දේශපාලන විග්‍රහය #
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉකුත් සතියේ නිකුත් කරනු ලැබූ නිළ වාර්තාවට අනුව චීන ආර්ථිකය, ඇමෙරිකානු ආර්ථිකය අභිබවා ගොස් තිබේ. මිලදී ගැනීමේ ශක්තියට අනුව චීන ආර්ථිකයේ නිෂ්පාදන වටනාකම ඩොලර් ට්‍රිලියන 26කි. ඇමෙරිකාවේ නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 21.6කි. මෙම ප්‍රකාශය නිකුත් කරනු ලැබුවේ ඇමෙරිකානු රජයේම නිර්මාණයක් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසිනි. මෙය අභියෝගයකට ලක් කොට නැත. මිලදී ගැනීම (ක්‍රය ශක්තිය) වඩා නිවැරදි මිනුම් දණ්ඩ බව පළමුවරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම පිළිගැනීම විශේෂත්වයකි.
මේ අනුව, ලෝක ආර්ථික බලතුලනය තව දුරටත් වෙනස් වී ඇත. සමගාමීව ලෝක ආර්ථික රටාවද තව දුරටත් වෙනස් වී ඇත. ඒකද්‍රව ලෝක රටාව, බහුද්‍රව ලෝක රටාවක් බවට පත්ව ඇත. G7 වශයෙන් වූ ලෝක බලවතුන් 07 දෙනා වෙනුවට ලෝක බලවතුන් 20 දෙනෙකු මතුවී තිබීම එම බහුද්‍රව ලෝක රටාවේ ලක්ෂණයයි.
මෙම වෙනස සිදුවන්නේ ලෝක ආර්ථික අවපාතයක් හමුවේය. ඉතිහාසයේ පළමුවරට ලෝක ආර්ථිකය වසා දැමීමකට ලක්වී තිබෙන තත්ත්වය තුළය. කෝවිඞ් 19 ගෝලීය වසංගතය ඊට බලපෑ ක්ෂණික හේතුවයි. න්‍යයාත්මකව ධනවාදයේ නව ලිබරල්වාදී උපාය මාර්ගය ලෝක මට්ටමෙන්ම අර්බුදයකට ලක්වී තිබේ.
මෙහිදී අප අවධානය යොමු වන්නේ කාර්ල් මාර්ක්ස්ගේ අර්බුද පිළිබඳ ආර්ථික න්යායටයි. එමෙන්ම සූරා කෑම පිළිබඳ ඔහුගේ ”අතිරික්ත වටිනාකම්” පිළිබඳ න්‍යායටය.
ධනවාදය අධිරාජ්‍යවාදී අවධියට පිවිසීමත් සමඟ ධනේශ්වර ලෝකය මුහුණ දුන් පළමු ආර්ථික අර්බුදය හටගත්තේ 1857දීය. මෙය කාර්ල් මාර්ක්ස්ගේ අර්බුද පිළිබඳ න්‍යාය එළි දැක්වූ වකවානුවයි. එම ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුම වශයෙන් අධිරාජ්‍යවාදය විසින් තෝරා ගනු ලබන්නේ යුද්ධය බවට ලොවට පුරෝකතනය කළේ ප්‍රෙඞ්රික් එංගල්ස්ය. ඒ අනුව, ලෝක ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුම වශයෙන් පළමුවන ලෝක යුද්ධය (1914-1918) ඇතිවිය. දෙවන ලෝක ආර්ථික අර්බුදය හටගත්තේ 1928-33 දීය. ඊට විසඳුම වූයේ දෙවන ලෝක යුද්ධයයි. (1938-1945)
1945-2020 දක්වා ගත වූ වසර 75 තුළ ලෝක යුද්ධ ඇති නොවීය. එහෙත් ආර්ථික අර්බුදවලින් අඩුවක් නොවීය. ලෝක මූල්‍ය අර්බුදය ඇතිවුණේ 2007-2013 දීය.
