කිසිදු ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින හෝ එම ඉඩම් සංවර්ධනය කළ පුද්ගලයින්ට එම ඉඩම්වල නීත්‍යානුකූල හිමිකාරීත්වය පැවරීම සඳහා රජය විසින් 2020 සැප්තැම්බර් 10 වනදා නිකුත් කළ අංක 2192/36 දරණ ගැසට් අවලංගු කර තිබේ.
වන සංරක්ෂණ, අභයභූමි ඇතුළු රජයේ ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින්නන්ට පවරා දීම සඳහා රජය විසින් ගෙන ආ මෙම ගැසට්ටුවට පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව
ගණනාවකගෙන් විරෝධය එල්ල වී තිබිණි. ඒ අනුව දින 12ක් තුළ එනම් සැප්තැම්බර් 22 වනදා වනවිට එම ගැසට්ටුව අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව පෙනේ.
පසුගිය දිනවල සිදුවූ වන විනාශයන්ට ද මූලික හේතුව උක්ත ගැසට්ටුව බව විචාරක අදහස වී තිබු◊ණි.
මීට පෙරද සයින්දමර්දු නගරසභාව පිහිටුවීම වැනි ගැසට් නිවේදන කිහිපයක්ම ආපසු හැරවීමට ආණ්ඩුවට සිදු විය.
විදුනෙත් සියඹලාපිටිය