Tuesday, 16 April 2024

කොවිඩ් - 19 ට එරෙහිව පූර්ණ ප්‍රතිශක්තිකරණය චීනයේ 69%කි

ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ දත්තවලට අනුව, සඳුදා (සැප්තැම්බර් 06) වන විට මිලියන 969කට වැඩි චීන ජනතාවක් හෝ රටේ මුළු ජනගහනයෙන් සියයට 69ක් පමණ කොවිඞ් - 19 ට එරෙහිව පූර්ණ එන්නත ලබා ගත්හ.

සමස්තයක් වශයෙන්, කෝවිඩ් - 19 එන්නත් මාත‍්‍රාවන් බිලියන 2.11කට අධික ප්‍රමාණයක් රට පුරා ලබා දී ඇති බව සෞඛ්‍ය කොමිසමේ රෝග පාලන හා වැළැක්වීමේ අංශයේ නියෝජ්‍ය ප්‍රධානී වූලියන්ගියෝ අගහරුවාදා බීජිංහි පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඔහුට අනුව බිලියන 1.09කට වැඩි ජනතාවකට හෝ රටේ මුළු ජනගහනයෙන් සියයට 77.6කට පමණ අවම වශයෙන් එක් මාත‍්‍රාවක් හෝ ලැබී තිබේ. කොවිඩ් 19 එන්නත් මිලියන 162.3කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 12 ත් 17 ත් අතර ළමුන් සඳහා ලබා දී ඇති බව ඔහු පැවසීය.

මේ වසරේ අවසානය වන විට සාමූහික ප්‍රතිශක්තිය ලබා ගැනීම චීනයේ අරමුණයි. එය සාක්ෂාත් කර ගැනීම සඳහා රටට ජනගහනයෙන් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කිරීම අවශ්‍ය වේ.

වම් ඉවුරේ වෙබ් නාදය