කාශ්මීරය පිළිබඳව මැදිහත්වන ලෙස, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි තමන්ගෙන් ඉල්ලා සිටි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, පකිස්ථාන් අගමැති ඉම්රාන් ඛාන් සමඟ වූ සාකච්ඡුාවේදී අනාවරණය වීමත් සමඟ ඉන්දියාවේ ලෝක් සභාව තුළ හා දේශපාලන ක්ෂේත්රය තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.
මේ සම්බන්ධයෙක් ප්‍රකාශයක් කළ ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ට්‍රම්ප්ගේ එම ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බව පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය. එම ප්‍රකාශය අසත්‍ය නම්, එය නිවැරදි කළ යුත්තේ අගමැති මෝඩි විසින් බව විපක්ෂයේ මන්තී‍්‍රවරු කියා සිටියහ.
තවදුරටත් කථා කළ ඉන්දියානු විදේශ අමාත්‍යවරයා, කාශ්මීර ප්රශ්නය විසඳිය හැක්කේ ඉන්දියානු රජය සහ පකිස්ථාන් රජය අතර ඍජුව කෙරෙන සාකච්ඡුාවකින් පමණක් බව ඉන්දියාවේ ස්ථාවර ප්‍රතිපත්තිය බව කියා සිටියේ ය. තුන්වන පාර්ශ්වයක් මැදිහත්වීම ඉන්දියාව අනුමත කරන්නේ නැති බව ද ඔහු කියා සිටියේ ය.
මෙ අතර පකිස්ථාන් අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශයක් කරමින් කාශ්මීර ප්රශ්නය නොවිසඳී තිබෙන්නේ තුන්වන පාර්ශ්වයක් මැදිහත්වීමක් නොමැති නිසා බව කියා සිටී.
ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ යෝජිත ඉන්දු-පැසිපික් හවුලට මෙම දේශපාලන වර්ධනය බලවත් බාධකයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.