ශ්රී ලංකාව් 2019 විරැකියා අනුපාතය 4.8%ක් බව ජන සංඛ්යාලේඛව දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවක් මගින් පෙන්වා දී ඇත.
දිස්ත්රික්ක මට්ටමින් බලන කල වැඩිම විරැකියා අනුපාතයක් ඇත්තේ මාතර දිස්ත්රික්කයේය. එය 7.5%කි. විරැකියාව වැඩි සෙසු දිස්ත්රික්ක වන්නේ මාතලේ (7.4%), හම්බන්තොට (7.3%) සහ මඩකලපුව (7.2%) ක් වශයෙනි.
විරැකියා අනුපාතය කාන්තාවන් අතර 7.4%ක් වන අතර පුරුෂයන් අතර එය 3.3%කි. 2012 වර්ෂයේදී විරැකියා අනුපාතය 4%ක මට්ටමේ පැවති අතර 2015 දී එය 4.7% දක්වා ඉහළ ගොස් තිබුණි.
එම වාර්තාවෙන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ උපාධිධාරීන් 42,024ක් විරැකියාවෙන් පසුවන අතර ඉන් 23,040ක් කලා උපාධිධාරීන් (54.8%) බවය.
2019 ශ්රම බලකාය පිළිබඳ වාර්තාව මගින් විරැකියා පුද්ගලයෙක් ලෙස හඳුන්වනු ලැබුවේ කිසිදු වැඩක නොයෙදෙන රැකියාවක් සඳහා සූදානමින් සිටින හා අවස්ථාවක් ලැබුණු සැණින් ඒ සඳහා යෙදවීමට හැකි පුද්ගලයන්ය.
විරැකියා අනුපාතය යනු රටක ආර්ථිකයේ ප්රධාන මිම්මකි.
පාරමී විදානපතිරණ