Sunday, 25 September 2022

අභිනවයෙන් ඌව පළාත් සභා ආණ්ඩුකාර ධුරයට පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජා කොල්ලුරේ මහතා අද (25) සිය ධුරයේ රාජකාරි ඇරඹුවේ ය.

බදුල්ලේ පිහිටි ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මෙම අවස්ථාවට පළාත නියෝජනය කරන මහජන නියෝජිතයන් මෙන්ම තවත් පිරිසක් සහභාගි වී සිටියහ.

රාජා කොල්ලුරේ මහතා පසුගිය 21 වන දා ඌව පළාත් ආණ්ඩුකාරවයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ ආණ්ඩුකාරවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීමක් මත ඊයේ (20) සිය ධුරවලින් ඉල්ලා අස් වීම නිසා හිස් වූ ආණ්ඩුකාර තනතුරු සඳහා අලුත් පත්වීම් අද සිදුවිය. ඒවා මෙසේය

• – බස්නාහිර පළාත – සීතා අරඹේපොළ මහත්මිය

• – දකුණු පළාත – ආචාර්ය විලී ගමගේ මහතා

• – මධ්‍යම පළාත – ලලිත් යූ. ගමගේ

• – වයඹ පළාත – ඒ. ජේ. එම්. මුසම්මිල්

• – සබරගමුව පළාත – ටිකිරි කොබ්බෑකඩුව

• – ඌව පළාත – රාජා කොල්ලුරේ මහතා

 

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය හෙට (21) ජනාධිපතිවරයා වෙත යැවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමඟ කැබිනට් මණ්ඩලය ද විසිර යයි.

මේ අනුව අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ මහ මැතිවරණය දක්වා කාලය භාරකාර ආණ්ඩුවයක් සමඟ කටයුතු කිරීමට නියමිත ය.

නව භාරකාර රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරීමට නියමිත අතර පත් කෙරෙන කැබිනට් මණ්ඩලය ද සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය අද (18) පෙරවරුවේ අනුරාධපුර, රුවන්වැලි සෑය අබියස මහ මළුවේ දී පැවැත්වීමට නියමිත ය.

දිවුරුම් දීමට ප්‍රථම ඒ මහතා විසින් ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමට නියමිතව ඇති අතර දිවුරුම් දීමෙන් අනතුරුව රුවන්වැලි සෑය අබියස මහ මළුවේදී සිට ඒ මහතා ජාතිය ඇමතීමට නියමිතය.

ඉදිරි පස් වසර සඳහා තම පාලකයා ලෙස ශ්‍රී ලංකාවේ බහුතර ඡන්ද දායකයන් විසින් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපතිවරයා ලෙස පසුගිය දා පැවති ජනාධිපතිවරණයේ දී තෝරා පත්කරගනු ලැබ ඇත. එහිදී ඡන්ද හැටනව ලක්ෂ විසිහතරදහස් දෙසිය පනස් පහක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ 52.25 % ප්‍රතිශතයක් ලබාගැනීමට සමත් විය. ඊළඟ සමීපතම තරගකරුවා වූ සජිත් ප්‍රේමදාස, ඡන්ද පනස් පන් ලක්ෂ හැට හතරදහස් දෙසිය තිස් නවයක් ලබා ගනිමින් සියයට 41.99 % ප්‍රතිශතයක් හිමිකර ගනු ලැබීය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂව වැඩි ඡන්ද දහතුන් ලක්ෂ හැටදහස් දහසයකින් ලාංකේය ඡන්ද දායකයන් විසින් ජයග්‍රහණය කරවනු ලැබ තිබේ.

වම් ඉවුරේ වෙබ් නාදය