Saturday, 02 December 2023

යුරෝපා සංගමය සමඟ පවතින රුසියානු සබඳතා නැවතීමේ තත්ත්වයක් කරා යුරෝපා සංගමය හිතාමතාම කටයුතු සම්පාදනය කරමින් සිටින බව රුසියානු විදේශ අමාත්‍ය ස්ර්ජෙයි ලැව්රෝව් පසුගිය දා ප්‍රකාශ කළේය.
රුසියානු ‘වල්දායි’ සාකච්ඡා මණ්ඩපයේදී ඔහු මේ බව කියා සිටියේ, ඇලෙක්සි නවල්නී නම් රුසියානු විපක්ෂ ක්‍රිකාරිකයාට වසදී මරාදැමීමට තැත්කිරීම යන චෝදනාව පදනම් කරගෙන තහංචි පනවන්නට යුරෝපා සංගමයේ විදේශ ආමාත්‍යවරු තීරණය කිරීම පිළිබඳව අදහස් දක්වමිනි. 


යුරෝපා සංගමයේ සභාපතිනිය වන උර්ශුලා බොන්වර් ලෙයන් ප්‍රකාශ කරන පරිදි රුසියාව සමඟ භූ දේශපාලන සබඳතා පැවැත්වීම ඔවුනට අපහසු නම්, ඒ පිළිබඳ තම රටට ගැටළුවක් නොමැති බව ස්ර්ගේයි ලැව්රෝව් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

චීනය හා එක්සත් ජනපදය අතර ද්වීපාර්ශ්වීය වෙලදාමේ ශේෂය චීනයට වාසිදායක ලෙසින් වැඩි වී ඇත.


මේ වසරේ ඉකුත් සැප්තැම්බර් මාසයේ මෙම වැඩි වීම ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සිය ධූරයේ වැඩ භාරගත් 2017 ජනවාරි මාසයට සාපේක්ෂකවය.
මෙසේ වෙළඳ ශේෂය චීනයට වාසිදායක ලෙස වර්ධනය වන්නේ මේ වසරේ සිට ක්‍රියාත්මක වන ඇමරිකා චීන වෙළඳ ගිවිසුමට අනුව ඇමරිකානු නිෂ්පාදනයන් චීනය විසින් මිලදී ගැනීම 24.7% කින් වැඩි වී තිබුණු පසුබිමකය. එම ගිවිසුම යටතේ සෝයා බෝංචි, තිරිගු මස් වර්ග හා වෙනත් භාණ්ඩ රැසක් චීනය ආනයනය කරනු ලබයි.


පසුගිය කාලය තුළ චීනයේ නිෂ්පාදිත විද්‍යුත් හා වෛද්‍ය උපකරණ ඇමරිකාවට ආනායන කිරීම 20.36% කින් (ඇමරිකානු ඩොලර් බිලියන 44 කින්) ඉහළ ගොස් ඇත. 2019 සැප්තැම්බර් මාසයට වඩා 2020 සැප්තැම්බර් මාසය වන විට ඇමරිකාවට සිදු කර ඇති චීන අපනයන 18.8%කින් ඉහළ ගොස් ඇත.

පසුගිය ඔක්තෝබර් 13 වන දින පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ආසන 15ක් සඳහා වූ ඡන්ද විමසීමේදී රුසියාව නිතරගයෙන් තේරීපත් වූ අතර චීනය, කියුබාව හා නේපාලය යන රටවල් ද තෝරාපත් කර ගැනිණ.


ඡන්ද විමසීමට ඉදිරිපත් වී සිටි සෞදි ආරබිය පරාජයට පත් වීම කැපී පෙනුණි.


ඊශ්‍රායලයට විරුද්ධව මානව හිමිකම් කවුන්සිලය කටයුතු කරන බව චෝදනා කරමින් 2018 දී කවුන්සිලයෙන් ඉවත් වූ ඇමරිකා එක්සත් ජනපදය මෙවර මානව හිමිකම් කවුන්සිලයේ ඉහත සඳහන් රටවල් තේරීපත්වීම පිළිබඳව සිය විරුද්ධත්වය පළ කරසිටීම ජාත්‍යන්තර මධ්‍යස්ථ විචාරකයන්ගේ මවිතයට
හේතු විය.

විල්ෆ්‍රඩ් ජයසිංහ 


 

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් සටන් විරාම ගිවිසුමක් සඳහා අත්සන් තැබීම ජනවාරි 13 වෙනි සඳුදා  මොස්කව් නගරයේ දී සිදුවීමට නියමිත ය. 

ලිබියාවේ ජාතික සම්මුතියේ ආණ්ඩුව ඉරිදා නිකුත් කළ නිවේදනයකට අනුව සටන් විරාමය 11 වෙනි ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ. ඒ එදිරිවාදි කම් අත්හැරීමේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල එකඟතාවය ප්‍රකාශ කිරීමත් සමග ය.

ලිබියාවේ ගැටුම් 2014 දී පැතිර ගියේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් අතර බලය බෙදී යාම සමගය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලද ට්‍රිපොලි නගරය පදනම් කරගත් ජාතික සම්මුතියේ ආණ්ඩුව (GNA) සහ ලිබියානු ජාතික හමුදාව සමග සන්ධානගතව සිටින ට්‍රිපොලි නගරය අත්පත් කර ගැනීමට අපේක්ෂා කරන කලීෆා ගන්ථාර් නායකත්වය ලබා දෙන ලිබියානු ජාතික හමුදාව සමඟ සංධානගතව සිටින ට්‍රොට්බුක් පදනම් කරගත් ආණ්ඩුව අතර ගැටුම් නිර්මාණය විය. GNA අගමැති ෆොයෙන් අල්දුරාජ් අද දින මොස්කව් නගරයට පැමිණීමට නියමිත අතර ලිබියානු ජාතික හමුදාවේ නායක කලීෆා හන්මාර් ඊයේම මොස්කව් නගරයට පැමිණියේ ය. ලිබියානු ජනතාවට ආයාචනයක් කරන GNA අග‍මැතිවරයා අතීතයේ පිටු පෙරලා දමන ලෙසත් අසම්මුතිය ප්‍රතික්ෂේප කරන ලෙසත් ස්ථාවරත්වය හා සාමය වෙනුවෙන් ඉදිරියට ගමන් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

මේ අතර ජාත්‍යන්තර ප්‍රජාව මෙම සටන් විරාම ගිවිසුම පිළිබඳ තම දැඩි සතුට ප්‍රකාශ කර සිටී. මෙම ස්වර්ණමය අවස්ථාව ගැටුමට පදනම් වු දේශපාලන, ආර්ථික, හා ආරක්ෂාව පිළිබඳ කරුණු කෙරෙහි ආමන්ත්‍රණය කිරීමට යොදා ගන්නා ලෙස ඔව්හු දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිති.

 

වම් ඉවුරේ වෙබ් නාදය