
රාජ්‍ය සේවාව නවීකරණයට ලක්කිරීම. තාක්ෂණයට ප්‍රමුඛතාවය ලබාදීම.
ආර්ථිකයේ මූල්‍ය කේෂ්ත්‍රය යොමුවී තිබුණේ රජයට ණය සම්පාදනය කිරීම සහ ලබාදීමටය. මෙය ප්‍රතිසංස්කරණයට ලක්කිරීමට යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇත.
වෙළදපොල සූරාකෑම අවම කරලීම, වැනි රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යය. යෝජනා තිබුණද, ඒවා ක්‍රියාත්මක කරලීමට වෙළද වාණිජ පන්තිය ඉඩ දේද?
නිගමන හා නිරීක්ෂණ
පවතින්නාවූ ආර්ථිකයේ යථාර්ථයට අනුව, නව ලිබරල්වාදයෙන් බැහැරවීමට රජය වෑයමක් දරා තිබේ. එය ඉදිරි පියවරකි. ලෝක ආර්ථිකයේ බලතුලනය වෙනස්වීම, ලෝක ආර්ථික රටාව බහුපාර්ශ්වීම සහ ආසියානු ආර්ථිකයේ ශක්තිය වැඩිවීම නිසා යථෝක්ත තීරණ ගැනීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය වී තිබේ. කෝවිඞ් 19ද අනියම් විධියට ඊට ආධාරකාරි වී ඇත.
අය-වැය පුරෝකථනයට අනුව, ආර්ථිකය 5%-6% වර්ධනයක් අපේක්ෂා කෙරේ. එය අධිතක්සේරුවකි. අවම ව පළමු වසරේදී 3%-4% වර්ධනයක් ලබා ගැනීමට හැකි වන්නේ නම් ඉදිරි ගමනට ධෛර්යයකි.
රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 14%ක් අපේක්ෂා කෙරේ. මෙයද අධි තක්සේරුවකි. වර්තමානයේ රාජ්‍ය ආදායම පවතින්නේ 9% මට්ටමකය. එය 11%කින් වත් 2022දී ලබා ගැනීමටත්, 2023 වන විට 13% ලබා ගැනීමට හැකි වන්නේ නම් ප්රමාණවත්ය.
බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු නොකර 14%ක රාජ්‍ය ආදායමක් ලබාගැනීම උගහටය.
ණය උගුලෙන් ගැලවීමට නිශ්චිත යෝජනා අය-වැයේ නැත. රජය අපේක්ෂා කරන්නේ වාර්ෂිකව ණය ආපසු ගෙවීමට ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි විය හැකිය. විශාල වශයෙන් අලූත් ණය ගැනීමක් ගැන අපේක්ෂා නොකෙරේ. ණය ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට අදහසක් නැති බව පෙනේ. ණය ආපසු ගෙවීමේදී සහන ලබාගැනීමට රජය අදහස් කරනවා ඇත. ණය සහ ආධාර
ලබාගැනීමට චීනය දෙසට හැරී බැලීමට රජයට බල කෙරෙනු ඇත.
ණය පාලනය කරලීමට සූදානමින් සිටින බව නිහඩතාවයෙන් පෙන්නුම් කෙරේ. මුදල් ඇමැතිගේ වෑයම අගය කරමු. එහෙත් ගමන දුෂ්කරය. ජාත්‍යන්තර වාතාවරණය යහපත් වුවහොත් අපේක්ෂා ඉටුකරලීමට හැකිවනු ඇත.
අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම් විශේෂයෙන්ම නව ඇමෙරිකානු පාලනය යටතේ කෙසේ වර්ධනය වනු ඇත්දැයි පුරෝකථනය කළ නොහැකිය. එයද ර`දා පවතින්නේ ලෝක බල තුලනය අනුවය. පරිභෝජන ආර්ථිකයට ගිජුවී තිබෙන ශ්‍රී ලංකා පාරිභෝගිකයින් කෙතරම් නව යෝජනාවලට හැඩ ගැස්සේද?