Saturday, 02 December 2023

රනිල් යයි

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය හෙට (21) ජනාධිපතිවරයා වෙත යැවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමඟ කැබිනට් මණ්ඩලය ද විසිර යයි.

මේ අනුව අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ මහ මැතිවරණය දක්වා කාලය භාරකාර ආණ්ඩුවයක් සමඟ කටයුතු කිරීමට නියමිත ය.

නව භාරකාර රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරීමට නියමිත අතර පත් කෙරෙන කැබිනට් මණ්ඩලය ද සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වම් ඉවුරේ වෙබ් නාදය