ශ්‍රී ලාංකේය සංස්කෘතික කතිකාවට අගනා මෙහෙයක් ඉටු කළ මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. සිංහල භාෂාව මූලික ව විවිධ විෂය ප්‍රදේශ ගණනාවක සුරුකම් දැක්වූ ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රථම අංශ ප්‍රධාන මහාචාර්යවරයා විය. සසදාවත, මුවදෙව්දාවත, මයුර සංදේශය ආදී විවිධ කෘති ගණනාවක් ඔහු අතින් ඉංග්‍රිසියට පරිවර්තනය කළේ ය.
සිංහල භාෂාවේ ප්‍රගමනය වෙනුවෙන් මහත් කාර්යභාරයක් ඉටු කළ විතාරණ මහතා මෑතකදී ම සද්ධර්ම රත්නාවලිය ඉංග්‍රිසියට පරිවර්තනය කර තිබෙන අතර තවම එය මුද්‍රණයෙන් පළ වී නැති බව කියැවේ.
මෙරට කලා සංස්කෘතික කතිකාව පෝෂණය කිරීම වෙනුවෙන් කැප වුණු මහාචාර්ය විනී විතාරණයන මහතාට ඇත්ත ආචාරය මෙසේ පුද කරමු.