Friday, 22 September 2023

All Categories

හිරු රියැලිටි වැටසටහන්වලට නිරෝධායන නියෝග ක්‍රියාත්මක නොවීම ගැන විමසමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත. තවත් 
වගකිවයුතු පාර්ශ්වයන් වෙතද පිටපත් සහිතව යොමු කර ඇති මෙම ලිපියෙන්, 1897 අංක තුන දරණ නියෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත අනුව සෞඛ්ය අමාත්ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ගැසට් කර ඇති නිරෝධායන නියෝග අනුව මෙවැනි වැඩසටහන් පැවැත්වීම ගැන ප්‍රශ්න කර තිබුණි.

එම ලිපිය පහතින් දැක්වේ
 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා,
සෞඛ්‍ය අමාත්යංශය,
කොළඹ.
 
අධ්‍යක්ෂ ජනරාල්තුමනි,

හිරු රියැලිටි වැටසටහන්වලට නිරෝධායන නියෝග ක්රියාත්මක නොවීම ගැනයි 

covid -19 රෝගය පාලනය කිරීම සඳහා 1897 අංක තුන දරණ නියෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනත අනුව නිරෝධායන නියෝග සෞඛ්ය අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය විසින් ගැසට් කරනු ලැබුවාය. ඒ්වායේ නීතිමය තත්ත්වය ගැන මතබේදයක් තිබුණ ද මෙවැනි වටපිටාවක ඒ්වා පිළිපැදීම සියලුම ජනතාවගේ සෞඛ්යට හිතකර බැව් අපේ අදහසයි. කෙසේවෙතත් ඒවාට මුවාවෙමින් අයිතිවාසිකම් කප්පාදු කිරීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැති බව ද සඳහන් කරමු.
 
රෝගය පාලනය කිරීම සඳහා යැයි කියමින් පසුගිය බ්රහස්පතින්දා සිට ක්රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා ඇති බව සෞඛ්ය අමාත්යංශය මගින් නිල වශයෙන් ප්රසිද්ධ නොකළ ද යුද හමුදාපතිවරයා සහ පොලිස් මාධ්ය ප්රකාශකවරයා ප්රකාශයට පත් කළහ. බස්නාහිර පළාතට ඇතුළුවීම හෝ පිටවීම ද, පළාත ඇතුළේ ගමනාගමනය ද තහනම් බව පොලිසියේ නිවේදනවලින් කියැවිණි.
 
මෙම නියෝග කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අවස්ථා රැසක් පසුගිය දින කිහිපයේ මාධ්ය මගින් විකාශය කළේය. ඒ්වා මගින් පුද්ගලයන්ගේ අනන්යතාවයට හානිකරන අයුරින් කළ වාර්තා කිරීම් ගැන අපි පසුව වෙනම පැමිණිල්ලක් මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. කෙසේ වෙතත් මේ පැමිණිල්ල වෙනත් කාරණයක් ගැනයි.
 
නිරෝධානය නියෝග පැවැතිය ද, රටේ ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය එමගින් කිසිසේතම හීන කළ නොහැක. ‍‍‍මේ අනුව ජනමාධ්යවේදීන්ට සහ ජනමාධ්ය ආයතනවල ඇතැම් සේවකයන්ට ඇඳිරිනීතිය පැවැතියද රාජකාරි සඳහා යාම් ඊම් කිරීමට පහසුකම් තිබිය යුතුය.
 
පොලිසිය ජනමාධ්යවේදීන්ගේ සහ මාධ්ය ආයතනවල සේවකයන්ගේ රාජකාරි හැඳුනුම්පත ඇඳිරිනීතිය බලපත්රයක් ලෙස සැලකීමට තීරණය කර ඇති අතර ඒය බෙහෙවින්ම පැසසිය යුතුය. එය භාවිත කළ යුත්තේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහාම පමණක් බව අපගේ විශ්වාසයයි.
 
