Saturday, 18 September 2021

සමාජවාදී චීනය දිළිඳුකම තුරන් කරයි

චීනය දරිද්‍රතාවය ජයගනිමින් මානව වංශ කතාවේ ඉතිහාසයේ මහා ජයස්ථම්භයක් කරා පැමිණ ඇත. 

නිරිතදිග චීනයේ ගුයිෂෝ ප්‍රාන්තයේ අවසන් දුප්පත් කලාප නවය නිරපේක්ෂ දරිද්‍රතාවය තුරන් කර ඇති බව පළාත් රජය සඳුදා (23.11.2020) නිවේදනය කළේය. මෙයින් අදහස් කරන්නේ චීනයේ ලියාපදිංචි දරිද්‍රතා කලාප 832ම දරිද්‍රතාවයෙන් මිදී ඇති බවයි.


මේ මස මුලදී තෙවන පාර්ශ්වීය ආයතන විසින් කරන ලද තක්සේරුවකින් පෙනී ගොස් ඇත්කේ ගුයිෂෝහි කලාප නවයේ සමස්ත දරිද්‍රතාවයේ ප්‍රතිශතය බින්දුව දක්වා අඩු වී ඇති බවත්, එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව අතර තෘප්තිමත් බවේ අනුපාතය සියයට 99 ඉක්මවා ඇති බව යැයි දරිද්‍රතාවය තුරන් කිරීමේ හා සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අධ්‍යක්ෂ ලී ජියාන් පැවසීය.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ එම ප්‍රාන්තයේ දරිද්‍රතාවය පිටුදැකීමේ හා සංවර්ධනය පිළිබඳ කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී ය.


මෙම කලාප නවයේ දිළිඳු ජනතාවගේ සාමාන්‍ය වාර්ෂික ශුද්ධ ආදායම යුවාන් 11,487ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය මේ වසරේ නියම කර ඇති යුවාන් 4,000 ක ජාතික දරිද්‍රතා රේඛාවට වඩා ඉහළ මට්ටමක පවතින බව ලී පෙන්වා දුන්නේය.


2020 අවසන් වන විට නිරපේක්ෂ දරිද්‍රතාවය තුරන් කිරීමට චීනය ප්‍රතිඥා දී තිබුණි. 2019 අවසානයේදී රටේ වයඹ, නිරිතදිග හා දකුණේ කලාප 52ක් දරිද්‍රතා ලැයිස්තුවේ රැඳී සිටියහ. මෙම මස මුලදී, සින්ජියැන් උයිගර් ස්වයං පාලන කලාපය, ගුවැන්සි ෂුවාං ස්වයං පාලන කලාපය, නින්ග්ෂියා හුයි ස්වයං පාලන කලාපය මෙන්ම යුනාන්, සිචුවාන් සහ ගන්සු පළාත්වල දරිද්‍රතාවයෙන් මිදුණි. විශාලතම දුප්පත් ජනගහනය සහිත පළාත් මට්ටමේ කලාපයක්ව පැවති ගුයිෂෝ 2012 සිට මිලියන 9 කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගෙන තිබේ.


”දරිද්‍රතාවයෙන් පෙළෙන සෑම ප්‍රාන්තයක්ම ඉවත් කිරීමෙන් ඇගවෙන්නේ චීනය සහශ්‍ර ගණනාවක් පුරා පැවති දරිද්‍රතාවයේ ප්‍රශ්නය විසඳා ඇති බවයි”යැයි ගුයිෂෝ සමාජ විද්‍යා ඇකඩමියේ පර්යේෂක ගා ඕ ගෑන්ග් පැවසීය.


නව සංවර්ධන අවධියේදී දරිද්‍රතාවය තුරන් කිරීමේ ජයග්‍රහණ තහවුරු කර ගැනීම සඳහා වඩ - වඩාත් ග්‍ර මීය සක්‍රීයකරන උත්සාහයන් පවත්වාගෙන යායුතු බව ගා ඕ මහතා පෙන්වා දුන්නේය. දරිද්‍රතා ලැයිස්තුවෙන් මෑතකදී ඉවත් කළ කලාප නවයෙන් එකක් වන්නේ යාන්හේ ටුජියා ස්වයං පාලන කලාපයයි. ඔක්තෝබර් අග දී, යාන්හේ බියන්ජියැන් ගම්මානයේ පදිංචිකරුවෙකු වන චෙන් මාෆු, ඔහුගේ පවුල දරිද්‍රතාවයෙන් මුදවා ඇති බවට තහවුරු කරන ලියවිල්ලකට අත්සන් තැබීය.


