- දේශපාලන විග්‍රහය
- Posted On
යූඑන්පීයට 75යි ශ්‍රීලනිපයට 70යි - දෙකම කොට උඩ - සිදු වූයේ කුමක්ද? - සිදුවිය හැක්කේ කුමක්ද?
1946දී පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකාවේ පළමුවැනි කොම්ප්රදෝරු පන්තියේ ධනපති පක්ෂයට වයස 75කි. 2020 වන විට එය දෙකට කැඩුණි.
1951දී පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ධනපති පංතියේ දේශපාලන පක්ෂයට වයස 70කි. 2020 වන විට එයද දෙකඩ විය.
මේ පක්ෂ දෙක වසර 72ක් රට පාලනය කළ පක්ෂයි. යූ.ඇන්.පී.ය වසර 40ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 33ක්ද, රට පාලනය කර ඇත.
පක්ෂ දෙකම දෙකඩ වූයේ ප්‍රතිපත්තිමය කාරණා උඩ නොව මනෝමූලික අවශ්‍යතා නිසාය. මනෝමූලික කාරණා අත්හැරිය හොත් කැඩුණු පක්ෂ දෙකටම යළි එකතු විය හැකිය. ප්‍රතිපත්තිමය ගැටලූ නොමැති හෙයිනි. පක්ෂ දෙකටම ජාතික මට්ටමේ නායකයින් හිඟ වීමද බලපා ඇති සාධකයකි.
එක්සත් ජාතික පක්ෂය ආරම්භයේ සිටම ප්රතාපවත් පක්ෂයක් විය. ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්තියේ ස්ථර දෙකම අධිරාජ්‍ය ගැති කොම්ප්රදෝරු ස්ථරයත්, ජාතික ධනේශ්වර ස්ථරයත් එක්ව මුස්ලිම් හා දමිළ ධනපති පන්තියේ ඉහළම තලයත් එකට එක්ව සංවිධානය වූ දැවැන්ත පක්ෂයක් විය. දිවයින පුරා සියලූ දිස්ත්‍රික්කවල මහ ධනපති පන්තිය ඊට ඇතුළත් වූහ. සිංහල ධනපති පන්තියට අයත් සේනානායක-කොතලාවල-ආටිගල සමූහ පවුලත්, විජේවර්ධන-ජයවර්ධන පවුලත්, බණ්ඩාරනායක පවුලත් නායකත්වයේ වැජඹුණු ප්‍රබල පවුල් විය. එම නිසාම යූ.එන්.පී.ය යනු උන්ගේ නෑදෑයින්ගේ පක්ෂය වශයෙන් විරුද්ධවාදීහු හැඳින්වූහ. 1951දී බණ්ඩාරනායක පවුල ඉන් ඉවත්වීමෙන් යූ.එන්.පී.ය තරමක් දුර්වල විය. එහෙත් ඩඞ්ලි සේනානායකගේ නායකත්වය යටතේ ඉදිරියට පැමිණියහ.
ජේ.ආර්. ජයවර්ධන දේශපාලනයෙන් ඉවත් වීමත් සමඟ පක්ෂ නායකත්වය ප්‍රභූ පවුල් සමූහයෙන් ගිලිහී ගියේය. ඉතිරි වූයේ ජයවර්ධන-විජයවර්ධන පවුලට අයත් රනිල් වික්‍රමසිංහ පමණක්ය.
පක්ෂයේ බැස්ම ආරම්භ වූයේ රනිල්ගේ නායකත්ව සමයේය. වරක් අහම්බෙන් බලයට පැමිණි රනිල්ට බලයේ රැඳී සිටීමට නොහැකි විය.
රනිල්ගේ නායකත්වයට අභියෝගයක් එල්ල වූයේ රණසිංහ ප්‍ර මදාසගේ පුත් සජිත් ප්‍රේමදාස දේශපාලනයට අවතීර්ණ වූවායින් පසුවය. රනිල්ගේ නායකත්වයෙන් ජනතාව ඉවත් වී යාම ආරම්භ වීමත් සමග සජිත් පක්ෂය තුළ ශක්තිමත් විය. පක්ෂය තුළ ප්රතිවිරෝධතා උත්සන්න වූයේ ප්‍රතිපත්ති මත නොව රනිල්ගේ නායකත්වයට එරෙහිවය.
ආරම්භයේ සිටම එක්සත් ජාතික පක්ෂය බ්‍රිතාන්‍ය දේශපාලන ආරයට අනුව කොන්සර්වේටිව් ලිබරල් පක්ෂ දෙකේ එකතුවක් වැනිය. දමිල පක්ෂ සහ මුස්ලිම් පක්ෂ බිහි වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ දමිළ හා මුස්ලිම් ජනතාව ක්‍රමානුකූලව යූ.එන්.පී. යෙන් බැහැර විය.
නව ලිබරල්වාදය යටතේ ඉඩම් හිමි සහ නැගෙමින් ආ කාර්මික ධනපති පන්ති ස්ථරයෙන් දිය වී ගිය අතර එම රික්තය පුරවනු ලැබූවේ මූල්‍ය ප්‍රාග්ධන සහ වෙළඳ ස්ථරයන් විසිනි.
2020 මහ මැතිවරණයේදී යු.එන්.පි.ය ආසන එකට ඇද වැටීමත් සමඟ යූ.එන්.පී.යේ ජන පදනම බිඳ වැටුණි. සජිත් ප්‍රේමදාස තමන්ගේම පක්ෂයක් ගොඩ නැගීමත් සමග දැන් යූ.එන්.පී. දෙකඩ වී ඇත.
