- ඇත්ත - පුවත්
- Posted On
කොරෝනා ලෝකය ගිල ගනිමින්
කොරෝනා නමින් ප්‍රකට වූ කොවිඩ් -19 වෛරසය අද වන විට ලොව පුරා පැතිරෙමින් ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. චීනයෙන් ආරම්භ වූ වෛරසය දැන් යුරෝපය දක්වා ද පැතිරෙමින් ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 108,000 ඉක්මවා ගොස් ඇත. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 4000කට ඉතා ආසන්න ය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද අද වන විට චීනය, කුවේට් ආදී ගමනානාන්ක කිහිපයකට ගුවන් ගමන් නවතා දමා ඇත.
යුරෝපයේ කොරෝනා වයිරසය පැතිරුණු ප්‍රධානම රට ඉතාලියයි. ඉතාලිය කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා ජනතාව මිලියන 16ක් නිරෝධායනයට ලක්කර ඇත. එනම් එරට ජනගහනයෙන් හතරෙන් එකක් කොටසක් නිවාසවල කොටු වී සිටිති. ඒ අනුව ඉතාලියේ පාසැල්, ක්රීඩාගාර, සමාජ ශාලා ඇතුළු පොදු ස්ථාන සියල්ල වසා දැමීමට රජය නියෝග කර ඇත. පසුගිය ඉරිදා වන විට එරටින් වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව 1200 සිට 6000 කට ආසන්න අගයක් දක්වා සීග්‍රයෙන් වර්ධනය විය. ඉතාලියෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 230 දක්වා ඉහළ ගොස් ඇත.
එක්සත් රාජධානියේ කොරෝනාවෛරස ආසාදිතයන් සංඛ්‍යාව 163 දක්වා ඉහළ ගොස් ඇත.
රෝගයට ගොදුරු වූවන් සඳහා ප්‍රමාණවත් තරම් පරීක්ෂණ කට්ටල නොමැති බව ධවල මන්දිරය පසුගිය මාර්තු 06 පිළිගැනීමත් සමඟ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඩොලර් බිලියන 8.3ක හදිසි අරමුදල් සපයන පනතකට අත්සන් තැබීය. එක්සත් ජනපද ප්‍රාන්ත 20ක කොවිඩ් -19 රෝගීන් 200 ට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.
ප්‍රංශයේ මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 577 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇත.
ඉරානයේ තවත් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් තිබේ. එරට පුද්ගලයන් 4,747 දෙනෙකුට වෛරසය අසාදනය වී ඇත.
නෙදර්ලන්තයේ පළමු කොරෝනා වෛරස මරණය වාර්තා වූ අතර, පසුගිය දින දෙක තුළ එරට ආසාදිතයන් සංඛ්‍යාව 82 සිට 128 දක්වා ඉහළ ගොස් තිබේ.
ස්පාඤ්ඤයේ පුද්ගලයන් පස් දෙනෙකු මියගිය අතර, පුද්ගලයින් 365 දෙනෙකුට ආසාදනය වී ඇත.
ස්විට්සර්ලන්තයේ මේ වන විට පුද්ගලයින් 210 දෙනෙකුට ආසාදනය වී ඇති අතර එක් මරණයක් වාර්තා විය.
රුසියාව තුළ තවත් රෝගීන් හයක් තහවුරු වීමත් සමග, මුළු ගණන 12 දක්වා වැඩි වී තිබේ.