”මගේ පුතුන් දෙදෙනා දැන් ෂෙජියැන්ග් පළාතේ සේවය කරන අතර පෙරට වඩා ඔවුන්ගේ තත්වය ඉතා හොඳය”. චෙන් පැවසුවේ ඔහුගේ පවුලේ සාමාජිකයන් පස් දෙනාගෙන් සෑම අයෙකුගේ වාර්ෂික ශුද්ධ ආදායම යුවාන් 10,000 ඉක්මවන බවයි. බියන්ජියැන් හි පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය 2014 දී ලියාපදිංචි දුප්පතුන් 699ක් සිටි තත්වයට වඩා හාත්පසින්ම වෙනස් ය. ”බියන්ජියැන් හි දරිද්‍රතාවයට ප්‍රධාන හේතුව දුර්වල ප්‍රවාහන සේවාවයි. ගමෙන් පිටතට යා හැකි එකම මාර්ගය වූයේ කඳු මුදුන අසල ඇති පටු අඩිපාරක්” යැයි චෙන් පැවසීය.


පසුගිය වසරවල චීනය දරිද්‍රතාවය අවම කිරීම සඳහා සිය ප්‍රයත්නයන් තීව්‍ර කරද්දී, ගම බාහිර ලෝකය හා සම්බන්ධ කරමින් නව මාර්ග ඉදිකරන ලදි. චෙන්ගේ නිවසට යන අඩිපාර පවා කොන්ක්‍රීට් අතුරා සකස් කරනු ලැබ ඇත. ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ ප්‍රතිපලයක් ලෙස ධීවර, පශු සම්පත් ඇතුළු ග්‍රාමීය කර්මාන්ත දියුණු වී ගම සමෘද්ධිමත් වීමට පටන් ගත් අතර එමගින් ප්‍රදේශවාසීන්ගේ ආදායම් තත්ත්වය දියුණු විය.


මේ වසරේ නිරපේක්ෂ දරිද්‍රතාවය තුරන් කිරීමත් සමග චීනය එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධනය සඳහා වූ වැඩසටහනේ දරිද්‍රතාවය අවම කිරීමේ ඉලක්කය නියමිත කාලයට වඩා වසර 10කට පෙර ජයග්‍රරහණය කොට ඇත.


පසුගිය වසර 40 කාලය තුළ මිලියන 850ක් පමණ චීන ජාතිකයෝ දුගී බවින් මුදා ගැනී ඇත. වසර 2012 දී පැවති 18 සමුළුවේදී චීන කොමියුනිස්ට් පක්ෂය ශතවර්ෂ ඉලක්ක දෙකක් ප්‍රකාශයට පත් කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100 පිරීමට නියමිත 2021 වනවිට චීනය දුගී බවින් මිදීමේ ඉලක්කය  චීන විප්ලවය ජයග්‍රහණය කොට වසර 100ක් පිරීමට නියමිත 2049 වනවිට චීනය නවීන, සංවර්ධිත, සෞභාග්‍යමත්, සහජීවනයෙන් පිරි, සංස්කෘතික, අලංකාර සහ හරිත වූ සමාජවාදී රාජ්‍යයක් බවට පත්වීමේ ඉලක්කය 2012 දී පැවති 18 චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුවෙන් පසු 2019 දක්වා කාලය තුළ මිලියන 95ක ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදා ගැනී ඇත.


දැනට මිලියන 90කට අධික සාමාජිකත්වයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වූයේ සාමාජිකයින් 58 දෙනෙකුගෙන් යුතුව 1921 දීය. සාමාජිකයන් 12 දෙනෙක් සහභාගී වූ ප්‍රථම ජාතික සමුළුව 1921 ජූලි 23 දා සිට 31 දක්වා පැවැත්වුණේ ශැන්හයි නගරයේදීය. ප්‍රදේශබද යුද අධිපතියන්, විදේශ හමුදාවන්, දෙවන ලෝක යුද සමයේදී ජපන් ආක්‍රමනිකයින් හා අවසානයේ කු ඕමින්ටෑන්ග් රජයේ හමුදාවන් පරාජය කරමින් 1949 ඔක්තෝබර් මාසයේදී චීන විප්ලවය ජයග්‍රහණය කළේය.


චීනයේ මෙම ඓතිහාසික ජයග්‍රහණය චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම සමාජවාදයේ ජයග්‍රහණයක් බව ජාත්‍යන්තර විචාරකයින්ගේ මතයයි. 

 

වම් ඉවුරේ වෙබ් නාදය