Friday, 22 September 2023

කොරෝනා වෙෙරසය ආසාදිතයන් සංඛ්‍යාවට අද දිනය තුළ තවත් ආසාදිතයන් නව දෙනෙකු එක් වීමත් සමඟ ආසාදිත සංඛ්‍යාව 175ක් බවට පත්ව ඇත.

මේ දක්වා කොරෝනා ආසාදිතයන් වශයෙන් හඳුනාගත් 33 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් සැකකටයුතු 259 දෙනෙකු වෙෙද්‍ය පරීක්ෂා ඇස සමඟ රෝහල්වල ප්‍රතිකාර ලබති.

දැනට වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් ප්‍රතිකාර ලබන්නේ හෝමාගම මූලික රෝහලේය. එම සංඛ්‍යාව 66කි. තවත් ආසාදිතයන් 20 දෙනෙකු වැලිකන්ද රෝහලේ ද 19 දෙනෙකු රාගම රෝහලේ ද ප්‍රතිකාර ලබති. මීගමුව ජාතික රෝහලේ ආසාදිතයන් 15 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර අංගොඩ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ රෝගීන් 12 දෙනෙක් ප්‍රතිකාර ලබති. 

මහ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේය.

කොරෝනා වයිරස් රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද තත්ත්වය පාලනය වන තුරු මැතිවරණයක් පැවැත්වීම ගැන සිතිය නොහැකි බවද සභාපතිවරයා කීවේය.

නැවත දනුම් දෙන තුරු අද පස්වරු 4.30 සිට බල පැවැත්වෙන පරිදි පුත්තලම දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගන්නා බව ඔහු කියා සිටියි

ඒ අනුව පොලිස් වසම් 11කටත් , හලාවත පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 07කටත්, මීගමුව කොචිචිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් මෙම ඇදිරි නීතිය බල පැවැත්වෙයි.

  

වම් ඉවුරේ වෙබ් නාදය