Friday, 22 September 2023

දේශීය සහල් නිෂ්පාදකයෝ පවසති

රට තුළ සහල් හිඟයක් නොමැති බවත් පසුගිය යල සහ මහ කන්න දෙකෙහි අස්වැන්නෙන් සැලකිය යුතු වී තොග පෞද්ගලික අංශයේ වී මෝල් හිමියන්ගේ ගබඩාවලත් ගොවීන් සතුවත් තිබෙන බවත් හම්බන්තොට සහල් සැකසුම් කර්මාන්තයේ නියැලෙන දේශීය ව්‍යවසායකයන් පිරිසක් ඇත්තට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. ඔවුන පවසන්නේ රජය සතුවද වී තොග ගබඩා කොට තිබියදී කෘතීම සහල් හිඟයක් මවා පාමින් විශාල සහල් තොගයක් ආනයනය කරීමට රජය කටයුතු කරන බව ප්‍රකාශ කිරීම පසුගිය කාලයේ මෙන් මඩි තද කරගැනීමට කරන ක්‍රියාවක් දැයි සැක සිතෙන බවය.


තව දුරටත් ඔවුන් ප්‍රකාශ කරන්නේ වී නිෂ්පාදනය සහ සහල් සැකසුම් කර්මාන්තය පිළිබඳ නිසි අධ්‍යයනයක් කර සියලූ පාර්ශ්වයන් එක්කර ගනිමින් සහල් නිෂ්පාදනය හා බෙදා හැරීම පිළිබඳ රජය මැදිහත් විය යුතුව තිබියදී ඇතැම් ජාවාරම්කරුවන්ගේ සහ රැවටිලිකරුවන්ගේ උපදෙස් මත තීරණ ගැනීම කාලෝචිත නොවන බවයි. මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකුගේ ඒකාධිකාරයක් පවතින තත්ත්වය තුළ ඉල්ලූම සැපයුම පාලනය කරගත හැකිවන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් පමණක් බවද රාජ්‍ය මැදිහත් වීම යනු මිල පාලනයට ගැසට් කිරීම පමණක් නොවන බවත් කෘතීම සහල් හි`ගයක් ඇති කිරීම වළක්වාලිය හැක්කේ රාජ්‍ය අංශය විසින් තරගකාරී ලෙස වී මිලදී ගෙන සහල් සැපයුමට මැදිහත්වීමෙන් පමණක් බව දේශීය ව්‍යවසායකයන්ගේ අදහසය.

ශ්‍රී ලංකාව් 2019 විරැකියා අනුපාතය 4.8%ක් බව ජන සංඛ්‍යාලේඛව දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවක් මගින් පෙන්වා දී ඇත.
දිස්ත‍්‍රික්ක මට්ටමින් බලන කල වැඩිම විරැකියා අනුපාතයක් ඇත්තේ මාතර දිස්ත‍්‍රික්කයේය. එය 7.5%කි. විරැකියාව වැඩි සෙසු දිස්ත‍්‍රික්ක වන්නේ මාතලේ (7.4%), හම්බන්තොට (7.3%) සහ මඩකලපුව (7.2%) ක් වශයෙනි.
විරැකියා අනුපාතය කාන්තාවන් අතර 7.4%ක් වන අතර පුරුෂයන් අතර එය 3.3%කි. 2012 වර්ෂයේදී විරැකියා අනුපාතය 4%ක මට්ටමේ පැවති අතර 2015 දී එය 4.7% දක්වා ඉහළ ගොස් තිබුණි.
එම වාර්තාවෙන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ උපාධිධාරීන් 42,024ක්  විරැකියාවෙන් පසුවන අතර ඉන් 23,040ක් කලා උපාධිධාරීන් (54.8%) බවය.
2019 ශ්‍රම බලකාය පිළිබඳ වාර්තාව මගින් විරැකියා පුද්ගලයෙක් ලෙස හඳුන්වනු ලැබුවේ කිසිදු වැඩක නොයෙදෙන රැකියාවක් සඳහා සූදානමින් සිටින හා අවස්ථාවක් ලැබුණු සැණින් ඒ සඳහා යෙදවීමට හැකි පුද්ගලයන්ය.
විරැකියා අනුපාතය යනු රටක ආර්ථිකයේ ප්‍රධාන මිම්මකි.

පාරමී විදානපතිරණ

කිසිදු ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින හෝ එම ඉඩම් සංවර්ධනය කළ පුද්ගලයින්ට එම ඉඩම්වල නීත්‍යානුකූල හිමිකාරීත්වය පැවරීම සඳහා රජය විසින් 2020 සැප්තැම්බර් 10 වනදා නිකුත් කළ අංක 2192/36 දරණ ගැසට් අවලංගු කර තිබේ.

වන සංරක්ෂණ, අභයභූමි ඇතුළු රජයේ ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින්නන්ට පවරා දීම සඳහා රජය විසින් ගෙන ආ මෙම ගැසට්ටුවට පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව
ගණනාවකගෙන් විරෝධය එල්ල වී තිබිණි. ඒ අනුව දින 12ක් තුළ එනම් සැප්තැම්බර් 22 වනදා වනවිට එම ගැසට්ටුව අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව පෙනේ.
පසුගිය දිනවල සිදුවූ වන විනාශයන්ට ද මූලික හේතුව උක්ත ගැසට්ටුව බව විචාරක අදහස වී තිබු◊ණි.
මීට පෙරද සයින්දමර්දු නගරසභාව පිහිටුවීම වැනි ගැසට් නිවේදන කිහිපයක්ම ආපසු හැරවීමට ආණ්ඩුවට සිදු විය.

විදුනෙත් සියඹලාපිටිය

 

කුප්‍රකට බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිය නම අර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කරගෙන ඇතැයි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටපෝල්) විසින් සීඅයිඩිය වෙත දන්වා එවා ඇතැයි වාර්තා වෙයි.

ඉන්ටපෝල් විසින් දන්වා ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුවේ නම ඒ අනුව වෙනස් කරන ලෙසයි. ඒ වෙනස් කිරීම සිදු කර තිබේ. 

ඔහු විසින් සිය අලූත් නම භාවිතා කරමින් අපරාධ කටයුතු කරන්නේද යන්න පිළිබඳව  සැක මතු වී තිබේ.

 

වම් ඉවුරේ වෙබ් නාදය