Friday, 22 September 2023

අප්‍රේල් 7 වැනි දා වන අද දින චීනයෙන් කිසිඳු කොරෝනා වෙෙරස් රෝගී මරණයක් වාර්තා නොවුණි. පසුගිය ජනවාරි මාසයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතයේ දී චීනයේ කිසිඳු මරණයක් වාර්තා නොවූ දිනය වන්නේ අද දිනයයි.  නමුත් අද දිනයේත් නව කොරෝනා ආසාදිතයන් 32 නකු චීනයෙන් හමු වී ඇත. මෙම සියලු දෙනා විදෙස් රටවලින් චීනය වෙත පැමිණියවුන් බව චීනය ප්‍රකාශ කර ඇත. එරට නිල වාර්තා අනුව මේ දක්වා ආසාදිතයින් 81,740ක් හමුව ඇති අතර මියගිය සංඛ්‍යාව 3,331කි.

චීනයේ තත්ත්වය එසේ වුවද අනෙකුත් රටවල තත්ත්වය තවමත් යහපත් නොවේ. අද දිනය තුළ 1,417ක් වූ වැඩිම මරණ ප්‍රමාණය වාර්තා වන්නේ ප්‍රංශයෙනි. අද වන විට එහි ආසාදිතයන් සංඛ්‍යාව 109,069කි. දිනය තුළ මරණ 1,371ක් සටහන් කර ගනිමින් ලොව වැඩිම ආසාදිත පිරිසක් වාර්තා කරන රට ඇමෙරිකාවයි. එහි ආසාදිත සංඛ්‍යාව 386,104 කි.

පසුගිය දින කිහිපය පුරා වැඩි දෙෙනිකව වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වූ ඉතාලියේ එම සංඛ්‍යාවෙහි යම් අඩුවීමක් දැකගත හැකිය. නමුත් අද දිනය තුළත් ඉතාලියෙන් මරණ 604ක් වාර්තා වී තිබුණි.

මේ අතර කොරෝනා තත්ත්වය  උත්සන්න වීම නිසා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (06) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40ක් වශයෙන් වාර්තාගත ලෙස සටහන් විය.

2020 ජනවාරි මාසයේ මෙන්ම මාර්තු මස පළමු සතිය දක්වා යම් ස්ථාවරයක පැවති ශ්‍රී ලංකා රුපියල, කොරෝනා වෛරසය පැතිරීම හේතුකොට ගෙන තියුණු ලෙස අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

මේ අවප්‍රමාණ වීම ලංකාවේ ඉදිරි ආර්ථික කටයුතුවලට අහිතකර ලෙස බලපානු ඇති බව ආර්ථික විශේෂඥයෝ මත පළ කරති.

 

 

වම් ඉවුරේ වෙබ් නාදය