ලෝක යුද්ධ ඇති නොවුවාට රටවල් තුළ, රටවල් අතර, කලාප තුළ යුද්ධ ඇතිවිය. ලෝක මට්ටමෙන් යුද්ධයක් ඇති නොවූයේ න්‍යෂ්ඨික අවි බලවතුන් දස දෙනෙකු සිටින බැවිනි. 1945 දී මෙන් ඇමෙරිකාව තව දුරටත් තනි න්‍යෂ්ඨික බලවතෙකු නොවීය. න්‍යෂ්ඨික යුද්ධ බිය තුලනය ඊට හේතුවයි. ඉහතින් දැක්වූ ඵෙතිහාසික පසුබිම තුළ සහ පවත්නා ලෝක තත්ත්වයේ සන්දර්භය තුළ අධිරාජ්‍යවාදයේ මීළඟ කුරුමානම සහ ඉලක්කය කුමක් වනු ඇතිද?
මෙම ප්රශ්නය මතුවන්නේ ඇමෙරිකාවේ දේශපාලන නායකත්වය සහ බලය මාරුවීමක් ඇති වීමට යන මොහොතකය.
ධනවාදයේ උපතෙන් පසු (1500) විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී අවධියෙන් පසු (1850) ලෝක බලතුලනය ආර්ථික කේෂ්ත්‍රය තුළ ප්රබලව වෙනස් වී ඇති පළමු අවස්ථාවයි. ඒ ආසියානු ආර්ථිකයේ පිබිදීමත් විශේෂයෙන්ම චීන ආර්ථිකයේ බලමහිමයත් හේතු කොට ගෙනය.
චීනය ලොවේ ප්‍රධාන කාර්මික නිෂ්පාදකයාය. ප්‍රධාන ආනයනකරු මෙන්ම අපනයනකරුය. විදේශ විනිමය සංචිතය හිමි ප්‍රධාන රටය. විශාලතම වෙළදපොලය. විශාලතම මධ්‍යම පාන්තික වෙළදපොලය. මෙය මිලියන 500ක වෙළදපොලක් වීමට නියමිතය. තාක්ෂණය අතින්ද චීනය අද ඇමෙරිකාව සමඟ කරට කර සිටී.
ඉකුත් නොවැම්බරයේ අමෙරිකාවේ පැවැති ජනාධිපතිවරණයෙන් ඩිමොක්රටික් පක්ෂයේ ජෝ බයිඩන් ජනාධිපති වශයෙන් තේරී පත්වුණි. එය ඇමෙරිකානු ඉතිහාසයේ පැවැති තියුණුම තරගය බව කියනු ලැබේ.
ඉහතින් සඳහන් කළ ඵෙතිහාසික පසුබිම තුළ නව ජනාධිපතිවරයාට බලගතු අභියෝගයකට මුහුණදීමට සිදුවනු ඇත. සමාජය වශයෙන් දෙකට බෙදුණු ඇමෙරිකාවකි. සුදු වර්ණයේ යුරෝපා ප්‍රභවයකින් යුත් සංක්‍රමණිකයින් නව සුදු ජාතික පරම්පරාවේ බහුතරයේ පක්ෂපාතීත්වය පරාජිත ඩොනල්ඞ් ට්‍රම්ප්ටය. ආසියා- අප්‍රිකා- ලතින් ඇමෙරිකානු සංක්‍රමණිකයන් ජෝ බයිඩන්ගේ පැත්තේය. දැවැන්ත ආර්ථික අර්බුදයකට සහ ගෝලීය වසංගතයකට මුහුණ පා සිටින ඇමෙරිකාවේ නව ආණ්ඩුවට පැවරී ඇත්තේ ප්‍රබල වගකීමකි.
තෙල් සම්පත්, ඖෂධ, අවි කර්මාන්තයේ යෙදී සිටින බහු ජාතික සමාගම් ඇතුලූ සුපිරි ධනපති පන්තිය සහ ත්‍රිවිධ හමුදාව ජෝ බයිඩන්ට රිසි සේ රට පාලනය කරලීමට ඉඩ දෙනු ඇත්ද?
