කුප්‍රකට බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිය නම අර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කරගෙන ඇතැයි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටපෝල්) විසින් සීඅයිඩිය වෙත දන්වා එවා ඇතැයි වාර්තා වෙයි.
ඉන්ටපෝල් විසින් දන්වා ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුවේ නම ඒ අනුව වෙනස් කරන ලෙසයි. ඒ වෙනස් කිරීම සිදු කර තිබේ.
ඔහු විසින් සිය අලූත් නම භාවිතා කරමින් අපරාධ කටයුතු කරන්නේද යන්න පිළිබඳව සැක මතු වී තිබේ.