අධ්යක්ෂ ජනරාල්තුමනි,
 
කරුණු මෙසේ තිබෙද්දී හිරු රූපවාහිනී නාලිකාව මගින් ඊයේ තලවතුගොඩ ප්රදේශයේ හිරු ලයිෆ් ස්ටුඩියෝහිදී රියැලිටි වැටසටහනක් සංවිධානය කර එය සජීවීව විකාශය කළේය. 'හිරුස්ටාර්' නම් ඒම වැඩසටහන සඳහා ජනමාධ්යවේදීන් හෝ ජනමාධ්ය සේවකයන් නොවන , ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමට කිසිසේත්ම අදාලන නොවන පිරිසක් කොළඹට කැදවා මෙම වැඩසටහන පැවැත්විණි. ඊට පෙර දින කොළඹ පැවැති මංගල සාදයක් පවා පොලිසිය සහ සෞඛ්ය අංශ විසින් නතර කර දැමූ පසුබිමක මෙවැනි වැඩසටහනක් පැවැත්වූයේ කෙසේද යන්න බරපතල ප්රශ්නයකි. ඊටත් වඩා බරපතල ප්රශ්නය මෙම වැඩසටහන සඳහා පිරිස් කොළඹට පැමිණියේ කෙසේද යන්නයි. සාමාන්ය පුරවැසියන්ට බලපාන නීතිය ඔවුන්ට බලනොපාන්නේ ඇයිද යන්න සමාජ මාධ්ය ඔස්සේ බොහෝ පිරිසක් ප්රශ්න කර තිබිණි.
 
මෙහි බරපතලම කාරණය නම් මෙවැනි අත්තනෝමතික වැඩ නිසා ජනමාධ්යවේදීන්ට ද සිය වෘත්තීය කටයුතු හරිආකාරව කරගෙන යාමට අවකාශය නැතිවීමයි.
මීට පෙර එනම් පසුගිය අප්රේල් මාසයේ ද, ඇඳිරිනීතිය තිබියදී සහ දිස්ත්රික් අතර ගමනාගමනය සීමා කර තිබිය දී හිරු නාලිකාව විසින් අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබිණි.. එම උත්සවයේ පුහුණුවක් බව කියන වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූු අතර ඒම වීඩියෝව සමාජ මාධ්යවලට මුදා හැරියේයැයි කියමින් හිරු ජ්යෙෂ්ඨ මාධ්යවේදියකු, වේෂ නිරූපන ශිල්පියකු ඇතුළු පිරිසක් කිසිම විනය පරීක්ෂණයක් නැතිවම සේවයෙන් පහ කරනු ලැබීය. එවර ද නිරෝධායන නියෝග උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් පැවැත්වූයේ නැත.
 
මෙවර හිරු රූපවාහිනිය එම වැඩසටහන ඊයේ රාත්රී සජීවීව විකාශය කරද්දී මාධ්යවේදීන් විසින් ඒ ගැන බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම් දී තිබිණි. නමුත් අදාල වැඩසටහන පැවැත්වීම ගැන නීතිමය ක්රියාමාර්ගයක් අරගෙන තිබුණේ නැත.
 
මෙම වැඩසටහනේ ඊළඟ අදියර අද දිනයේ පැවැත්වීමට නියමිත බව දැනගන්නට ඇත. නීතිය නොතකා හෝ නීතිය වෙනසක් කර හෝ මෙවැනි දෑ කිරීම බරපතල තත්ත්වයකි. එමගින් නිරෝධායනය ගැන රජයේ ප්රතිපත්තිය ජනතාවගේ ප්රශ්න කිරීමට ලක්වනු ඇත. රජයේ ප්රතිපත්ති ජනතාව විසින් ප්රශ්න කිරීම ප්රජාතන්ත්රවාදයේ යහපත් ලක්ෂණයක් වුවද මෙම අවස්ථාවේ නිරෝධායනය ගැන නීති දෙකක් පැවැතීම ප්රශ්න කිරීම බරපතල තත්ත්වයකට තල්ලුවිය හැකිය. ඒ් මෙලෙස නීතිය දෙආකාරයකට ක්රියාත්මක කිරීම නිසා ජනතාව නිරෝධායන නියෝග නොතකා හැරීමට ලක් කළ හැකිය. එමගින් මෙම රෝග සීඝ්රයෙන් පැතිරීම මගින් ජන ජීවිධ අවධානමට ලක්වනු ඇත.
 