ජනාධිපතිවරණයේදී චීන විරෝධය ප්‍රධාන අවියක් ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් යොදා ගත්තේය. ඉතිහාසයේ පළමුවරට සුපිරි බලවතා වන ඇමෙරිකාව සමඟ සියලූ කේෂත්‍රයන්හි කරට කර සිටින තරගයක චීනය යෙදී සිටී. ජනාධිපතිවරණ සමයේදී චීනය, ලෝක ආර්ථික බලවතා බවට පත්ව ඇමෙරිකාව අභිබවා ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කිරිම ජෝ බයිඩන්ට අතිරේක අභියෝගයකි.
චීනය දෙවන ලෝක ආර්ථික බලවතා බවට පත්වූයේ 2010දීය. එවිට බලයට පැමිණ සිටියේ බරැක් ඔබාමාය. ඔබාමාගේ නව උපාය මාර්ගය වන ආසියාවට යොමු වූ උපාය මාර්ගය තෝරා ගත්තේ එකී පසුබිම තුළය. ඒෂියා-පැසිපික් සංකල්පය අනුව යමින් ආසියානු ආර්ථිකයට සහ නැගී එන චීනයට මුහුණ දෙමින් තරගකාරී තත්ත්වයකට යොමුවූ උපාය මාර්ගයට යොමු වුණි. ආසියාව තුළ නව පෙළගැස්මක් සහ නව බලතුලනයක් එමගින් ඔබාමා අපේක්ෂා කළේය.
එහෙත්, ඩොනල්ඞ් ට්‍රම්ප් 2016දී බලයට පැමිණීමෙන් අනතුරුව ඔහු ඒෂියා-පැසිපික් සංකල්පය වෙනස් කරමින් වඩාත් නිශ්චිත ඉන්දු-පැසිපික් සංකල්පයට පිවිසියේය. ආසියා වෙනුවට ”ඉන්දු” යන වචනය යෙදුවේ ඉන්දියානු සාගරයට අදාල රාජ්‍යයන් විශේෂයෙන්ම ඉන්දියාවට ඇස ගසමින්ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් චීනය හා ඇමෙරිකාව අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය. එමෙන්ම චීන-ඉන්දීය ප්රතිවිරෝධතා උත්සන්න කරලීමට ඩොනල්ඞ් ට්‍රම්ප් සමත් වීය. ජනාධිපතිවරණය අතරතුර ඉන්දියාව නොබැඳි ප්‍රතිපත්තියෙන් බැහැර කරලීමට ට්‍රම්ප් සමත්වීය. ජනාධිපතිවරණය අතරතුර ඇමෙරිකාව-ඉන්දියාව අතර ප්‍රථමවරට ආරක්ෂක ගිවිසුමකටද එළඹුනි.
නව ජනාධිපති ජෝ බයිඩන් මැතිවරණ ප්‍රතිඵලයට පසුව නිකුත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඔහු කියා සිටියේ ඔහු තරගකාරී සහ සහයෝගීතා පිළිවෙතකට යොමු වන බවයි. මීට ඇමෙරිකානු සුපිරි ධනපති පන්තිය සහ මිලිටරි බලය ඉඩදේද?