සිය 75 වන සංවත්සරය පැවැත්වීම සිදු වුණේ එවැනි පසුබිමකය. කොන්සර්වේටිව් ජාත්‍යන්තරයට සම්බන්ධ යු.එන්.පී.ය දැන් ජාත්‍යන්තර වශයෙන්ද කොන් වී ඇත.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිය 70 වන සංවත්සරය පැවැත්වමේදී සිය පක්ෂය දෙකඩ වී ඒ තුළින්ම අලූත් පක්ෂයක් (පොදුජන පෙරමුණ වශයෙන්) බිහි විය. එයද දෙකඩ වූයේ ප්‍රතිපත්ති මතට වඩා මනෝ මූලික සාධක හේතුකොට ගෙනය. එහි නායකත්වය නාමිකව මහින්ද රාජපක්ෂ දැරුවද එහි බලධාරියා බැසිල් රාජපක්ෂය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ සිටම බිහි වූයේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයක් හැටියටය. යු.එන්.පි.යෙන් ඉවත් වූ රැඩිකල් මෙන්ම ජාතික කොටස්වලට සමගාමී කොටස්ද ඇතුළත් ඇතුළු වූයේ ඔවුන්
වාමගාමී වීමට සමාජ ප්රජාතන්ත්රවාදීන් වීම නිසාය. බණ්ඩාරනායකට එක්වූ ශ්‍රී නිශ්ශංක, විල්මට් ඒ. පෙරේරා, බදුර්දීන්, මොහොමඞ්, ටී. බී. ඉලංගරත්න, ටී. බී. සුබසිංහ ආදීන් නිසා පක්ෂය වඩාත් අර්ථවත් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කෙදිනකවත් තනිව බලයට ඒමට බැරිවිය. වමේ පක්ෂ සමග සන්ධානගාමිව බල කෙරුණු සමාජවාදී රාජ්‍යයන් පිළිගැනීමට පුරෝගාමි කාර්යභාරයක් ඉටු කළ හෙයින්, වාමගාමි සුළු ධනේශ්වර කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ආකර්ෂණය විය. ඒ අනුව එහි දෘෂ්ඨිමය පදනම සමාජ ප්රජාතන්ත්රවාදී යයි අර්ථ දැක්විය හැකිය. මේ අනුව අද පවතින දේශපාලන සන්දර්භය නිදහසින් පසු අත් නොදුටු තත්ත්වයක් වශයෙන් සැලකිය හැකිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇත්තේ නිදහසින් පසු රට වෙනස් කළ පක්ෂය හැටියට සැලකිය හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමට මග පෑදුණේ මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෛත්‍රීපාල සිරිසේනට පැවරීමට ගත් තීරණය නිසාය. එම තිරණයට නතු වීමට මහින්ද රාජපක්ෂ එකඟ නොවූයේ ඇයිද යන්න තවමත් නොවිසඳී ඇති ප්රශ්නයකි.
1978 සිට මේ දක්වා ක්‍රියාත්මක වූ ආර්ථික උපාය මාර්ගය (නව ලිබරල්වාදය) වෙනස් කරලීමට තීරණය කරලීමට මහින්ද රාජපක්ෂට හෝ මෛත්‍රීපාල සිරිසේනට දේශපාලන ශක්තියක් නොවීය. එම ආර්ථික උපාය මාර්ග ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද අර්බුදයකට පත්ව ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ඉන් වෙන්වී නව පක්ෂයක් ගොඩනඟා ඇති පොදු ජන පෙරමුණ පත්ව ඇත්තේ උභතෝකෝටිකයකටය.
ජාත්‍යන්තර වශයෙන් වෙනස් වෙමින් පවතින ලෝක ආර්ථික රටාව සහ බල තුලනයද මේ පක්ෂ දෙකට දැඩි ලෙස බලපා ඇත.
ලිබරල් ප්රජාතන්ත්රවාදය සහ සමාජ ප්රජාතන්ත්රවාදය අතර හිරවී සිටි. මේ පක්ෂ දෙකේම සිටින දක්ෂිණාංශික කොටස් සතුව ඇත්තේද පත්ව ඇත්තේද අසීරු තත්ත්වයකටය.
මහින්ද රාජපක්ෂ දේශපාලනයේ යෙදී සිටින තෙක් පක්ෂ දෙක අතර සබඳතා පවත්වාගෙන යාමට හැකි වුවද, මහින්දගේ නික්ම යාමෙන් අනතුරුව පක්ෂ දෙක අතර මෙන්ම පක්ෂ දෙක තුළද ප්රතිවිරෝධතාවන් වර්ධනය වීමට කොන්දේසි පවතී. එය තීරණය කරනු ලබන්නේ නායකයින්ට වඩා පක්ෂ දෙක වටා ගොනු වී ඇති සුළු ධනේශ්වර බලවේගයන් විසින් බව කිවහැකිය. සමාන්තරව රනිල්-සජිත් අතර වර්ධනය වන්නාවූ ප්රතිවිරෝධතාවයන්, මෛත්‍රී-බැසිල් සන්ධානයට බලපා හැකිය.
රට තුළ ඉදිරියේදී ඇතිවන වර්ධනයන් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු පෙරමුණේ අනාගතය තීරණය වනු ඇත.
ශ්‍රී ලංකා සමාජය තුළ ක්‍රියාත්මක වන සුළු ධනේශ්වර බලවේගයන් වඩාත් රැඩිකල් ස්ථාවරයන්ට නතුවීමේ කොන්දේසි මෝරනු ඇත.
ඒ අනුව ගත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය සහ එක්සත් ජාතික පක්ෂයේ 7 5වන සංවත්සර දේශපාලනික වශයෙන් වැදගත්ය. තීරණාත්මකය.
වමේ බලවේගයන්ගේ හැසිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම පොදු ජන පෙරමුණට තීරණාත්මකව බලපා හැකිය.
දේශපාලන ලියුම්කරු විසිනි