Friday, 29 March 2024

ගාල්ලෙන් එකක් බදුල්ලට

2019 නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් අඩු වී  ඇත.  එනම් ගාල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 10 ආසන 9 ක් බවට පත්වී ඇත. මෙම අඩුවූ මන්ත්‍රී ධුරය හිමිව ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්යටයි. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 සිට 9 දක්වා වැඩි වී තිබේ. ඡන්දය හිමි නාමලේඛනයක්  සංශෝධනය වනවිට ඒ ඒ දිස්ත්‍රික්කයට හිමි ඡන්ද දායකයින් සංඛ්‍යාවේ ප්‍රතිශතය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව තීරණය වේ.

2015 පැවති අවසන් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 6ක් සහ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 4ක් හිමිව තිබුණි. බදුල්ල දිස්ත්‍රික්ක අවසන් ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 5ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 3ක් වශයෙනි.

වම් ඉවුරේ වෙබ් නාදය