කෝවිඞ් 19න් පසු ලෝක බලතුලනය අධිරාජ්‍යවාදයට එරෙහි වන සේ තව දුරටත් වෙනස් වී ඇති බව අපි දකිමු. ජෝ බයිඩන් වැඩ භාර ගැනීමට පෙර ආසියාවේ සහ පැසිපික් කලාපයේ ප්‍රධාන රටවල් සහ ඇමෙරිකානු හිතවත් රටවල් වන දකුණු කොරියාව, ජපානය, ඕස්ට්‍ර්ලියාව සහ නවසීලන්තය, චීනය සහ සෙසු ආසියාතික රටවල් සමඟ සාමූහික නිදහස් වෙළද ගිවිසුම්වලට එළඹීම නව ඵෙතිහාසික ප්රවණතාවයකි. දැඩි චීන විරෝධි ස්ථාවරයක සිටින ඕස්ට්‍රේලියාව පවා මෙම ප්‍රවණතාවයෙන් කොන් නොවීමට වගබලා ගත්තේය. ජපානය සහ දකුණු කොරියාව තුළ ඇමෙරිකානු හමුදාව නතර කර තිබියදී ඇමෙරිකාවේ වඩාත්ම සමීප රටවල් දෙකට චීනය සමඟ නිදහස් වෙළද ගිවිසුම්වලට පැමිණීමට සිදුවූයේ නව ආර්ථික යථාර්ථයේ බලපෑම නිසාය. ආසියාව තුළ සංවිධාන 06ක් චීනය සමඟ ගිවිසුම්වලට එළඹියේ පශ්චාත් කෝවිඞ් අවශ්‍යතාවයක් හැටියටය. කෝවිඞ් වසංගතයට මුලින්ම ලක් වූ චීනය යළි තම ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගෙන ඇත. ලොවේ සෙසු සියලු ප්‍රධාන රටවල් සෘණ ආර්ථික තත්ත්වකය.
1850 ගණන්වල ගොඩනැගුණු බටහිර අධිරාජ්‍යවාදය පළමුවරට ආර්ථික කේෂ්ත්රයෙහි ප්රබලතම සහ තීරණාත්මකව අභියෝගයට මුහුණ පා සිටි. මෙම තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ යුරෝපා සංගමය ඇමෙරිකාවෙන් දුරස්ව සිටියදීය. එමෙන්ම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්ව සිටියදීය. ඇමෙරිකාව පළමුව සහ ඇමෙරිකාව ශ්‍රේෂ්ඨයි යන සටන් පාඨය උඩ බලයට පැමිණි ඩොනල්ඞ් ට්‍රම්ප් තම වසර 04ක පාලනය අවසන් කර ඇත්තේ ඇමෙරිකා තනිවම තත්ත්වයක් නිර්මාණය කරමින්ය.
අධිරාජ්‍යවාදය හමුවේ ඇත්තේ විකල්ප 03කි. (ගැටුම්කාරීත්වය හෝ තරගකාරීත්වය හෝ සහයෝගීතාවය) ඩොනල්ඞ් ට්‍රම්ප් තෝරාගත්තේ ගැටුම්කාරීත්වයයි. එම මාර්ගයේ ගිය ට්‍රම්ප්ට මුළු මැද පෙරදිගම අහිමි විය. චීනය, ඇමෙරිකාව අභිබවා පැමිණියේය. චීනය සහ ඇමෙරිකාව අතර ඇත්තේ කරට කර තාක්ෂණික තරගයකි. G5 තාක්ෂණයට චීනය පිවිසීම ඇමෙරිකාවට පසුබැස්මකි.
නව තත්ත්වය තුළ ඉන්දියාව නිහඬය. න්‍යෂ්ටික බලවතුන් වන ප්‍රංශය, උතුරු කොරියාව සහ ඉරානය පාලනය කිරීමට ට්‍රම්ප් ගත් උත්සහයද ව්‍යර්ථ විය.
අධිරාජ්‍යවාදයේ නවතම කුරුමානම කුමක්දැයි ලොවම බලා සිටි. අප දකින ආකාරයට අධිරාජ්‍යවාදය ගමනක අවසානයට පැමිණි ඇත. 1917 ඔක්තෝම්බර් විප්ලවයෙන් ඇරඹි අධිරාජ්‍ය විරෝධි ගමන පසු බැසීම් මධ්‍යයේ ඉදිරියට පැමිණ ඇත. චීනය එහි තීරණාත්මක සාධකයයි. ⋆