කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විදේශ සමාගමකට විකිණීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව වරායේ සියලූ වෘත්තිය සමිතිවල එකතුවෙන් පිහිටුවා ඇති නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ මූලිකත්වයෙන් වරාය සුරැකීමේ ජාතික සභාව පිහිටුවීම 2021.01.11 දින කොළඹදී සිදු වේ.
මෙරට ඉතිහාසයේ ජාතික සම්පත් සුරැකීම සඳහා සියලූ බේද දුරලා මහ සගරුවන අන්‍ය ආගමික පූජ්‍ය ප්රසාදිතුමන් මෙරට සියලු වෘත්තීය සමිති දේශපාලන පක්ෂ වෘත්තිකයින් එක්ව ගොඩ නගන දැවැන්ත ව්‍යාපාරය මෙය බවත් ඇත්තට විශේෂ ප්‍රකාශයක් කළ වරාය වෘත්තීය සමිති එකතුවේ ලාල් බංගමුව මහතා කියා සිටියේය.
වරාය බාර අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කොට තිබුණේ ඉන්දියාවේ අදානි සමාගමට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක කොටස් ලබා දෙන බවයි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශීය සමාගමකට ලබා දීමට තීරණය කොට නොමැති බවයි.
මේ අතර යහපාලන රජය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් විදේශයන් සමඟ එළඹුන ගිවිසුම් තුනක පිටපත් අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත.