Friday, 22 September 2023

අද දින සිට (18) ලොකු ළුණු කිලෝවක උපරිම සිල්ලර මිල රු. 190.00 සිට 150.00 දක්වා අඩු කරන බව පාරිභෝගින අධිකාරිය ප්‍රකාශ කර තිබේ. නමුත් අද වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ලොකු ළුණු හිඟයක්  පවතින බව වාර්තා වේ. 

මේ අතර පරිප්පු කිලෝව රුපියල් 65 කටත් ග්‍රෑම් 425 ප්‍රමාණයේ ටින් මාලු කෑන් රුපියල් 100කට හා ලොකු ලුනු කිලෝව රුපියල් 150කට ලබා ගැනීම සඳහා ලංකා සතොස වෙත විශාල පිරිස් පැමිණෙමින් තිබේ

සියලුම පාසල්වල වාර නිවාඩුව අප්‍රේල් 20 වැනිදා දක්වා ලබාදීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 

කොරෝනා වෙෙරසය පැතිරීම නිසා මෙලෙස පාසල් වසා දමන බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.

මේ වන විට ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් පෞද්ගලික පාසල් සහ පංති පැවැත්වීමද නවත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බවද හෙතෙම පැවසීය.

මෙතෙක් කල් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගනිමින් ඔහුත් සමඟ සිටි මන්ත්‍රීවරු සජිත් ප්‍රේමදාස මහතා වෙත සහාය පළ කරමින් සිටි. 

එක්සත් ජාතික පක්ෂය තනිව තරග කිරීමට යාම සියතින් ගෙල සිඳ ගැනීමක් යැයි පවසන එම මන්ත්‍රීවරු එළඹෙන මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි බලවේගයෙන් තරග කරන බවට සපථ කරති.

අවසන් අවස්ථාව දක්වාම රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිටි මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, පී හැරිසන් යන මන්ත්‍රීවරු පසුගියදා සමගි බලවේගයේ කාර්යාලය විවෘත කරන අවස්ථාවට පැමිණ සිටියහ. ඒ අවස්ථාවට දොස්තර රාජිත සේනාරත්න මහතා ද පැමිණ තිබීම සුවිශේෂී ය. ඊට අමතරව අද උදෑසන ගාල්ලේ විජේපාල හෙට්ටිආරච්චි මහතා ද ප්‍රේමදාස මහතා හමුවී ඔහුගේ සහය පළ කොට ඇති බව වාර්තා වේ.  

ඉදිරි දින කිහිපය තුළ තවත් පිරිස් රනිල් හැර යන සැටි බලාගත හැකි බවඇත්තවෙත අදහස් දැක්වූ දැන් ජාතික සමගි බලවේගය නියෝජනය කරන හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු පැවසීය.

වම් ඉවුරේ වෙබ් නාදය