Sunday, 25 September 2022

ශ්‍රී ලාංකේය නූතන ම කාව්‍ය ව්‍යාපාරය වඩාත් පුළුල් කිරීමේ අරමුණින් සන්ථව ප‍්‍රකාශන ආයතනය වාර්ෂික ව පවත්වන ‘සන්ථව කාව්‍ය විචාර සම්මාන උත්සවය 2020’ මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ. මේ අනුව 2020 කාව්‍ය විචාර සම්මානයට අදාලව විචාරයට ලක් කළ යුත්තේ පෙර වර්ෂයේ, එනම් 2019 වර්ෂයේ ප‍්‍රකාශයට පත් වූ කාව්‍ය කෘතින් ය.

මේ සඳහා විවෘතව පාසල් මට්මමෙන්, විශ්ව විද්‍යාල මට්ටමෙන් හෝ බාහිර  ඕනෑම අයෙකුට විචාර ඉදිරිපත් කළ හැක. එක් විචාරයක් සඳහා 2019 වර්ෂයේ ප‍්‍රකාශිත එක් කවි පොතක් තෝරා ගෙන ඒ ඔස්සේ  ඕනෑම විචාර පදනමකට අනුව විචාර ඉදිරිපත් කළ හැකි අතර, පොයින්ට් 12 fm අභය ප‍්‍රමාණයෙන් යතුරු ලියනය කරන ලද තනි පැත්ත පිටු දහයකට නොවැඩි වන සේ විචාර ඉදිරිපත් කළ යුතුය. එක් විචාරයකින් පිටපත් 03 ක් එවිය යුතු අතර විචාරයේ මාතෘකාව තමා විසින් යෙදිය යුතුය. විචාරයේ ඔබගේ නාමය සඳහන් නොකළ යුතුය. ඔබගේ පෞද්ගලික විස්තර සහ විචාරයේ මාතෘකාව සඳහන් වෙනම අයදුම් පත‍්‍රයක් විචාරය සමඟ ඉදිරිපත් කළ යුතුය. එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් විචාරයක් පමණි.

හොඳම විචාරය සඳහා ”සන්ථව කාව්‍ය විචාර සම්මානය” පිරිනැමෙන අතර ප‍්‍රශස්ත මට්ටමේ විචාර දහයක් උදෙසා වටිනා සහතික සහ තිළිණ පිරිනැමෙයි. එම ජයග‍්‍රාහී විචාර සහ 2019 වර්ෂයේ ප‍්‍රකාශිත නූතන ම සිංහල කවිය පිළිබඳ තුලනාත්මක විචාර නිබන්ධනය කෘතියක් ලෙස ජනගත කිරීමද සම්මාන උත්සවය අවස්ථාවේ සිදුවෙයි. එම කටයුක්ත මෙම වර්ෂයේ සිදු කරනු ලබන්නේ කලා විචාරක සිසිර කුමාර මහගම මහතා විසිනි. සම්මාන ප‍්‍රදානොත්සවය අගෝස්තු මස අගදී කොළඹ දී පැවැත්වීමට නියමිතය.

 සියළුම විචාර 2020 ජුනි මස 30 වනදාට ප‍්‍රථම එවිය යුතු අතර වැඩි විස්තර, 076 2059581 අංකයට ඇමතීමෙන් ලබාගත හැක.

 විචාර ඉදිරිපත් කළ යුතු ලිපිනය :- සම්බන්ධීකාර, සන්ථව කාව්‍ය විචාර සම්මාන 2020,

68 A/ 116, ඉසුරු මාවත, ගම්පහ පාර, යක්කල.

 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසා තිබේ. ඒ ඉදිරි මහ මැතිවරණය ගැන තීරණය කිරීම සහ මැතිවරණයේදී පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවන්නේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යටතේද නැද්ද යන්න ගැන තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වීම තීරණයකින් තොරව අවසන් වීමෙන් අනතුරුවය.

ඇත්ත වෙත අදහස් දැක්වූ එජාප මන්ත්‍රීවරයෙකු පැවසුවේ ඊයේ පැවති රැස්වීම ආරම්භයේ පටන්ම දැඩි අර්බුදකාරී තත්ත්වයක පැවති බවයි. මෙහිදී කිහිප දෙනෙකු අතර ඇති වීමට ගිය ගුටි බැට හුවමාරුවක් වැළකී ගියේ යාන්තමින් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

චීන විදේශ කටයුතු අමාත්‍ය වැංග් යී සහ රුසියාවේ විදේශ කටයුතු අමාත්‍ය සර්ගි ලැව්රෝව් දින දෙකක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. 

ඒ අනුව චීන විදේශ කටයුතු අමාත්‍ය වැංග් යී මහතා එළැඹෙන 13 දා රාත්‍රියේ ඔහු දිවයිනට පැමිණීමට නියමිත ය. ඔහු 14 දා පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

රුසියානු විදේශ අමාත්‍යවරයා ලංකාවේ ජනාධිපති, අගමැති, විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. රුසියානු විදේශ අමාත්‍යවරයා සිංහල භාෂාව පිළිබඳවද නිපුණත්වයක් ඇත්තෙක් බව ද වාර්තා වේ.
මැදපෙරදිග දේශපාලන-මිලිටරි ආතතියක් සහිත කාලයක සහ විශේෂයෙන් ලංකාවේ නව පාලනයක් බලයට පත්ව තිබියදී රුසියානු සහ චීන විදේශ ඇමතිවරුන්ගේ සංචාර භූ-දේශපාලන වැදගත්කමක් සහිත බව දේශපාලන මත දක්වන්නන්ගේ අදහස වී ඇත. 

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධනට අද (ජනවාරි 7) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 03 ක සිර දඬුවමක් සහ  රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද නියම කෙරිණි. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රජයට පාඩුවක් කළේයැයි ගොනුකර තිබූ චෝදනාවට වරදකරු වීම නිසා ය. නමුත් අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමත් සමඟ අද (ජනවාරි 7) පස්වරුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇප මත නිදහස් කෙරිණි.

2010 වසරේ සිට 2015 දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු කටයුතු කළ නමුත් 2015 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබාදීම එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. 

වම් ඉවුරේ වෙබ් නාදය