බලධාරීන් කෙතරම් පුරසාරම් දෙඩවුවද රටට ඩොලර් උපයන ප්‍රධාන මාර්ගයක් වන නිදහස් වෙළෙඳ කලාපයේ ඇගළුම් කර්මාන්තයේ සේවයේ නියුතු ශ්‍රමිකයන් මහා පරිමාණයේ සූරා කෑමකට ලක්වන බව වාර්තා වේ. කොවිඩ් ආරම්භ වූ 2020 සිට ඔවුන්ගේ වැටුප අඩකට අඩු කළ අතර ඒ අනුව බොහෝ සේවකටන්ට තවමත් ලැබෙන්නේ රු. 14,500ක තරම් අඩු වේතනයක් බවද වාර්තා වේ.
ආණ්ඩුව ඇගළුම් ක්ෂේත‍්‍රය ගැන කියන රට සල්ලි පුරසාරම කෙසේ වෙතත් මෙම සේවකයින්ගේ අතිකාල දීමනා, පැමිණීමේ දීමනා කප්පාදුවට ලක්ව ඇති අතර, කර්මාන්ත ශාලා හිමියෝ මෙම සේවකයන්ට මුව ආවරණයක් හෝ ලබා නොදෙන බවත් පැය අට ඉක්මවා වැඩ කරන සේවකයින්ට පෝෂ්‍යදායී ආහාර වේලවක් හෝ ලබා නොදෙන බවද වාර්තා වේ. මේ අතර සේවකයන්ට මාස හයකට වරක් ලබාදෙමින් තිබූ ප්‍රසාද දීමනදාද කෝවිඩ් තත්ත්වය මත කපා හැර ඇත.
ඇගළුම් නිෂ්පාදන සඳහා විශාල ඇණවුම් ප්‍රමාණයක් මේ වන විට ලැබී වාර්තාගත ආදායමක් ලැබී ඇති අතර මූලික පහසුකම්වත් නොමැතිව ඒ සඳහා දිවා රාත්‍රී වැඩ මුර නොනවත්වා සිදු කරන බවද වාර්තා වේ. වෙළෙඳ කලාප සේවකයන්ට තම ආසාධාරණකම් ප්‍රකාශ කිරීමට බලවතුන් නොමැති තත්ත්වයකට අසරණ වී ඇති අතර මේ තත්ත්වය තුළ වෘත්තීය අයිතීන් ගැන කතා කිරීම රැකියාව අහිමි වීමට හේතුවක් වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.