නිරෝධායන නියෝග පැවැතිය යුත්තේ ජනතාව මර්දනය කිරීමට නොව ජනතාවගේ ආරක්ෂාව සඳහාය. නිරෝධායනය යැයි කියමින් ජනතාව ඒ්කරාශීවන විරෝධතා මර්දනය කරනා අතරතුර මෙවැනි රියැලිටි වැඩසටහන් කිරීමට අවස්ථාව දීම බරපතල කාරණයකි. එබැවින්, මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමු. මේ කිසිවකින් ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සහ ප්රජාතන්ත්රවාදීව සාමකාමීව රැස්වීමට ඇති ඇයිතිය හීන කරනු නොලැබිය යුතු බව ද අවසානයේ අවධාරණය කරමු.
 
ස්තුතියි.
මෙයට විශ්වාසී,
(අත්සන් කළේ,)
සභාපති සහ ලේකම්
 
ශ්රී ලංකා තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
පිටපත්
1) චන්දන වික්රමරත්න මහතා - වැඩබලන පොලිස්පති
2) අජිත් රෝහණ මහතා - නියෝජ්ය පොලිස්පති, නීති දිසාව
3) රුවන් ගුණසේකර මහතා - අධ්යක්ෂ, පොලිස් නීති කොට්ඨාසය.
4) ජගත් පී විජේවීර මහතා - ලේකම්, ජනමාධ්ය අමාත්යංශය
5) නාලක කළුවැව මහතා - ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්
6) සභාපති, මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය.
7) සභාපති, රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය.
8)සභාපති, ජාතික පොලිස් කොමිෂන් සභාව.
9) සභාපති, ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
10) සභාපති, රාජ්ය සේවා කොමිෂන් සභාව

COVID-19 ආසාදිතයන් අපරාධකරුවන් ලෙස වාර්තා කිරීම සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ලෙස වාර්තා කිරීම මාධ්‍ය ආචාරධර්මවලට පටහැනි බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පසුගිය 11 වෙනි දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය එම නිවේදනය පහත පරිදිය.

මාධ්‍ය නිවේදනය
COVID-19 ආසාදිතයන් අපරාධකරුවන් ලෙස වාර්තා කිරීම සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ලෙස වාර්තා කිරීම මාධ්‍ය ආචාරධර්මවලට පටහැනියි.
COVID-19 පිළිබඳ වාර්තා කරද්දී ඇතැම් ජනමාධ්‍ය රෝගය ආසාදනය වූවන්ගෙගේ සහ රෝගය අසාදනය වූවායැයි සැකකරන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් කරන වාර්තා කිරීම් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.
ජනමාධ්‍යවලට සිය රාජකාරි කරගෙන යෑමට ඉඩ ඇත්තේ ලෝකයේ පොදුවේ පිළිගත් ජනමාධ්‍ය ආචාරධර්මවලට සහ ශ්‍රී ලංකාවේ බලපවත්නා නීති රාමුව ඇතුළේ සිටිමින් බව අපගේ විශ්වාසයයි.
COVID-19ආසාදිතයන් සහ ආසාදනය වූවායැයි සැකකරන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ සිටම ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේ ආසාදිතයන් වැරදිකරුවන්යැයි යන හැඟීම මහජනතාවට ඇතිවන අයුරින් සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානිවන අයුරින්ය. මීට පෙර කොරෝනා බෝකරන්නේ ඒක්තරා ජාතියකට අයත් පිරිසක් බවට ඒ්ත්තු ගැන්වීමට පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල ව්‍යාජ පුවත් පවා ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළ අතර ඒය සමාජයේ දැඩි කතාබහකට ලක් විය.
මෙවර COVID-19 ආසාදනය වීම සම්බන්ධයෙන් ඇතැම් ජනමාධ්‍ය ඇඟලුම් සේවක සේවිකාවන් අගතියට පත්වන ආකාරයෙන් සහ ඔවුන් කෙරෙහි සමාජයේ ද්වේශයක් ඇතිවන ආකාරයෙන් වාර්තා කිරීම් කර තිබෙනු දක්නට ලැබිණි. ඒමෙන්ම කොරෝනා ආසාදනය වූවන්ගේ සහ ආසාධිතයැයි සැක කරන පුද්ගලයන්ගේ නිවාස පෙන්වමින්, ඔවුන්ට පී.සී.ආර්පරීක්ෂණය සිදු කරන ආකාරය පෙන්වමින් සහ ඔවුන්ගේ මුහුණු පෙන්වමින් වාර්තා කිරීම් සිදු කරන ආකාරය පසුගිය දින කිහිපයේම දක්නට ලැබිණි. මෙවැනි වාර්තා කිරීම් යහපත් ජනමාධ්‍ය සංස්කෘතියකට කිසිසේත් ගැලපෙන්නේ නැත. එම වාර්තා කිරීම් මාධ්‍ය ආචාරධර්ම අමුඅමුවේ උල්ලංඝණය කිරීමකි.
රෝගය ආසාදනය වූවන් ඉදිරිපත් නොවීමට සහ ඉදිරිපත් වීමට බියක් දැක්වීමට ප්‍රධානම හේතුව ජනමාධ්‍ය මගින් COVID-19ආසාධිතයන් අපරාධකරුවන් සේ සලකා කරන වාර්තා කිරීම සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වන ආකාරයට වාර්තා කිරීම බව අපගේ විශ්වාසයයි.
COVID-19නිසා පීඩාවට පත්වී සිටින ජනතාවට ජනමාධ්‍ය නිසා තවත් පීඩනයක් ඇතිවීම සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයකි. එබැවින් මෙවැනි ආචාර ධර්ම විරෝධී සහ සහ නීති විරෝධී වාර්තා කිරීම් නතර කරන ලෙසත්, ආචාරධාර්මිකව වාර්තා කිරීම් සිදු කරන ලෙසත් අපි ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිමු.
ස්තුතියි.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය ඉල්ලයි

මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් කම්හලේ ඛේදවාචකය සේවක සේවිකාවන් නූතන වහලූන් ලෙස යොදා ගැනීම ගැන බොහෝ දේ කියන්නක් බව නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම්, ඇන්ටන් මාක්ස් මහතාගේ අස්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
සැප්තැම්බර් 20 වන දින සිට පළමු වරට ඔක්තෝම්බර් 04 වන ඉරිදා පළමු සේවිකාව රෝහලේදී පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කරන තෙක් බ‍්‍රැන්ඩික්ස් සමාගම රෝග ලක්ෂණ තිබූ කිසිදු සේවකයෙකු සම්බන්ධයෙන් කිසිදු වැදගත් පියවරක් නොගත් බව ද එම නිවේදනයේ දැක්වේ.
මිනිස් ජීවිත පිළිබ`දව දක්වන මේ බරපතල නොසැළකිල්ල ඇගළුම් කර්මාන්තයේ අනෙක් කම්හල්වලද එසේම යැයිද ”ගෞරවාන්විත රැුකියා” සඳහා කිසි වැදගත්කමක් නොදෙන ඇගළුම් ක්ෂේත‍්‍රයෙහි කෝවිඞඩ්-19 වසංගතය පාලනය කිරීමේ සෞඛ්‍යාරක්ෂිත පියවර තිබිය නොහැකි බවද සංගමය වැඩිදුරටත් කියා සිටී. ඇගළුම් හා අපනයන නිෂ්පාදන ක්ෂේත‍්‍රය වරදකාර
හැගීමකින් තොර වැදගත් ක්ෂේත‍්‍රයක් බවට පත් කරන මෙන් කම්කරු දෙපාර්තමේන්තුවෙන් සංගමය ඉල්ලා සිටී.

විදෙස්ගතව සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 2600කට අධික ප්‍රමාණයක් මේ වන විට කොවිඞ් ආසාදිතයන් වී ඇතැයි වාර්තා වේ. එම පිරිස අතරින් මරණ 67ක් ද වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. සෞදි අරාබිය, කටාර්, කුවේට්, ඕමාන් ඇතුළු රටවල් 17කින් එම මරණ වාර්තා වී ඇත.

Popular Tags

වම් ඉවුරේ වෙබ් නාදය